බන්ධනාගාර රැදවියන්ට නොමිලේ දුරකතන පහසුකම්..

October 16, 2020 at 8:02 am | lanka C news
බන්ධනාගාර රැදවියන්ට නොමිලේ දුරකතන පහසුකම්..

ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 තත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැදවියන් හමුවීමට ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට අවස්ථාව අහිමිවී ඇත.

එවැනි තත්වයක් යටතේ රැදවියන්ට තම ඥාතීන් සමග සබදතා පවත්වාගැනීමට නොහැකිවී ඇති බැවින් බන්ධනාගාරවල සවිකර ඇති පොදු දුරකතන මාර්ගයෙන් රැදවියන්ට සිය නිවෙස්වෙත කතාකිරීමේ අවස්ථාව සලසන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

එම දුරකතන ඇමතුම් මාසයක කාලයක් පුරා නොමිළේ ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස අමාත්‍යවරිය විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන්ද ඉල්ලීමක් කර ඇත. ඒ අනුව රැදවියන්ට සිය නිවෙස්වෙත නොමිළේ ඇමතුම් ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

භාහිර පාර්ශවයන්ට බන්ධනාගාර පද්ධතිය වසා ඇති තත්වයකදී සිය ඥාතීන් සමග සබදතා පවත්වා ගැනීමට නොහැකි වීමෙන් රැදවියන්ගේ මානසික මට්ටම පහත වැටීමට එය හේතුවක් වීමට ඉඩ ඇති බැවින් රැදවියන්ට සිය නිවෙස් සමග දුරකතන මගින් හෝ සබදතා පවත්වා ගැනීමට අවස්ථාව සැලසීම මගින් රැදවියන් තුල ඇතිවන ආතතිය යම්තරමකට හෝ අවමකර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

එමෙන්ම රැදවියන්ගේ කෑම බීම සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධයෙන්ද සැලකිලිමත් වන ලෙස බන්ධනාගාර පාලනාධිකාරිය වෙත ඇමතිවරිය විසින් උපදෙස් ලබාදී ඇත. කොරෝනා තත්වය හේතුවෙන් රැදවියන්ගේ ඥාතීන්ට ඔවුන් හමුවීමට ඔවුන්ගේ අවශ්‍යතා බැලීමට අවකාශ නොමැති බැවින් ඔවුන් පිළීබදව විශේෂ අවධානයක් යොමුකරන ලෙස මෙහිදී උපදෙස් ලබාදී ඇත.

– තුසිත ජයවර්ධන

15,263 views

6 Comments to “බන්ධනාගාර රැදවියන්ට නොමිලේ දුරකතන පහසුකම්..”

  1. Rasika says:

    In Dubai prison. They are giving unlimited paying Land phone facilities for prisoners. I think every call by the prisoner is recording. Why can’t we provide that type of facility for prisoners…..? But everything can have a negative and positive impact.

    • fass says:

      Do not give any thing free. Get them to work, pay them reasonable amount. They’re criminals (larger percentage). Do not feed them free, because innocents is suffering somewhere due to violences or smuggling conducted by most of these people in jail. Specially don’t entertain them.

  2. සීයා පප්පා says:

    හැබෑට බොලන් උපවාසෙ පොරතිපල තියෙනෝ හේනං . අනේ හොඳා .

  3. Saman says:

    රහස් කේත පාවිච්චි කරල ගේමක් දෙන්න පුලුවන් නෙ

  4. දුරකථන පොදුවේ බාවිතා කිරීමේදී ද ශ්වසන රෝග බෝවන බව වයිද්‍යතුමිය නොදන්නවා විය නොහැක.
    අදීක්ෂණය යටතේ නවීන ක්‍රමයකට [ ටෙලි තිරයක් ඔස්සේ මෙන්] කථා කිරීමට ඉඩ සැලසිය නොහැකිද?

  5. Love nature says:

    පංච සීලය හරිහැටි රැක්කානම් මේ අය ඇතුලේ ඉන්නේ නැහැනේ දැන්වත් එළියේ ඉන්න අය මේ ගැන සිතපල්ලා.

Main News