අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා ආසාදිතයන් 10ක් හමුවේ.. බේරුවල වරාය වසා දමයි..

October 23, 2020 at 9:20 am | lanka C news
අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා ආසාදිතයන් 10ක් හමුවේ.. බේරුවල වරාය වසා දමයි..

බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනු තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

එම ධීවර වරායේ අහඹු ලෙස සිදුකරන ලද පරීක්ෂණවලදී පුද්ගලයන් දස දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීම නිසා මෙම තීරණය ගෙන ඇත.

එම වරාය කළමනාකාරවරයා සඳහන් කරන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළෙට බේරුවල වරායේ සිට මසුන් රැගෙන ගිය පුද්ගලයන් දස දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බවයි.

එහි සෙසු ආශ‍්‍රීතයන්ද නිරෝධායනය කර කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතය.

25,138 views

7 Comments to “අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා ආසාදිතයන් 10ක් හමුවේ.. බේරුවල වරාය වසා දමයි..”

  1. කාන්තාර පළඟැටියා says:

    ගම්පහ මාළු මාර්කට් එකටත් ගේන්නේ පෑළියගොඩින් . ඇඳිරි නීතිය ලිහිල් කරපු දවස්වල පස්සා දොරෙන් මාලු විකුණලා තිබ්බා ඇතැම් කඩවලින්

    • ක්‍රිමිනල් says:

      තෝ පෑලියගොඩිං ගෙනාපු මාළු කැවා නේද ලගදි ? 😜

  2. නාරද says:

    අපි අසරණ වෙලා වාගේ සිතට දැනෙනවා. ආර්ථිකය ගොඩගත යුතුමයි. ජනපතිතුමාගේ ප්‍රකාශයක් මගින් ජනතාවගේ නිරෝධායන කැමැත්ත වැඩිකල හැකිවේවි. ශක්තියක් දිය යුතු අවස්තාවක්. ඒ වාගේම වෛරසය පැතිරී නැති ප්‍රදේශ රැක ගැනීමට වැඩ පිළිවලක් අවශ්‍යයි නේද?

    • Alapaluwa says:

      උඹලගෙ තුමා තමයි බං බ්‍රැන්ඩික්ස් වලට ඉන්දියන් කාරයො නිරෝධායනය නොකර ගෙනත් රටම වැනසුවෙ.

      • Nimal says:

        නෑ Corona කියන virus එක ලෝකෙට ගෙනාවෙත් එයාම තමා, අනේ පලයන් රන්ජිත් යන්ඩ, උබේමොලේ අමාරුවට බෙහෙතක් ගනින්

        • Alapaluwa says:

          කොරෝනා වලින් මැරෙන්නෙ උඹල විතරක්නම් කමක් නැහැ මුන්ගෙ වැරදි තීරනවලින් වෙන විනාෂෙට අපිත් අහුවෙනවනෙ. ඕන ලොක්කෙකුට කියන්න ලේසියි, ගෙන්නගෙන වැඩේ කරගනින් ඕඩරේ හදිසිනම් කියල. ඒත් කනකොට පරිප්පු කන්නෙ සම්පූර්ණ රටේම මිනිස්සුනෙ. උඹල වගේ වහල්ලුනම් පරම්පරා පිටින් සුද්දවෙලා යන තරමට රටට යහපත්.

  3. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News