20ට පක්‍ෂ වූ ඩයනා ගමගේට විනය පරීක්‍ෂණ..- SJB

October 23, 2020 at 8:40 am | lanka C news
20ට පක්‍ෂ වූ ඩයනා ගමගේට විනය පරීක්‍ෂණ..- SJB

20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පලකල පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

එම පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ පක්ෂයේ මතයට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් ඇය සම්බන්ධයෙන් මෙන්ම විනය පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි.

20 වන සංශෝධනයට පක්‍ෂව ඡුන්දය දුන් මන්ත‍්‍රීනී ඩයනා ගමගේ මහත්මිය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලද අයෙකි.

එමෙන්ම සංශෝධනයට පක්‍ෂව ඡන්දය දුන් සෙසු සියළු මන්ත‍්‍රීවරුන්ද එම පක්‍ෂයෙන් නෙරපා දැමීමටද තීරණය වී ඇත.

48,475 views

28 Comments to “20ට පක්‍ෂ වූ ඩයනා ගමගේට විනය පරීක්‍ෂණ..- SJB”

  1. යක්කුන්ට බයෙන් සොහොනේ ගෙවල් හදාවිද says:

    යක්කුන්ට බයෙන් සොහොනේ ගෙවල් හදාවිඩ මාමේ. කෙල්ල ගියා. විනය තකාගෙන. සමගි ජන බල වේගයේ කේන්දරේ බලා ගත්ත නම් වටිනවා. රට පෙරට බඩ තෙවනුව. අනේ මද්දුම බන්ඩෝ

  2. Manoj Priyanga says:

    අර බලෙන් ඡන්දේ දීපු මුස්ලිම් මන්ත්‍රීල ට විනය පරීක්ෂණ තියනවද බලමු.. නැත්නම් බයියෝ කියයි ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න සජිත් මහත්තය උන්ට ඡන්දේ දෙන්න කිව්වා කියල.

  3. Rx says:

    Well done madam. You are the best.
    Your reason is 100% valid in terms of the upkeeping of the country. Great thinking.

  4. චාමලී says:

    හොඳ විනයක් , බුද්ධියක් තියෙන නෝනා කෙනෙක් .අපි අදයි දැනගත්තේ !

Main News