බ්‍රැන්ඩික්ස් මේ ආණ්ඩුව ගේන්න උදවු කලා.. එනිසා ඔවුන්ට කැමති වෙලාන ඉන්දියාවෙන් සේවකයන් ගෙන්වා ගත හැකියි..

October 11, 2020 at 6:24 am | lanka C news
බ්‍රැන්ඩික්ස් මේ ආණ්ඩුව ගේන්න උදවු කලා.. එනිසා ඔවුන්ට කැමති වෙලාන ඉන්දියාවෙන් සේවකයන් ගෙන්වා ගත හැකියි..

බ්‍රැන්ඩික්ස් ආයතනය රජය බලයට ගෙන ඒම සදහා මුදල් වියදම් කල නිසා රජයේ සහයෝගය එම ආයතනයට ලැබි ඇති බවත් , එම ආයතනයට ඉන්දියාවෙන් ඕනැම වේලාවක මිනිස්සු ගෙන එමේ බලය ලැබි ඇති බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා හැටන් නගරයේදි මාධ්‍යය හමුවක් පවත්වමින් එ බැව් පැවසිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ

රට තුල බරපතල සෞඛ්‍යය ගැටළුවක් මතු වෙලා තියෙනවා, ලෝකයටම මේ කොරොනා වෛසරය පැතිරෙමින් තිබෙනවා.

ලංකාවෙත් දෙවනි වටයේ රැල්ලක් මතුවෙමින් පවතිනවා. බොහෝ ස්ථානවලින් රෝගින් මතු වෙමින් පවතිනවා.

මේ අවස්තාවේ රටක් විදිහට නායකයෝ  සමාජය කටයුතු කලේ කෙසේදැයි ගැටළුවක් තියෙනවා.

වර්තමාන රජය ගැටළු වලදි මුහුණ දිමට අනුගමනය කරන්නේ චීන මොඩලය.

පණිවිඩකරුවා දඩයම් කිරිම, යම් කිසි තොරතුරක් ගෙනාපු පණිවඩිකරුව දඩයම් කිරිම.

ජයරුවන් බණ්ඩාර විශේෂඥ වෛද්‍යවරයාව ඉවත් කරන්නේ කුමන පදනමකින්ද ?

කවුද ඉවත් කලේ ? සෞඛ්‍යය ඇමතිනියද ඉවත් කලේ?

මේ විශේෂඥ වෛද්‍යවරයා කොරොනා වෛසරය පිලිබදව යම් යම් කරුණු මතු කරමින් පැවතුණා.

දැන් ගැටළුවක් මතු වෙනවා තොරතුරු මතු කල නිසාද ඉවත් කලේ? මේක තමයි චින ක්‍රමය.

තොරතුරු වසන් කිරිම බරපතල වරදක්. එකෙන් වෙන්නේ රෝගින් වැඩි වෙන එක.

මේ රජය අනුගමනය කරන්නේ එවැනි වැඩ පිලිවෙලක්.

පසුගිය කාලයේ පි සි ආර් පරික්ෂණ කරපු ගාණ කිව්වේ නැ. රෝගින් පිලිබදව තොරතුරු රටට කිව්වේ නැ.

ආණ්ඩුව චැම්පියන්ලා වෙන්න ගියා. ආණ්ඩුව තමන්ට කිරුළු පලද ගත්තා.

මේ වැනි රෝගයක් මර්ධනය කරන්න බැ තුවක්කු අතට දිලා , මිනිස්සු උසාවිගත කරලා , සිරගත කරලා. මිලිටරි යාන්ත්‍රය පෙන්නලා මේ රෝගය මර්ධනය කරන්න බැ.

මෙවැනි රෝගයක් මර්ධනය කරන්න පුළුවන් වෙන්නේ රටේ ජනතාව දැනුවත් කරලා.

මේ ආණ්ඩුව පසු ගිය කාලයේම සිදු කලේ තොරතුරු යටපත් කරපු එක ඒක නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ.

රට තුල මෙවැනි තත්ත්වයක් තියෙන කොට රාජ්‍යය තාන්ත්‍රිකයන් රටට එනවා.

මොකද්ද මේ මේ හදිස්සියේ චින රාජ්‍යය තාන්ත්‍රිකයන්ට රටට කඩා පනින්න තියෙන උවමනාව?

රාජ්‍යය තාන්ත්‍රිකයෝ අවට පස්සේ එ අයව නිරෝධානය කරන්න බැ.

බරපතල සැකයක් තියෙනවා චින ජාතික රාජ්‍යය තාන්ත්‍රිකයන් රටට ආවේ ඇයි කියන එක.

මේ හදන්නේ දෙවනි වටයෙන් ලංකාව චිනයට උකස් තියන්නද?

හදිසි පනත් ගෙන්න සුදානමින් ඉන්නේ, ආණ්ඩුව ව්‍යවස්ථා වෙනස් කරන්න සුදානමින් ඉන්නේ .

20 ගෙන්නේ පැය 48 න් ඕනි පනත් දලා සම්මත කර ගන්න. මේ රාජ්‍යය තාන්ත්‍රිකයන් එන්නේ එවට උපදෙස් දෙන්නද?

අපි ආණ්ඩුවෙන් අහනවා ලංකාව චිනයේ කොලනියක් කරලද තියෙන්නේ?

චින ජාතිකයන්ට එන්න පුළුවන් ඕනි වෙලාවක හැබැයි ලංකාවේ මිනිස්සුන්ට එන්න බැ.

ලංකාවේ ඉදන් මැදපෙරදිග රටවල් වලට ගිහින් ලංකාවට එන්න බැරුව හිර වෙලා ඉන්නවා මිනිස්සු , එහෙම තියෙද්දි චින ජාතිකයන්ට ඕනි ඕනි වෙලාවට මේ රටට රිංගන්න.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ අයිතිකරු සහ ආණ්ඩුව අතර තියෙන සම්බන්ධතාවය අපි දන්නවා.

කොච්චර ආණ්ඩුවට උදව් කරලා තියෙනවද, ආණ්ඩුවට බලයට එන්න මුදල් වියදම් කරපු විදිහ එහෙම රටතුල කතා වෙනවා.

එ නිසා ඒ අයතනයට ඕනි වෙලාවට ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්න හැකි වෙලා තියෙන්නේ?

චිනයට මෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනයට පුළුවන් වෙලා තියෙනවා ඕනි ඕනි වෙලාවට රාජ්‍යය තාන්ත්‍රිකයින් , සේවකයින් මේ රටට ගෙන්න.

මේ පුදුම නිතියක්නේ රටේ.

ලංකාවේ මනුස්සයෙකුට එන්න බැ කොම්පැණි වලට පුළුවන් ආණ්ඩුවට උදව් කරපු නිසාද?

දේශපාලන රැකවරණය තියෙන්න ඕනි නැත්තම් මෙහෙම රටට එන්න බැ.

මේ කොරොනා දෙවනි රැල්ල ගැන හොයද්දි අන්තිමට නතර වෙන්නේ එතනින්.

සේවක සේවිකාවන් කියනවනේ එ ආයතනයේ නිලධාරින් කටයුතු කරලා තියෙන විදිහ ගැන.

පැනඩොල් පෙත්තක් දිලා මිනිස්සුන්ගෙන් වැඩ අරගෙන තියෙනවා.

මේ ආණ්ඩුව සෞඛ්‍යය නිති රිති පිලිබදව ගැසට් එක එලියට දැම්මේ නැ.

එහෙම නිතියක් තිබුණා නම් මහජන සෞඛයය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍යය නිලධාරින්ට මේ ගැන හොයන්න තිබුණා.

ජනාධිපතිවරයා දහ පහලොස් දෙනෙක් ගෙනල්ලා පිප්පුවට රටක් පාලනය කරන්න බැ.

එකට අවශ්‍යය නිති රිති හදන්න ඕනි. සෞඛ්‍යය බලධාරින්ට බලය දෙන්න ඕනි.

ඇයි එහෙම කලේ නැත්තේ ?එක් තමයි මේ ආණ්ඩුවේ නව ලිබරල් චින්තනය.

ආණ්ඩුවට ඕනි මෙකෙන් ජනතාව ආරක්ෂා කරන්න, ආණ්ඩුවට ඕනි කෙහොම හරි ආයෝජකයෝ ගෙන්නලා, කොම්පැණි කාරයන්ට අවශ්‍යය පහසුකම් දිලා, සේවකයින්ව මරාගෙන කලා හරි ඒ ඕඩර් එක යවන්න. ලාභේ හොයන්න.

කොරොනා වෛරසය එක්ක පරණ ලෝකේ ඉවරයි, නව ලිබරල්වාදය ආසාර්ථකයි කියලා මුළු ලෝකයම පිලිගෙන තියෙන්නේ. විකල්ප හොයමින් ඉන්නේ.

මේ ආණ්ඩුව තාම එ වලිගයේ එල්ලිලා ඉන්නේ. ඒක නිසා තමයි සෞඛ්‍යය නිති ගැසට් එක එලියට එන්නේ නැත්තේ.

ගැසට් එක ආවනම් ආයෝජකයෝ පාලනය වෙනවා, ඒකට මේ අය බයයි.

ඒක තිබුණානම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැ.

ආණ්ඩුව වගකියන්න ඕනි මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිලිබදව.

ආණ්ඩුවෙන් වහාම සෞඛ්‍යය නිති රිති ඇතුලත් ගැසට් එක ඉදිරිපත් කරනන් ඕනි , අදාල බලධාරින්ට බලය දෙන්න ඕනි. රටේ ජනතාවට තොරතුරු දෙන්න.

මේ ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ජනතාව බිල්ලට දෙනවා. ඇදිරි නිතිය කඩ කලා තියලා මිනිස්සු සිර කරනවා.

එදාවෙල හම්බ කරන් කන මිනිස්සු පාරට යන්නේ නැතුව වෙන කොහේටද යන්නේ.

පසුගිය මාස තුනේ අපි දැක්කනේ ආණ්ඩුව වැඩ කරපු විදිහ. ජනතාවගේ පැත්තෙන් හිතන්න යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

72,421 views

33 Comments to “බ්‍රැන්ඩික්ස් මේ ආණ්ඩුව ගේන්න උදවු කලා.. එනිසා ඔවුන්ට කැමති වෙලාන ඉන්දියාවෙන් සේවකයන් ගෙන්වා ගත හැකියි..”

  1. MD says:

    ආ.ගෝනි බිල්ලා ටික දවසකට පස්සෙ ආයෙමත් මිනිස්සු නොමගට යවනවා.ඔයා බැලමෙහෙවර කම් කරපු යම පාලන ආණ්ඩුව අර MC ගිවිසුම බලහත්කාරයෙන් අත්සන් කලානම් අපිව මුහුදට දාන්න බලන් හිටියද ඔයා?

  2. සිරා says:

    මෙකා කවුද අදයි දෙක්කෙ
    මු මොන ngo එකකින් නඩත්තු වෙන එකෙක් ද

  3. අල්ලා says:

    බ්‍රැන්ඩිස් කෙරුවාව…
    //.. ඇත්තටම ඒ ගැන කියන්නත් කනගාටුයි. මාව සැප්තැම්බර් විසි නමවැනිදා රෝහල් ගත කළාට පස්සේ මං ගැන ආයතනයේ කිසිම කෙනෙක් හොයලා බැලුවේ නැහැ. එත්, ”කොවිඩ් 19” වයිරසය ආසාදනය වුණා කියපු ගමන්ම මට කෝල් කරලා මම ආශ්
    රය කළේ කවුද? කොහොමද ඔයාට කොරෝනා හැදුණේ කියලා ප්
    රශ්න කළා…//

    • COBRA says:

      බ්‍රැන්ඩික්ස් ආයතනය රජය බලයට ගෙන ඒම සදහා මුදල් වියදම් කල නිසා ඉන්දියාවේ කොරෝනා අසාධිතයින් අපේ රටට ගේමට අවසර තියනවද ? මුළු රටේම ජනතාව අනතුරේ හෙලීමට ..පුදුම කතාවක්නේ මේ කියන්නේ ..දේශපාලකයින්ට බලයට ගෙන ඒමට මුදල් ලබා දුන් නිසා අපේ මාතෘ භුමිය අනතුරේ හෙලීමට ආණ්ඩුවෙන් සහය දෙනවද ? පොහොට්ටුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසයට කුමක්ද මේ සිදුවෙන්නේ ? මේ ඇත්තක්ද ???බ්‍රැන්ඩික්ස් ආයතනය රජයට පවරා ගෙන එම ආයතනයෙන් ඉන්දියාවේ covid 19 වෛරස් අසාධිතයින් ගෙන්වීම සහ covid 19 වෛරසය බෝකිරීමට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි ..රෝගින්ට වන්දි මුදල් ලබා දිය යුතුයි

  4. Banda says:

    Forget idiotic Chamira, but Brandix irresponsibility brought absolute misery to people

  5. ක්‍රිමිනල් says:

    පහලම ස්ථරයේ ඉන්න පට්ට අන්ධ මෝඩ බෛයො හැර සමස්ථයක් වශයෙන් කරුණු කාරනා තෙරුම් බෙරුම් ගන්න පුළුවන් ඔනෑම පුද්ගලයෙකුට තෙරුම් ගන්න පුළුවන් කාරණාවක් තමයි , නිරොධායනය නිතීය කැඩූ පමනින් අත් අඩංගුවට ගන්නා සාමාන්‍ය ජනතාවට බලාත්මක වන නිතීය බ්‍රැන්ඩික්ස් ආයතනයට බල නොපාන බව , සහ රජයට කත් අදින මාධ්‍ය සහ ඉහල පෙලේ මාධ්‍ය ප්‍රකාශකයන් කිසි ලෙසකත් බ්‍රැන්ඩික්ස් ආයතනයට ටීක් බොලයක් තරමේ දෝශාරෝපණයක් එල්ල නොකරන වග , රාජ්‍ය සේවා ආයතන වලට කඩා පනින රටේ ජනාධිපති උතුමා , නිලධාරීන්ට දාන “තග” අද රටම අකර්මන්‍ය කල බ්‍රැන්ඩික්ස් ආයතනය ගැන “මීක්” සද්දයක් නැත. අගමැති නිහඩය ,කොටිම්ම කිව්වොත් රාජපක්ශ වරු නිහඩය ; වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කියතොත් ගොඨාභය රාජපක්ශ යනු රාජපක්ශ හයිඩ්‍රාවාගේ එක් සිරසක් පමනී .

    ප:ලී ; අදිසි නදිය නම් වූ රාජ්‍ය සම්ම්මාන ලැබු පොත මගේ මතකයට එනවා.

    • Kandy Gentlemen says:

      අනේ කිුමිනල් ගොං වස්සො. තොපි දැන් corona එකත් උඹලගෙ බඩ ගෝස්තරය කරගෙන. ඇයි බං උඹ මිනිස්සු න්ට බයියො කියන්නෙ. මට තේරෙන විදිහට උඹ නම් තුම්පනෙ නියම original බයි පද්දෙක්. මෙන්න කැට.තු නොදකින් පදු කිුමිනල් බයිය. තොගෙ නමින්ම පේනව අසත්පුරැෂකම…..

  6. අල්ලා says:

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ විධායක ජනාධිපතිවරයා ලෙස තමන්ට මෙය සම්මත කරගැනීමට අත්‍යවශ්‍ය බවයි. අධිකරණය වෙත ඉදිරිපත් කළ සංශෝධන පමණක් ඊට එක් කළ හැකි බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

    ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය හමුවේ විමල් වීරවංශ, ප්‍රේම්නාත් සී. දොලවත්ත වැනි විරෝධතාකරුවන් අවසානයේ තටු හකුළාගෙන ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට එය පාර්ලිමේන්තුවේදී සම්මත කරදෙන බවට පොරොන්දු වී ඇති බව සඳහන්.

    මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රේම්නාත් සි. දොලවත්ත මහතා පැවසුවේ කවර තත්වයක් යටතේ හෝ රිෂාඩ් බදූර්දීන් වැනි බෙදුම්වාදීන්ගේ සහාය මෙම 20 වැනි සංශෝධනයට අවශ්‍ය නොවන ආකාරයට කටයුතු කිරීමට තමන් ජනාධිපතිවරයා වෙත පොරොන්දු වූ බවත් සිදුවිය යුත්තේ එය බවත්ය.

  7. ඇත්ත යථාර්ය says:

    මෙකා කැමතියි කොරෝණා වැඩි වෙනවාට,මුන් ට කාලකණ්ණි අදහස් මිස රටට හිතකර අදහස් නැත.

  8. RITIGALA says:

    thakkadi NGO bath bariya…..mara sathutin aththe me tike…corona wadi una ne…

  9. gamarala says:

    මේ වසලයා රනිල්ගේ රජයට දොස් කිවේ නැහැ N G O කාරයෙක්.

Main News