ඉන්දියාවෙන් ආ තිදෙනෙක් නිසා අනලතිව් සීමා පනවයි.. පිරිසක් නිරෝදායනයට..

October 11, 2020 at 6:48 pm | lanka C news
ඉන්දියාවෙන් ආ තිදෙනෙක් නිසා අනලතිව් සීමා පනවයි.. පිරිසක් නිරෝදායනයට..

යාපනය අනලතිව් දූපතේ පුද්ගලයින් තිදෙනෙකු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට රැගෙන එන ලද කහ තොගයක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසුව එවුන් සැරිසරන ලද ප්‍රදේශයේ නිවෙස්වල ජනතාවට ස්වයං නිරෝධායනය වීමට උපදෙස් ලබා දී ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.

පසුගිය 09 වනදා අනලතිව් දූපතේ පදිංචි තිදෙනෙකු ඉන්දියාවේන් රැගෙන එන ලද කහකැබලී කිලෝ 110 ක් මුහුදු වෙරලේදී කයිට්ස් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බන්ධුල ප්‍රියන්ත මහතා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් අතර අදාල සැකකරුවන් ඉන්දීය ජාවාරම් කරුවන් සමීව ඇසුරු කිරීමත් හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන පී.සී.ආර්. පරික්ෂණයක් සඳහා යොමු කොට නිරෝධායනය කරීමට හා අත්අඩංගුවට ගත් කහ තොගයන් විනාශ කිරීමටද අධිකරණ නියෝගයන් ලබා ගත් බවට පොලීසිය පැවසීය.

එමෙන්ම මේ වන විට අනලතිව් දූපතේ අදාල සැකකරුවන් සැරි සැරූ ප්‍රදේශයන්හි ජනතාවට ඉතා සැලකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් නිවෙස්වෙතට වී සවයං නිරෝධායනය වීමට සෞඛ්‍ය නිලධාරීන්ගේද අධීක්සණයන් යටතේ පොලීසියේද සහයෙන් උපදෙස් ලබා දී ඇති බවටත් අද දිනයේදී ප්‍රදේශයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසුදරුවන් සඳහාද අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22,683 views

3 Comments to “ඉන්දියාවෙන් ආ තිදෙනෙක් නිසා අනලතිව් සීමා පනවයි.. පිරිසක් නිරෝදායනයට..”

  1. John the baptice says:

    අපට තිබෙන එකම හිසරදය දකුණු ඉන්දියාවයි.

  2. B. Anthony says:

    කහ තොගය විනාශ කිරීමට ? හික් හික් හික්!

  3. ගමේ වෙදා says:

    ඉන්දියාවේ භූමිකාව ඉතාමත් සැක සහිතයි !
    1. අපේ රට ඇමරිකාව සමග සබඳතා බිඳීමට කොටි ත්‍රස්ථවාදීන් පුහුණුකර කැරැල්ලක් ඇතිකර එය සමථයකට පමුණුවන මුහුණුවරකින් රටේ පාලනයට අත පෙවීම. ඉන්දියානු ගිවිසුමක් බලයෙන් පැටවීම පලාතසභා ඇතිකිරීමට 13 ව්න ව්‍යවස්ථාව බලෙන් සම්මත කරවා ගැනීම
    2. චීන සබඳතා බිඳීමේ අරමුණෙන් 2015 තිබූ රජය මැතිවරණයේදී පෙරලීමට විපක්ෂයට උදව් කිරීම
    3. පාස්කු ප්‍රහාරයේ සැලසුමට ද්‍රවිඩ කාන්තාවක් ඇතුල්කර ප්‍රහාරයෙන් පසු ඇයට ආරක්ෂාව සැපයීම . ප්‍රහාරය පිළිබඳව පෙර දැනුම් දීම කලින් කොටි සංවිධානය පිහිටුවා එය මර්ධනය කිරීමට අපේ ආණ්ඩුවට උදව් කිරීම මුවාවෙන් ඉදිරිපත්වීම වැනිම ක්‍රියාවක් විය හැක.
    4. ඉන්දියාවට තෙල් ගෙනගිය අභිරහස් නෞකාව අපේ මුහුදු කලාපයේදී ගිනි ගැනීම සහ එය නිවීමට කපිතාන්වරයා ක්‍රියාමර්ග නොගැනීම සහ පුරුදු පරිදිඅමෙය නිවීමේ කාර්‍යයට රජයට උදව් වීම.
    5. බ්‍රැන්ඩික්ස් කොරෝනාවේ ඉන්දියානු සම්භවයක් ඇති බවට ඇති සැකය .

    ඉන්දියාව නිරන්තරයෙන් අපේ රටේ ව්‍යාකූලතා ඇතිකර ඔවුන්ගේ පාලනයට නතුකර ගැනීමට උත්සාහ ගන්නා බව නිරීක්ෂණය වේ

Main News