කොග්ගල කර්මාන්ත ශාලාවකින්ද කොරෝනා..

October 10, 2020 at 12:00 pm | lanka C news
කොග්ගල කර්මාන්ත ශාලාවකින්ද කොරෝනා..

කොග්ගල පිහිටි Brandix ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ද කොරෝනා ආසාදිතයකු හඳුනාගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කරයි.

දැනට රෝහල් ගත කර සිටින රෝගීන් අතර එම පිරිස එම රෝගීන් ද සිටින බව ඔහු පැවසීය.

අද පෙරවරුවේ රූපවාහිනි නාළිකාවක් සමඟ එක්වෙමින් ඔහු සඳහන් කළේය.

මේ වන විට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සියලු රෝගීන් හඳුනාගෙන ඇති බවත් අනෙකුත් සියලුම සේවක පිරිස් නිරෝධයට ලක්කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම රෝගීන් හැරුණු විට රට පුරා ප්‍රදේශ කිහිපයකින් රෝගීන් වාර්තා වීම හේතුවෙන් අද මෙරට තුළ යම්කිසි අවධානමක් ඇතිව තිබෙන බවද ඔහු පැවසීය.

නමුත් පෙර පරිදිම රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙන්කර තැබීමට හඳුනා ගනිමින් සිටින බවද ඔහු පැවසුවේය.

කෙසේ නමුත් මෙහි සාර්ථකත්වයක් ලඟා කර ගැනීමට නම් මහජනතාවගේ කැපවීම අත්‍යවශ්‍ය බවද පැවසූ ඔහු සියලු දෙනාම එක හා සමානව කැප වුනොත් රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කර ගත හැකි යැයි ද කියා සිටියේ ය.

එසේ වුවද පෙර පරිදි අවශ්‍ය ප්‍රමාණයට වඩා සාමාන්‍යකරණය වීම සුදුසු නොවන බවද ඔහු පැවසීය.

57,562 views

3 Comments to “කොග්ගල කර්මාන්ත ශාලාවකින්ද කොරෝනා..”

  1. ක්‍රිමිනල් says:

    කිසිදේකට බයවෙන්නෙපා ; කර්මාන්ත ශාලා කියන්නේ සමාජය නෙවේ , සමාජයෙන් තාම කොවිඩ් ආසාධිතයො වාර්ථා වෙලා නෑ ; බ්ලා..බ්ලා..බ්ලා..

    ප:ලි ; පොඩ්ඩක් හරි ගැම්මට ඉන්නේ , ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා , කොවිඩ් මෙහෙයුම මෙහයවන හින්දා , බැරි වෙලාක්වත් සෞ.අ.ජ වගේ උන්දෑලා මෙහෙයුම භාර ගත්තනං , ලොවිත් නෑ ,ලොවි ගහෙත් නෑ ;

  2. Nandana says:

    විවාහ උත්සව අවලංගු කරන්න වෙනව මොකද එවාගේදි මිනිස්සු මාස්ක් දාන්නෙ නෑ . විවාහ කියන්නෙ කොරොනා පතුරුවන හොදම අවස්තවක්. දැනට 200 දෙනෙකුට සහභාගී වෙන්න අවස්තාව දීල තියෙනව මාස්ක් දාන්නේ නැතිව 200ක් එකම තැනක ඉදගෙන කාල බීල නටල බදාගෙන wish කරද්දි මොන තරම් අවදනමක් තියෙන්වද කියන එක ඇයි බලධාරින්ට තෙරුම් ගන්න බැරි

Main News