මාතර ප‍්‍රසිද්ද වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය බිරිදට කොරෝනා.. ප‍්‍රතිකාර ගත් අයට දැනුම් දීමක්..

October 23, 2020 at 12:40 pm | lanka C news
මාතර ප‍්‍රසිද්ද වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය බිරිදට කොරෝනා.. ප‍්‍රතිකාර ගත් අයට දැනුම් දීමක්..

මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු ගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරන්නේ සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලදී ආසාදිත බව හඳුනාගත් බවයි.

මාතර උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි එම වෛද්‍යවරයාගේ නැගණිය මතුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත තැනැත්තියක් බව හෙළිවී තිබේ.

ඇය වෛද්‍යවරයාගේ නිවසට පැමිණීමෙන් පසු ඇයගෙන් ආසාදනය වී ඇතැයි වෛද්‍යවරුන් කියා සිටිති.

වෛද්‍යවරයාගේ බිරිඳද වෛද්‍යවරියක් වන අතර ඇයගෙන් පසුගිය 10 වනදා සිට ප්‍රතිකාර ලබාගත් අය සෞඛ්‍ය අංශ සමග සම්බන්ධ වී අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා යොමු වන ලෙස කාර්යාලය ඉල්ලා සිටී.

38,600 views

11 Comments to “මාතර ප‍්‍රසිද්ද වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය බිරිදට කොරෝනා.. ප‍්‍රතිකාර ගත් අයට දැනුම් දීමක්..”

  1. ක්‍රිමිනල් says:

    මහ එවුන්ට කොවිඩ් වැලදිලා එකෙක් වලපල්ලට යනකං මේක උන්ගේ ප්‍රශ්ණයක් නෙමෙයි. කෝ අර තිබ්බ ගැම්ම ? හැමදාම ටී.වී එකෙං බෛලා ගහලා මිනිස්සුන්ව ඇන්දුවට ,කොවිඩ් අන්දන්න බෑ බ්‍රෝ ! චන්දෙත් ඉවරයි ,20ත් ඉවරයි දැන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපල්ලා ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ.

    • kamal says:

      උබට කොහොමත් එහෙම තාම ඉන්ට වෙන්නේ සදහටම, දැන් 20ට වැළපුන ඉවරඊ, හම්බ කතාත් ඉවරරඊ රංජිත්ගේ අලුත්ම පිටපත Corona

      • ක්‍රිමිනල් says:

        වහල් ස්වාමීයන්ට කොවිඩ් හැදෙයි කියලා බයද ? 😏

      • ඕමාර් ගේ ජොකී යා says:

        කවදා හරි දවසක සබ්රියා ලොක්කටයි ලොක්කාගේ වටේ ඉන්න කටු කන බයියන්ටයි ඔක්කොටොම පැණි බේරෙන්න ඇරලා ගියපු දවසට තව ටිකක් හයියෙන් කෑගහපන් හිට මකුණා හිට මකුණා කියලා..එතකන් සාඩින් බයියන්ට වහල් කමේ හැටි හරියට තේරෙන්නේ නැහැ.

        • kamal says:

          ඒ පාර සබ්රි අනේ රංජිත්, අපිට අරින්ද අවොත් අපි බලාගන්නම්

  2. kamal says:

    සිංහල නිතියට ජය වේවා
    පළාත් සබා අහෝසි වේවා
    බුදු සසුන බැබලේවා
    ලංකාවම සුවපත්වේවා

    පුතේ නුඹ අද පුදසුනේ
    අනේ ඒබව දැන් දැනේ
    එවන්පිළිසරණක් දැන් ලැබේ
    ගෝටාබය දියසෙන් කුමරා බව මට සිතේ

    එපා පුතේ බුදු දහමට පිටුපාන්න
    ලෝකය වෙනස් ඒ බව දැනගන්න
    මුස්ලිම් මිනිසුන් සිංහල මුස්ලිම් වෙන්න
    දෙමල භාෂාව වෙනුවට සිංහල වැළදගන්න

    පුතේ අල් සබ්රි නුඹ චතුරයි සිංහල
    මුස්ලිම් මිනිසුන් වෙනස් වෙනවා සිංහල
    අර්වින්ද ඉගෙන ගන්නෙ නිතිය සිංහල
    නඩරාජා ඉගෙනගන්නෙත් සිංහල

  3. මහ මොළකරු says:

    මහ සංඝරත්නය තුට්ටුවකට වත් මායිම් නොකොර 20 සම්මත කරගත්තා. ඊයේ දිනයේ ආණ්ඩුවේත් බයියන්ගේත් අවසානය ආරම්භ වුනු බව කරුණාවෙන් සලකන්න​

  4. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  5. Ravana parapura says:

    දැන් බටහිර වෙදකමට අබ සරණයි

  6. Ayatollah says:

    ALL those Doctors and Dental Surgeons working in Close to Uyanwatte Matara has to undergo QUARANTINE, They may not like it as it will deprive the only intention of them is to earn money These people are having close contacts and meat every day and the PHIs has to impose the law

Main News