සංචාරකයන් කණ්ඩායම් වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම්.. එක්සත් ජාතීන්ගෙන් සහාය..

October 16, 2020 at 2:28 am | lanka C news
සංචාරකයන් කණ්ඩායම් වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම්.. එක්සත් ජාතීන්ගෙන් සහාය..

කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කාර්මාන්තය නංවාලීම සදහා සිය පූර්ණ සහාය පල කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඊට අදාල යෝජනා එම සංවිධානය විසින් සංචාරක සංවර්ධන අධිකාරිය වෙත මේ වන විටත් භාර දී තිබේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත හැනා සිංගර් මහත්මිය සමග පැවති විශේෂ සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරිණි. සාකච්ඡාව සංචාරක අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

සංචාරක ව්‍යාපරයේ නිරත පුද්ගලයන් වෙනුවෙන් සමාජ ආකර්ෂණ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සදහා ද සිය සහාය හිමි වන බව හැනා සිංගර් මහත්මිය මෙහිදි කියා සිටියාය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ මේ සම්බන්ධයෙන් දැනටමත් රජය සිය අවධානය යොමු කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ඉදිරිපත් කල සංචාරක කාර්මාන්තය නංවාලීම සදහා වන යෝජනා වලිය සම්බන්ධයෙන්ද සංචාරක සංවර්ධන අධිකාරිය සිය අවධානය යොමුකර ඇති බව ද ඇමතිවරයා මෙහිදි කිවේය.

කොවිඩ් පාලනය කිරීමෙන් අනතුරුව මෙරටට සංචාරකයන් කණ්ඩායම් වශයෙන් සෞඛ්‍ය නිර්දේශ අනුව ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර ඇති බව මෙහිදී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් තුන්වන රැල්ල පාලනය කිරීමට රජය සිය උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවද කීවේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත හැනා සිංගර් මහත්මිය මෙහිදී අවධාරණය කලේ කොවිඩ් 19 පාලනය සදහා රජය ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පල කරන බවයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා සංක්‍රමනිකයන් පිළිබද ජාත්‍යන්තර සංවිධානය මගින් සංචාරක හා ගුවන්සේවා ක්ෂේත්‍ර සදහා ලබා දෙන සහාය සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සදහා සංක්‍රමකිකයන් සදහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රි ලංකා හා මාලදිවයින ප්‍රධානී සරත් ඩාෂ්, සංචාරක අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර යන මහත්වරුන්ද එක්වූහ.

– media unit

31,707 views

8 Comments to “සංචාරකයන් කණ්ඩායම් වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම්.. එක්සත් ජාතීන්ගෙන් සහාය..”

  1. S.Vitharana says:

    අනේ මට නමි පිස්සු වගෙයි. කොරෝනා හොඳ වුනාම සංවාරකයෝ පොකුරු හැටියට ගෙන්න ගන්න සැලසුම්.
    පසුගිය දවස්වල අපි ඔතනින් ඉවත් වුනා නේද?

  2. Hudson says:

    Yes, bring more corona, then Sir can always say corona, corona, corona….

  3. sithmal says:

    ඉස්සෙල්ල කෝවිඩ් පාලනය කරන්න. ඊට පස්සෙ ඕව හිතන්න. ලෝකෙ කොරෝන පාලන නියාමන තියෙනව. ඒව ෆලෝ නොකරන නිසා ලOකාව පහලම තැනක ඉන්නෙ. ලෝකෙ රිස්ක් එක වැඩිම රටක් විදියට. උන් කිව්ව එක වැරදුනේ නෑ.. රට ඇතුලෙ ටෙස්ට් හරියට නොවුන නිසා පහුගිය කාලෙ කොරෝන අහුවුනේ නෑ.. ඒවගේ රටකට මිනිස්සු ගෙන්නන්න කවුද රෙකමන්ඩ් කරන්නෙ?

  4. 2015 මීහරකා says:

    “එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත හැනා සිංගර් මහත්මිය මෙහිදී අවධාරණය කලේ කොවිඩ් 19 පාලනය සදහා රජය ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පල කරන බවයි.”

    ඒ වුනාට අපි මේ රජය කරන හැම දේකටම අවදියෙනුත්, නින්දෙදිත් විරුද්ධම විරුද්ධයි.

    හැක්, හැක්.

    🐮🐮🐮

    • ක්‍රිමිනල් says:

      උබනං උපංගෙයි මී හරකෙක් , කොවිඩ් වලින් රටට අභය දානය දුන්නලු , ලොකෙන්ම දෙකලු , කොවිඩ් රටෙන් තුරන් කරාලු ! දැන් ලෙඩ්ඩු දාන්න ඇදං නෑ , කොවිඩ් නියැදි ගොඩගැහිලා , සෞ.අ.ජ වරයෙක් නෑ , උබලා වගේ උපංගෙයි මී හරක්ට මේ පාණ්ඩුව ලොකු උනාට , ඇමීබාවෙක් තරං වත් මොලේ තියෙන එකෙක් දන්නවා මේ පාණ්ඩුවේ නැට්ටෙ ඉදලා ගොම කියලා.

  5. ඕමාර් ගේ ජොකී යා says:

    ගොබ්බ ප්‍රසන්න ලා දන්න කොරෝනා ..මුන් කමතේ බදින්නත් වටින්නේ නැහැ.

  6. ඉස්සෙල්ලම රටවිරුවන් ගෙන්වන්න. ඒ අය කන්ඩ බොන්න නැතුව ඔය රටවල් වල අතරමං වෙලා ඉන්නේ ඒක නිසා ඒ අය ඉස්සර ගෙන්න ගන්ඩ බලන්න. සංචාරය ගැන අපිට පුළුවන් පස්සේ. ඉස්සෙල්ලම ඔය කොරෝනා මර්දන ව්‍යාපාරය රෝග මර්ධනය කරන්න ඉස්සල්ලම වග බලා ගන්න ඕනෑ ආණ්ඩුව සංචාරකයෝ ගෙනල්ලා කොහේ දාන්න ද!

  7. ක්‍රිමිනල් says:

    මෝඩ බෛයන්ට චූන් දෙන තවත් කද බඩ විතරක් ඇති මොලේ ටීක් බොලයක් වත් නැති ඩෑල් එකක්. සංචාරකයො ගේන්න ඉස්සෙල්ලා තමුන්ගේ පලාතේ එදා වෙල කන්න නැතුව හිරවෙලා ඉන්න මිනිසුන්ට පොල් ගෙඩියක් හරි බෙදලා දෙන්න ,පූට්ටුවේ ජයග්‍රහණයට අත හිත ප්‍රභලව දුන්න කොට්ඨාශයක් තමයි ගම්පහ අමූ බෛයො ,දැන් ඔය බෛයන්ට යන එන මං නෑ , චන්දේ කාලෙට එන මෙගොල්ලො දැන් පැත්ත පලාතේ නෑ..

Leave a Comment