කොරෝනා මැඩලන්න රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය, බොජ්ජංග සූත්‍රය සඤ්ඤායනා කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දේ..

October 23, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා මැඩලන්න රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය, බොජ්ජංග සූත්‍රය සඤ්ඤායනා කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දේ..

රට තුළ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ජනතාවට නිරෝගී සුවයෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය උදාකර දීමට රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය හා බොජ්ජංග සූත්‍රය ගායනා සඤ්ඤායනා කරන්නට සංවිධානය කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලිඛිතව දන්වා යවා තිබේ.

මෙම අවස්ථාවන් සංවිධානයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට විහාරාධිපති හිමිවරුන් දැනුවත් කරන ලෙසද ලිපියේ දැක්වේ.

මෙම වැඩපිළිවෙලට සමගාමීව 24 වැනිදා සිට 29 වන දින දක්වා ප‍්‍රධාන නගර කිහිපයකම එවැනි පිරිත් සජ්ජායනා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සඳහන් කරයි.

17,553 views

38 Comments to “කොරෝනා මැඩලන්න රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය, බොජ්ජංග සූත්‍රය සඤ්ඤායනා කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දේ..”

  1. HUKARIS says:

    Gana thattayo, etha atheethaye sota, gon minisun mulakara, Buddhagama vikurthi kara, Prith, Deva edahily budu samayata demmoya.

    Budun vahanse, koi kalakawath, Deva Puuja, Bhodi Puja Kalada ban?.

    Ane harakuni, mithya dustika Anyagamikayan saha nuuthan bahujjayan athara venasak nethoooooooooooo..

    • lanka says:

      Me aththa buddagama dannawada? Rathana Suthraya Budu Himiyan visala nuwara wasangatha ro biyak duru karanna desana karapu bawa potha pathe sandahan wenne. eka borunam ithin Budu Himiyan kiyala kenek hitiye na kiyala thamun hitha gannawako

  2. Sri jayasinghe says:

    කලබල වෙන්න දෙයක් නෑ තාම සමාජ ගතවෙලා නෑ.

  3. "කරුමෙට අත වනනු එපා"🙏🙏 says:

    මෙන්න මේ ලියපුවට හොඳ පිලිතුරක්…
    මා පිටරටක ඉඳන් ඉගෙනුම ලැබුවත් මාගේ ඉගෙනීමේ කටයුතුවලට ආශිර්වාද ලබාගන්න ඉරිදා දිනයට පන්සල් යනවා… කොරෝනා පැතිරුන දිනවල පන්සලේ පිරිත් දේශනාවක් සංවිධාන කලා. විදේශිකයොත් එතැනට ඇවිල්ලා ඉන්නකොට හාමුදුරුවෝ සැමෝටම කතා කලා පිරිත් අහන්න ඇතුලට එන්න කියලා.. සෙනඟ අතරේ එතැන එකට හිටියා ජෝඩුවක් ඉතින් හාමුදුරුවෝ ඒ දෙන්නටත් ඇතුලට එන්න කියලා කීවා… මිනිහා ගෑණිගේ කනට ලංකරලා කීවා මගේ යාලුවෝ බලාගෙන ඉන්නවා එලියේ ඔයා යන්න ඇතුලට… මම යනවා.. කියලා! ආවේගශීලිවූ බිරිඳ කිව්වා ඔයාට අදවත් ඔය බෝතල් පාටි යනඑක නවත්වන්න බැරිද කියලා… එතකොට කීවා ඒවගෙනෙ ආතල් එක තියෙන්නේ.. ඕවගෙද..?? කියලා..! ඒක හාමුදුරුවන්ට ඇහුනා….! හාමුදුරුවො කිසි දෙයක් කීවේ නැහැ … නමුත් ඒක ඇසුනු අනික් අය පුදුම දොසක් ඔහුගේ බිරිඳට නැගුවා..!
    දින කිහිපයකට පසු මම පන්සලට ගියා … අර බිරිඳ කඳුලු හලමින් හාමුදුරුවන්ට කියනවා අනේ හාමුදුරුවනේ මට පිරිත් නූල් හා පැන් ටිකක් දෙන්න මහත්තයා ඉස්පිරිතාලයට ඊයේ රෑ ඇතුල් කලා උස්ම ගන්න බැරිවෙලා..! හාමුදුරුවෝ කීවා නෝනා… එයාම නේද එදා මේ දෙයට අවමන් කලේ… ඉතින් පලක් වෙයිද..?? දින කිහිපයකට පසු කොරෝනාවට ඔහු ජිවිත කරුමෙ ගෙවලා ඒ රටේ පලමු මරනය ලෙසට බිරිඳව කනවැද්දුම් කලා…!
    ඒ නිසා ඔය කමෙන්ට් දාපු අය ආගමට අවමාන කරලනම් දැම්මේ වාහන නම් පදවන්න එපා..!

    • john the baptice says:

      ඉතින් ගොන් වහන්සෙ උබ රෑ නිදිමරාගෙන තනියම හෙඩ් පෝන් එකක් දාගෙන පිරිත් අහපන්කො. අනිත් එවුනුත් ඕනනනම් ඒ විදිහට අහයි. නිදාගන්න එවුන්ට නිදා ගන්න දීල. 😀 😀

      • ක්‍රිමිනල් says:

        ඒක තමා, ලෙඩ උනොත් දොස්තර සජී තුමා හම්බ වෙලා පකනිල් පෙත්තක් ඉල්ලන් බිවුව නම් හරි. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  4. ගමරාළ says:

    බත්තරමුල්ලේ පංසලක් තියෙනවා එකේ ලොක්කාට කොල් කරලා appointment එකක් දාලා තමයි පංසල් යන්න ඔන , පංසලේ ගෙට්ටු වහලා බොඩ් එකක් අලවලා තියෙන්නේ එකේ, ඇඩෙනවා. අයියෝ සල්ලී කල හදියක් අපේ ආගමට , එකේ පිරිත් දාන්න ලොක්කාට ලැජ්ජයි මයේ හිතේ.

    • lanka says:

      ehema lankawe sidda une ahi? gettu lock karan pansale hamuduruwaru bayen inne koi wele ISIS karayo diviyaloke yanna anyagamikayo maraida kiyala bayatane. Pirith danna bari wate kattiya nadu danawa sadda vikasane dala ahala pahala ayage manawa himikam kadanawa kiyala pansale hamuduruwaru. usavi gane rasthiyadu wenna newei ne mahana wela thiyenne

  5. හෙලයා says:

    පිරිත් තියෙන්නෙ මහ හයියෙන් කියවල ලඔඩ්ස්පීකර් දාගෙන සබ්ද දූශනය ඇතිකරන්න.. බුදුන් වහන්සේ දේශනා කලේ පිරිත් කරගන්න කියල.. නැතහොත් එහි ඇති කරුනු තම තමන් විසින් පිලිපදින්න කියලයි..හරි නම් සිහලු හාමුදුරුවරු භාවනානු යෝගීව පිරිත් කරන ( තමුන්ගේ ඇතුල පිරිසිදු කර ගන්නා) අතර් සියලු සතට සෙත් පතා . ගිහියන් ද එලෙසම කල යුතුයි. එවිට ඒ සාමූහික ශක්ට්ගියෙන් සියලුආපදා දුරුවෙනවා..

    • සැම ආගමටම ගරු කරන්න...!🙏 says:

      හෙලුවෙන් කතාකරන හෙලයෙකි මොහු…!
      කොහෙන්ද ඔය ටිකවත් ඉගෙන ගත්තේ…?
      එතකොට මුස්ලිම් අය උදේ පාන්දරම ශබ්ද දාලා යාඤා කරන එකටත් ඔයවගේ කමෙන්ට් එකක් දාල බලන්නකෝ ඔයා කොහේ යයිද කියලා…!

      • හෙලයා says:

        බුද්ධ දර්ශනය ගැන අබමල් රේනුවක්වත් දන්නති ඔබ වැන්නවුන් නිසා තමා බෞද්ධයෛන් මෙතරම් පිරිහිලා මිත්‍යා පසුපස හති දාගෙන් දුවන්නේ.. උතුම බුදු දහම් තම තමුන් විසින් ප්‍රගුන කරන එකක් මිස ලෝකෙට ඇහෙන්න කෑ ගගහ ඉන්න එකක් නෙමේ.. පිරිත් ප්‍රගුන කලොත් අනුගමනය කලොත් තමා එහි ප්‍රතිපලය තමුන්ට සහ අන් හැමටම ලැබෙන්නේ..එහෙම නැතිව භාවනා කරන ඇත්තෙකුට රන් හා සමාන උදාසන හොරාව ස්පීකර් දමා දූශනය කරන් එක නෙමේ සුදුසු… නැතිව පල්ලියෙ කෑගැහුව කියල ඒක පන්සලෙත් කිරීම නෙමෙ. මුලින්ම බුද්ධිය වර්දනය කර ගන්න කියල යෝජනා කරමිඅ

        • lanka says:

          Lankawe bauddayan kawruth anunta karadara karanne ne. piritha sadden danne watema inna ayata seth pathanna. okkoma sathwayanta.. ekata agam beda na. thaniyama kiyawannath agama prawardanaya karannaona. nathnam thaniyama adahala eka eka marila yayi. buddagamath ekkama walaleyi.

          • හෙලයා says:

            අතීතයේ සමාජය තුල බුදු දහම රැකුනේ ඉහලින්ම පිරිස අනුගමනය කලේ ලවුඩ් ස්පීකර් දාගෙනද .. ඒ සමයේ බොහො පිරිස් දහම අනුගමනය කලා ප්‍රගුන කලා.. හැමෝම සමාජයේ බියෙන් සැකයෙන් තොරව ජීවත් උනා..පොහො දින වල පන්සල් හරිම නිස්සබ්දයි තැන තැන භාවන කරන ඇත්තන්ගෙන් පන්සල් බූමිය පිරිල තිබුනා නොවේද.. දැන් හාමුදුරුවරු ගිහියන්ටත් වැඩියෙන් පිරිහිලා.. පන්සල් වල ව්‍යාපාර කරන තැන ට වැටිලා.. ලෞඩ්ස් ස්පීකර් දාගෙන සoගීත සහ නාහෙන් අඩ්න කවි බන.. මේව නිසා තමා බුදු දහම විනාස වෙන්නේ..

  6. Samson says:

    Shabda dushanaya nowi, adu sadden pirith iyanna. Me ape rate hamotama suwa pinisayi. Ehi agam jathi bedayak netha.

  7. Mithya Drushtikaya says:

    Me bauddha comasaris unnahema thamai dawas 5( pahaka) Wesak sathiyak (7) prakaasha keruwe.
    Wihaarasthanawala witharak madi unnahe, kiyannako TV saha Radio wala siyalu wedasatahan nawathwala dawasa purawatama Pirith pracharaya karannei kiyala. Ethakota corona ikmanata saneepa wevine.
    Ai Pirith witharak, anith aagamikayantath kiyannako e e aagamwala deshanaath dawasa puraama prachaaraya karannei kiyala.

  8. රත්නපුරේ ජනතාව says:

    රට වහන්න බැරි උනාට සෙනග ගොඩක් ගෙවසෙන උත්සව සංවිධානය නොකර ඉන්න පුළුවන්, එවැනි උත්සවවලට සහභාගීනොවී ඉන්න පුළුවන්. එත් මහජනත්වටවත් රජයටවත් ඒවා නවත්තන්න ඕන කමක් නැහැ. ඒගොල්ල්ලෝ රුපපහිනියට ඇවිල්ල මාද්‍ය සංදර්ශන දානවා ප්‍රතිරුප හදාගන්න එත් වලක්වා ගන්න ඕන කමක් නැහැ. හොඳම උදාහරණය තමයි අද (ඔක් 24 සෙනසුරාදා) තව පැය කීපයකින් රත්නපුරේ රෝහලට නුදුරින් පැවැත්වෙන 350ක් විතර සහභාගී වෙන මුල්ගල තැබීමේ මහා උත්සවය. (උත්සවය කල්දාන්න තිබුණා නැත්නම් මුල්ගල අදම තියන්නම ඕනනම් ලොකු උත්සව නැතිව සුළු සහබ්ගිත්වය්කින් කරන්න තිබුණා). දිවා භෝජන සංග්‍රහය පැවැත්වෙන්නේ රත්නපුර නව නගරේ පිහිටි “කේතුමතී” හෝටලේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අශිවාදය ඇතිව උත්සවය සංවිධානය කරන්නනේ සබරගමුව විශ්ව විද්‍යාලය සහ ර්ට අනුබද්ධ රත්නපුරේ හිදෙල්ලන පිහිටි සරසවි පීඨය.

  9. Jagath Hettiarachchi says:

    ලවුඩ් ස්පීකර් නැතුව පිරිත් කියන්න. බුදුන් විශාලා මහනුවරදී කර පෙන්වූ දේ අනුගමනය කරන්න, බුදුන් ගේ නාමයෙන්.

    පිරිත් කීම හොඳයි
    ලවුඩ්ස්පීකර් එපා.

  10. කාන්තාර පළඟැටියා says:

    ලවුඩ්ස්පීකර් හදලා තියෙන අහුජා කොම්පැණියෙ එකාව මරාගෙන මැරෙන්න හිතෙනවා. මේ ගොන් තක්කඩි කන්ඩ නැතිකමට පන්සල්වලට ගෙනත් දාපු එවුන් මියුසික් තියෙන කවිබණයි , පිරිතුයි දානවා වරු ගානක්. කන හෝ ගානව එව්ව නැවතුනාම. දැන් ඉන්න “මොඩ් මොන්ක්ස් ” ලා දන්නෙ නෑ . මේ උපකරණ හරියට නිවැරදිව භාවිතා කරන්න. පන්සලේ ඉඳන් ගමේ කෙලවරවල්වලට ඇහෙන්නයි දාන්නෙ. ඉතින් කොහොමද ඒ මහ සද්දෙට වටේ පිටේ මිනිස්සු නිදහසේ ඉන්නෙ. අනික මේ ඇඳිරිනීතිය කාලේ ?
    මහ අසාධාරණ මෝඩ තීරණ මෙව්වා

    • kamal says:

      එදා යටගිය දවස විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කරන්න රතන සූත්‍රය බලයෙන් හැකි උනාසේ මේ ලෝකවාසි ජනයාට කොරෝනා නිසා ඇතිවන බියත් ඒ දරුණු ව්‍යසනය ඉක්මනින් දුරුවේවා ,,,,,,,,,,සෙතක් ශාන්තියක්ම උදාවේවා 🙏🙏🙏

Main News