පලමු රැල්ල පාලනය ගැන අප සිටියේ අධිතක්සේරුවකයි.. කොහේ හෝ වැරදුනා.. තවත් පොකුරක් ඇති විය හැකියි..- හමුදාපති

October 11, 2020 at 10:33 pm | lanka C news
පලමු රැල්ල පාලනය ගැන අප සිටියේ අධිතක්සේරුවකයි.. කොහේ හෝ වැරදුනා.. තවත් පොකුරක් ඇති විය හැකියි..- හමුදාපති

මුල් වටයේදී කොරෝනා පාලනය කිරීම ගැන ජනතාව ඇතුළු බොහෝ දෙනා අධිතක්සේරුවකට සිටි බවත් එනිසා නැවත වතාවක් රැල්ලක් ඇති වීමට එම තත්වය ඉවහල් වූ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොහේ හෝ තැන අතපසුවීමක් හෝ නොසැලකිල්ලක් සිදු වී ඇතැයි පෙනෙන්නට ඇති බවද ඔහු පවසයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමහර අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

කටුනායක මූලික කරගෙන තවත් කොරෝනා පොකුරක් ඇති වීමේ අවදානමක් ඇති බවද කී ඔහු එම අවදානම රටේ ඕනෑම තැනක ඕනෑම මොහොතක ඇතැයිද කියා සිටියේය.

මෙවරද පෙර අවස්ථාවේ මෙන් කොරෝනා පාලනය කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම් මත බවත් ජනතාව ලබා දෙන සහාය මත වෛරසය පාලනය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බවද ඔහු පැවසීය.

87,785 views

11 Comments to “පලමු රැල්ල පාලනය ගැන අප සිටියේ අධිතක්සේරුවකයි.. කොහේ හෝ වැරදුනා.. තවත් පොකුරක් ඇති විය හැකියි..- හමුදාපති”

  1. Opa-dupa says:

    මේ රටේ ඉන්න බුද්ධිමත් අය දන්නවා ඕනෑවට වැඩිය අධි තක්සේරු කරන්න හොද නැහැ කියලා .

  2. Upul Attanayake says:

    May Triple Gem You. And my country. Please take care

  3. sithmal says:

    මුල් වටයේදී කොරෝනා පාලනය කිරීම ගැන ජනතාව ඇතුළු බොහෝ දෙනා අධිතක්සේරුවකට සිටි බවත් එනිසා නැවත වතාවක් රැල්ලක් ඇති වීමට එම තත්වය ඉවහල් වූ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    “ලOකාවෙ බහුතරයක් ඉන්නෙ සමහරු ගැන අධි තක්සේරුවෙන්.. “

  4. ක්‍රිමිනල් says:

    හුටා ! කොහේ හරි වැරදිලා.

  5. කාන්තාර පළඟැටියා says:

    මහජනතාව හැටියට කරන්න තියෙන්නෙ තවදුරටත් ආසාධිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හොයන රජයේ වැඩපිළිවෙලට සහයෝගයක් දෙනු පිණිස රජයේ උපදෙස් අනුවම ක්‍රියා කිරීමයි. ඇඳිරිනීතිය සහ ලොක්ඩවුන් කිරීම හරිම පීඩාවක් තමා. ඒත් මේ වෙලාවේ අපට වෙන කරන්න දේකුත් නැහැ. ඇඳිරිනීතිය නැති ප්‍රදේශවල අයට තියෙන්නෙ මේ කරුම වසංගතේ තමන්ගේ ප්‍රදේශවලට කැන්දාගෙන නොඑන්න කටයුතු කිරීමයි.

    • ක්‍රිමිනල් says:

      දැං අර පම්පෝරී ටෝක් ඉවරයි ,ලෝකෙන්ම එක ,දෙක , කොවිඩ් වලින් රටට අභයදානය දීපූ කතා , වැල් බෛලා ඉවරයි ,උම්මා දෙවී ගේ ක්‍රෙඩිට් දීමේ පිලිවෙල 1.2.3.4 ඉවරයි , දැන් රොගය හතර වටේම , එත් රජයට කඩේ යන පම්පෝරී මාධ්‍ය තාමත් කෛය ගහන්නේ රෝගය සමාජ ගත නොවුනු ආකාරයට ; අද හෙට කියයි ආහ් දැන් රෝගය සමාජගත වෙලා , උබලා පරිස්සං වෙයල්ලා කියලා , රොගීන් දාන්න ඇදං නැතිවෙනකොට ,නිරොධායනය මධ්‍යස්ථාන පිරිලා ඉතිරෙනකොට , අපි එදා කියපු මේ පාණ්ඩුවේ කෛය විතරයි ,කිසි මැනෙජ්මන්ට් එකක් ,පෙර සුදානමක් නෑ ,බොරු පඩ ශෝ මාධ්‍ය පිම්බිල්ල විතරයි කියපු සත්‍ය එලියට ඒවී. එදාට උබලට වෙන්නේ ගලේ පහරපු බළල්ලු වගේ උඩ බලාගෙන ඉන්න විතරයි .

      • මැකෝ says:

        ඒකනේ බොලල්ලා. බොලාගෙ ගවපාලුවො ටික හිටියනම් මේවෙනකොට රට සුර පුරයක්නෙ 😅😂🤣.

  6. Neel Perera says:

    අධිතක්සේරුවක හිටියෙ ජනතාව නොවෙයි, සෞඛ්‍ය ඇමතිතුමියයි.

  7. රිශී තුමා says:

    වැරදෙන බව දැන ගත්තේ ගිය අවුරුද්දේ. ඒත් විජය රජුගෙන් පැවතී එන මේ උතුම් ජානනේ. ඔහොම යමු. ඉස්සරහාටත් ඔය ටිකම කියන්න වෙයි කීප සැරයක්ම.

  8. මැදමුලනෙ මුත්තා says:

    හමුදාපතිතුමත් නිතර, නිතර මාධ්‍ය ඉදිරියේ පෙනී නොසිටීම ඇඟට ගුණයි.

  9. Thruth says:

    Thondage Malagame indala umbala thamai aditakseruwe hitiye ….