දිස්ත‍්‍රික්ක 21ක කොරෝනා.. ග‍්‍රාමීය මට්ටමින් පැතිරීමේ අවදානමක්…

October 14, 2020 at 2:10 pm | lanka C news
දිස්ත‍්‍රික්ක 21ක කොරෝනා.. ග‍්‍රාමීය මට්ටමින් පැතිරීමේ අවදානමක්…

දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇතිවූ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන් රටපුරා දිස්ත‍්‍රික්ක 21කින් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

දැනට රට තුළ ඇතිවී තිබෙන වෛරස ව්‍යාප්ති තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමක තවදුරටත් පවතින බවත් මේ සම්බන්ධයෙන් නිශ්චිත කාලවකවානුවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර මෙරට වාර්තා වන 33 වැනි පොකුර බවත් පැවසූ ඔහු එහි ආසාදිතයන් කිසිවකු තවමත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර නැති බවද කියා සිටියේය.

ජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් ග්‍රාමීය වශයෙන් වෛරසය පැතිරී යාමට අවදානමක් ඇති බවද පැවසූ ඔහු ඒ නිසා වෛරස පාලනයට ජනතාවගේ සහාය අඛණ්ඩව අවශ්‍ය යැයිද කියා සිටියේය.

45,359 views

9 Comments to “දිස්ත‍්‍රික්ක 21ක කොරෝනා.. ග‍්‍රාමීය මට්ටමින් පැතිරීමේ අවදානමක්…”

  1. aaa says:

    Dan minissunge thama weradda.. ane yako

    • anduwa says:

      ආණ්ඩුව මොකක්ද කරන්න ඕනෑ සෑර් ? රට මාසයක් විතර වහල දාන්න ද ?

    • Dubba says:

      පිට රට ගිහින් දහ දුක් විඳලා ලංකාව උගසින් බේරගන්න සල්ලි එවපු රට විරුවන්ට උඩ පැන ගෙන නැටි උස්ස ගෙන නෙලපු උන්ට කෙල්ලෝ ලෙඩ වෙලා ඉන්න කොටමරව මරව වැඩ ගත්තු බ්‍රැන්ඩික්ස් පාලකයෝ පරයෝ වෙන්නේ නැද්ද ඉන්දියාවේ උවමනාව ඉෂ්ඨ කලාට ??

  2. Randa says:

    මූව එක පාරක් අයින් කරලා…ආයෙ අරන් තියෙන්නෙ මුගෙ කටටත් plaster එකක් ගහලා කියලා මෝඩයෙක් නොවන කෙනෙක්ට තේරෙනවා🤣😅..රැස්පැක්ට් 🤣

  3. Kalana says:

    ඇත්තටම තවම ලොක් ඩවුන් කරන්නේ නැත්තේ ඇයි ?

    • Dr Zee says:

      ඕක ඔච්චර බය වෙන්න ඕන රෝගයක් නොවන නිසා. ලංකාවේ හැදෙන අයට අමාරු වීම ඉතා ස්වල්ප දෙනෙකුට පමණයි.

  4. Appuwa says:

    වාර්තා වන 33 වැනි පොකුර……!!!??????

  5. Chath says:

    අනේ මහත්තයෝ ඇස් දෙක කරකවලා ලෙඩේ ගැන කියලා මිනිස්සු බයකරන්න නම් එපා ඔය තනතුරට වඩා සුදුසු වයිරසය ගැන හොදින දන්න virologist කෙනෙක් තමා

  6. nim says:

    whole country should lockdown for 2 weeks

Main News