20ට සහාය දී දුර රටකට යන්න මනෝ ගනේෂන් සූදානම්.. එක කොන්දේසියක් දමයි..

October 22, 2020 at 10:40 am | lanka C news
20ට සහාය දී දුර රටකට යන්න මනෝ ගනේෂන් සූදානම්.. එක කොන්දේසියක් දමයි..

ශී‍්‍ර ලංකාව සිංහල බෞද්ධ රටක් පමණක් යැයි ප‍්‍රතිපත්තියේ සිට කටයුතු කරනු පිරිස්ද අද 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝ්ධනය සම්මත කර ගැනීම වෙනුවෙන් දෙමළ මුස්ලීම් මන්තී‍්‍රවරුන්ගේ ඡුන්දය සොයමින් සිටිනවා යැයි දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා උත්සහායන් පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වු මන්තී‍්‍රවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

ශී‍්‍ර ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි පමණක් කියමින් සිටින අයද මේ අවස්ථාවේ දෙමළ මුස්ලීම් මන්තී‍්‍රවරුන්ගේ ඡුන්ද සොයමින් සිටියි. එසේ සිදු කරනු ලැබුවහොත් මේ රට සිංහල දෙමළ මුස්ලීම් සියලූ ජාතීන් එකාබද්ධ ශී‍්‍ර ලාංකික රාජ්‍යයක් බවට පරිවර්තනය වනු ඇතිද?

සැබැවින්ම එයාකාර ප‍්‍රතිපත්ති වෙනස්කමක් සිදුවන්නේ නම් එයට බොහෝ කැමැති වෙමි. නමුත් එයට ඇති සහතිකය කුමක්ද? මේ රට අප සැමදෙනාටම අයිති මාතෘ භුමීයක් යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්න. එසේ සිදු වන්නේ නම් මා හට තවදුරටත් මේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය අවශ්‍ය වන්නේ නැත. ආණ්ඩුවට සහාය පළ කර 23 වනදාම දේශපාලනයෙන් සමු ගෙන කොහේ හෝ දුර රටකට යමි.

එසේ නොමැති නම් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ආරම්භ කරන්න. සියලූ ජාතීන් හා ආගම් වලට අයත් කණ්ඩායම් එම සාකච්ඡුා සදහා එක් කර ගන්න.

මෙරට ජාතික ගැටලූවට තිරසාර විසදුමක් ලබාදිය හැක්කේ බහුතරයේ සහාය හිමිවුණු ආණ්ඩුවකට පමණි. අපි වැනීසියේ වෙළදුන් මෙන් මස් රාත්තලම ඉල්ලා සිටින්නේ නැත.

මේ බව මා කේවල් කිරීමට පැමිණි ආණ්ඩුවේ පාර්ශවයන් වෙත ප‍්‍රකාශ කර සිටියෙමි.

මොවුන් ආණ්ඩුවේ සහයෝගයට පිරිස් සොයනවා හැර ප‍්‍රතිපත්තිමය වෙනසක් සිදු කරන්නේ නැත . සිහින හා යථාර්ථයන් අතර විශාල වෙනසක් තිබේ.

මේ වනවිට ආණ්ඩුව නියෝජනය කරන සුලූ ජනකොටස් නියෝජනය කරන මහජන නියෝජීතයින් ගතහොත් ඔවුන්ට ඇත්ත වැටහී ඇත. ආණ්ඩුව ඔවුන්ව තබාගෙන සිටින්නේ රූකඩ ලෙසය. මොවුන් අර්ධ දෙමළ මාධ්‍ය දක්වන අදහස් ස්වරූපය ආණ්ඩුව තුළ පෙන්වන්නේ නැත .

– මාධ්‍ය ඒකකය

106,194 views

13 Comments to “20ට සහාය දී දුර රටකට යන්න මනෝ ගනේෂන් සූදානම්.. එක කොන්දේසියක් දමයි..”

  1. ආලෝකා says:

    2/3 ආණ්ඩුව 19යේ කුමන්ත්‍රණකරුවන් ග්‍රහණයට ගෙන ද්විත්ව පුරවසි කැරට් අලය ලබා දී 19යේ කුමන්ත්‍රණයෙන් බේරෙයි…!

  2. ඊරි යකා says:

    අම්බලමේ පිනා පිනා -වලන් කදක් ගෙනා ගෙනා
    ඒක බිඳපි ගොනා ගොනා- ඒකට මගේ පුකෙන් හිනා

    • සුදුපරවියා says:

      ශී‍්‍ර ලංකාව සිංහල බෞද්ධ රටක් තමයි මේ සිංහල මහජාතියේ එකම මාතෘ භූමියයි ..එය සුළුජාතීන්ට අවශ්‍ය පරිදි වෙනස් කල නොහැක …ගනේෂන් පුළුවන් නම් වෙන යුරෝපයේ රටකට ගිහින් ඒ රටේ සුළුජාතීන්ට ඒ රටේ උරුමය ලබා දී පෙන්වන්න .. ද්‍රවිඩ ජාතිකයින් සරණාගතයින් ලෙස වෙනත් රටවලට ගියවිට ඒ රටේ භාෂාව ඉගෙනගෙන තමයි ඒ රටවල පුරවැසිභාවය ලබා ගන්නේ ..අපේ රටට කොලනි සමයේ පැමිණි ද්‍රවිඩයින්ට දැන් පුරවැසි භාවය දී ඇතත් අපේ රටේ මව් භාෂාව සිංහල නොදනී ,,එයට හේතුව අපේ රටේ සිටිය නරුම දේශපාලකයින්ගේ අනුවන කම් නිසයි .. සංහිදියාව කියමින් 17% සිටින සුලුජාතිකයින්ගේ දෙමළ භාෂාව රජයේ භාෂාවක් කිරීමේ ප්‍රතිපලය තමයි අද අපේ රටේ උරුමය සුලුජාතිකයින් ඉල්ලන්නේ ? පේනවා නේද මේ ජාතිවදයා කියන මෝඩ කතාව මේ සිංහල බෞද්ධ රටක් නොවේලු..ගනේෂන් ලංකාවේ ඉතිහාසය ඉගනගනින් .. ..මේ රට වසර 7000වඩා පැරණි සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ගොඩ නැගුනු සිංහල ජාතියේ එකම මාතෘ භූමියයි ..
      ගනේෂන් කටවහගෙන හිටු ..20 සහය උබ දුන්නත් නැතත් එය අපට ප්‍රශ් නයක් නොවේ ..ජාතිවාදය ,ත්ර්ස්තවාදය බෙදුම්වාදය පතුරවන්නේ නැතුව පලයන් . රටට අහිතකර ඕනෑම ව්‍යවස්ථා සංශෝ්ධනය කෙටුම් පතකට සුලුජාතින් සහය දෙනවා …අපේ රට අනතුරේ හෙලීමට

      • 😥😥😥😥 says:

        ඒ වුනාට කොලඹ කඩවල්වල මේ දිනවල විකුණන්න තියෙන්නේ
        “හලාල් “ලාංචනය බඩු විතරමලු …
        මොකද කරන්නේ..??

        • සුදුපරවියා says:

          ඒ බඩු ගන්නේ මොකටද ? උබලටත් හලාල් කන්නම අවශ්‍යද ? බුරු කතා කියන්න එපා

    • suren says:

      We can see how Tamils opposed even the Murali’s film on flimsy grounds.They wanted to rape even the daughter of the actor. Blinded with hatred & cruelty. Such Tamils come & telling us to be very liberal & give our country 50/50. My foot! Come on Gota bring the 20A with all powers.

  3. Analyst says:

    කරැණු පරීක්ෂා කිරීම‌ෙදී පේනවා 20යනු Anglo-American න්‍යායපත්‍රයක් බව.
    20 කාගේ ඉදිරිපත් කිරීමක්ද කියා කියන්න ආණ්ඩුව පවා නොදැන සිටීම හා අපොහොසත් වී තිබීම ම‌ෙය Anglo-American න්‍යායපත්‍රයක් බවට හොදම සාක්ෂියයි.
    20හි අරමුණ විධායක ජනාධිපතිදූරය ශක්තිමත් කිරීම යන්න හුදු රැවටිල්ලකි,පාක්ෂිකයාට කැරට් අලයකි .ආසියා පැසිෆික් කලාපයේ මිලිටරි හා ලොජිස්ටික් ක්‍රියාකාරකම් සදහා ශ්‍රී ලංකාව යොදාවා ගැනීමේදි දැනට පවතින බාධා ඉවත් කර අවැසි න‌ෛතික පසුබිම පුළුල් කර ගැනීම 20 අරමුණයි.20 නිසා මේ මොහොතේ රටේ ධ්‍රැවිකරණයක් සිදුවී තිබ‌ෙනවා.ඒ 20 පාක්ෂික හා 20 විරෝධී ධ්‍රැව ද‌ෙකයි.Anglo-American බලපරාක්‍රමය විසින් 20 සාක්ෂාත් කරගැනීම සඳහා සමස්ථ ප්‍රතිගාමිත්වය හීලෑ ගවරැලක් ම‌ෙන් දක්කවමින් සිටී.

  4. Mongal dial eka says:

    “කොහේ හෝ දුර රටකට යමි.” වෙන රටකට යන්නන්ම් මොන මගුලකට මේ රටේ නීති සම්මත කරන්න යන්නෙ. එහෙනම් මූ කරන්නෙ කොහෙ හරි එකෙක්ගෙ Contract එකක්. සින්හල දෙමල මුස්ලිම් අගේට එකට ඉන්නව මුන් වගේ හිපාටුවො නැත්නම්

  5. hm says:

    Penawnne dan england walath ltte sanwidanaya thanam sanwidanayak nemelu anne mnada srilanka rajayath mewata piyawaragannna one england walata danum diyauthi ltte eka ape ratata karapu winase

Main News