සිවු දිග මහා සංඝ රත්නය නොතකන බව ආණ්ඩුව පෙන්නුවා.. ඊයේ ජාතියේ ශෝක දිනයක්..- ජාතික සංවිධාන

October 23, 2020 at 1:20 pm | lanka C news
සිවු දිග මහා සංඝ රත්නය නොතකන බව ආණ්ඩුව පෙන්නුවා.. ඊයේ ජාතියේ ශෝක දිනයක්..- ජාතික සංවිධාන

මහා සංඝරත්නයට හෝ මහජන මතයට ගරු නොකර විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඔක්තෝබර් 22 වන දින ජාතික ශෝක දිනයක් සේ සලකන බවයි.

එම සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් ඒ මහතා විසින් සිය මතය මෙසේ ඉදිරිපත් කරයි.

01. ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මහජන විරෝධයට ලක් වූ සංශෝධන සියල්ලටම කිසිඳු වෙනසක් සිදු නොකර හෝ ව්‍යාජ රූපලාවන්‍ය වෙනස්කම් සහිතව සම්මත කිරීම මඟින් මහා සංඝරත්නය ප්‍රමුඛ මහජන මතයට ආණ්ඩුව ගරු නොකරන බව පැහැදිළිව ප්‍රදර්ශණය කිරීම. ඒ මඟින් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේදී සහ එම්.සී.සී සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට බලපෑම් එල්ල වීමේදී ඒ ආකාරයටම කටයුතු කරනු ඇතැයි පෙන්වීම.

02. මහජන විරෝධය නියෝජනය කළ ආණ්ඩුව තුළ සිටින වාමවාදී ජාතිකවාදී බලවේග සහ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන බව පෙන්වූ මන්ත්‍රීවරුන් සියල්ල ආණ්ඩුවේ බලපෑම් වලට යටත් වීම නිසා ඒ මඟින් ඉදිරියේදී එම්.සී.සී සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට ජාත්‍යන්තර බලපෑම් එල්ල වන අවස්ථා වලදී ඔවුන් කෙසේ කටයුතු කරනු ඇත්ද යන්න පිළිබඳව මහජන විශ්වාසය පළුදු වීම. විශේෂයෙන්ම ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් මහජනයා අමතා කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරන තත්වයක් යටතේ ජනාධිපතිවරයා ඔවු් පුද්ගලිකව කරන ලද කියන හැඟීම්බර හෝ වෙනත් ආකරයක ඉල්ලීමක් මත එම බලවේග එම බලපෑම් වලට යටත් වී සියළු වගකීම් බාරගනිමින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවේ ඉල්ලීම් ඉටු කරන බව ප්‍රකාශ කිරීම මඟින් මහජන විශ්වාසය තවදුරටත් පළුදු වේ.

03. රහසිගතව ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන බලවේග වලට ආණ්ඩුව තුළට ඇත්ල්වීම සඳහා දොරක් විවෘත වීම. විශේෂයෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී බලවේග විසින් රාජ්‍යතුළ නියෝජනය වෙමින් සහ රාජ්‍ය බලය යොදා ගනිමින් අන්තවාදය පෝෂණය කිරීම සඳහා යොදා ගත් හකීම් – රිෂාඩ් – හිස්බුල්ලා වැනි චරිත වලට දැන් එම භූමිකාව ඉටු කිරීමට නොහැකි තත්වයක් තුළ එම භූමිකාව ඉටු කිරීම සඳහා ඔවුන්ට විරුද්ධ බව හෝ ඔවුන්ගේ ස්වාධීන බව පෙන්වන නව පුද්ගලයින්ට ආණ්ඩුව තුළට ඇතුල් වී අනාගතයේදි ඇමතිකම් ලබා ගැනීමට දැන් නව දොරක් විවෘත වී ඇත.

– FNO

81,406 views

48 Comments to “සිවු දිග මහා සංඝ රත්නය නොතකන බව ආණ්ඩුව පෙන්නුවා.. ඊයේ ජාතියේ ශෝක දිනයක්..- ජාතික සංවිධාන”

  1. මයික් පොම්පියෝ says:

    පුළුවන් නම් ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කරන වගන්තියට විරුද්ධ එකෙකු හෝ කණ්ඩායමක් ගිනි තියාගෙන මැරිලා පෙන්නපල්ලා…. Hoh… Hoh… Hoooo ., Holy Cows , Holy Cows and Mad Yellow Robs

  2. Ak47 says:

    Mu pohottu musalayek neda? Mama dekala thiyenawa mu pohottuwanta kadey yanawa🤔🤔🤔🤔🤔🤔🤔🤔🙄🙄🙄🙄🙄

  3. sunimal says:

    ඔය 225ට වඩා ජන බලය බලවත් බව දැනගතුයි රජය බලාගෙන කටයුතු ක‍රන්න

  4. Nandasoma Suriyaarachchi says:

    මේ වගේ පිස්සො නිසා රටේ කිසිම දෙයක් කරන්න බැහැ…..!

    බහුතරයට ගරු කර තමුන් ගෙදරට වී ලවුලත් එක්ක ශෝක දිනයක් ප්‍රකාශ කරගත්තට කිසි වරදක් නැහැ, හැබයි ඔය අදහස බහුතර ජනතාවගේ එහෙම නෙවෙයි, ආණ්ඩු පෙරලා පෙරලා රට අස්ථාවර කරන්න බලාපොරොත්තුව ඉන්න, බලය දහ ගන්න බලා ඉන්න හෝ හපුටුවන්ගේ සහ බල්ලා නටවන්න බලා ඉන්න වලිගෙ අදහසයි.

    • Kandy Gentlemen says:

      ඔබ හරියටම හරි. ඔය වසන්තල වගෙ කිසිම වැදගත්කමක් නැති මිසදිටුවන් ඉන්නකං මේ රට ගොඩගනු බොරැ. මම මෙි කල්පනා කරකරන්නේ අර පෙු්මදාස, විජේවිර, පුබාකරන් වගෙ මිනිමරැවො මහ දවල් මිනි මරනකොට ඔය කියන වසන්තය ඉන්න ඇත්තෙ හොර ගැනිිිිිිිගෙ රෙද්ද අස්සෙ වෙන්න ඇති. සමාවෙන්න නරක වචන පාවිච්චි කරනවට. වසලයන්ට වසල භාෂාවෙන්ම තමයි කතා කරන්න ඕනැ
      .

  5. Nandasoma Suriyaarachchi says:

    ජනතාවගේ අවශ්‍යතාවය වනුයේ රටට වැඩක් කරණ, රට ජාතිය ආරක්ෂා කරණ, සෘජු තීරණ ගත හැකි පාලකයකු මිස ජේ ආර්/රනිල් මෙන් ඒකාධිපතියකු හෝ සිරිසේන මෙන් නිවටයකු හෝ නොවේ…..!

  6. Sam Fernando says:

    One of the biggest NGO Kakkas. Bugger off.

  7. Purawasiya says:

    Emotional feelings are more important and get priority than the country!

  8. po says:

    පචායුධෙයි, ගොම්මන්පිලයි සිංහ ටෝක් දිලා අන්තිමට බලු වෙලා චන්දෙ දුන්න. මූ මෙතන බයිලා කියනවා දැන්.

  9. FoolishLankan says:

    What about JR when he was doing the same, everybody kept their tail hidden under the back??

  10. Dikman Aiyya says:

    …..when you try to disturb and pork you fingers to each and every dame thing this is what will happen,….Gota would not like that,…we know that. Mahaa Sanaga should advice them,…but should not try to dictate terms to them….that will open the doors to enemies to get involve with government,…a foolish move

Main News