ආසාදිතයන් සමාජයෙන්.. සියල්ල උඩුයටිකුරු වෙයි.. මරණ ගණන ඉහල යයි.. රට ඉතාම භයානක තැනකට..

October 23, 2020 at 10:28 pm | lanka C news
ආසාදිතයන් සමාජයෙන්.. සියල්ල උඩුයටිකුරු වෙයි.. මරණ ගණන ඉහල යයි.. රට ඉතාම භයානක තැනකට..

අද වන විට කොරෝනා වෛරස ව්‍යාප්තිය ගැන පූර්ව අනාවැකි කිව නොහැකි තත්වයට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට සමාජය තුළින් රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි.

නමුත් තවම වෛරසයේ නියම අවදානම අවබෝධ වී නැතැයිද ඔහු කියා සිටියේය

වෛරසය සමාජ ව්‍යාප්තියක් ආරම්භ වූ සැණින් ද සියල්ල උඩුයටිකුරු වෙන බවත් මරන ගණන වේගයෙන් ඉහළ යනු ඇති බවත් ඔහු පැවසීය.

සමාජ ව්‍යාප්තියකදී රෝහල් පද්ධතිය ඇඳන් සහ ඉඩකඩ පිරී යනු ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලය විඩාවට පත් වී ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය අඩපන වන බවත් අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

එනිසා යම් කිසි මොහොතක සමාජ ව්‍යාප්තියකට ප්‍රවේශ වූවොත් රට ඉතාම භයානක තැනකට යනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

116,530 views

43 Comments to “ආසාදිතයන් සමාජයෙන්.. සියල්ල උඩුයටිකුරු වෙයි.. මරණ ගණන ඉහල යයි.. රට ඉතාම භයානක තැනකට..”

  1. Sakunthala says:

    අද දින කොරෝනා ආසාදිතයින් 609 ක් හමුවෙලා,සමාජය කියලා එකක් නෑ,සමාජය කියන්නෙ හෙලවෙන මනසට 😮

  2. ivan says:

    GMOA always criticising this this not their job,

  3. Gaya says:

    GMOA එක එහෙම කියද්දී ඒ ගොල්ලන්ගෙම සාමාජිකයොම, මැති ඇමතිවරු, මහජනතාව, සරසවි ශිෂ්‍යයයෝ ආචාර්යවරු ඇතුළු 350-400 සහභාගිවෙන මුල්ගල තැබීමේ උත්සවයක් අද (ඔක් 24 සෙනසුරාදා) 11- 12ත් අතර රත්නපුරේ රෝහල අසන්නන්යේ පැවැත්වෙනවා සියල්ලන්ටම දිවා භෝජන සංග්‍රහයක් රත්නපුර නව නගරේ පිහිටි “කේතුමතී” හෝටලයේ/උත්සව ශාලාවේ පැවැත්වෙනවා. දිව්ලපිටිය මගුල් ගෙවල් කොරෝනා දෙවන රැල්ලට හේතු උනා කියලා හමුදාපතිතුමා කියල තිබුණා . ඇයි කොරනා රත්නපුරේ හෝටල්වලින් පත්රෙන්නේ නැහැ කියල සහතිකයක් දීල තියෙනවද??? මේ උත්සවය මෙවෙනි අවදානම් කාලයක පැවැත්වීම රජයේ ප්‍රතිපත්තියට අනුකුලද/සුදුසුද, රත්නපුරේ මෙවැනි කොරෝන අවදානමක් බාරගන්නේ පවිත්‍ර ඇමතිතුමිය රත්නපුරේ දිස්තික්කේ හින්දද? මේක වලක්වන්න කොන්ද තියෙන කවුරුත්ම නැද්ද?

  4. bua says:

    you have done your duty GMOA. the problem is when ass holes get ill it will risk your members lives too. so you have a right to fight.

  5. කඩියා says:

    කොරොනා සදහා වන දේශිය ප්‍රතිකාර සදහා මේ සුදුසු වේලාවයි.

  6. Kevin says:

    කොරෝනා මුල් වටයේ දී අලුත්ගේ මහතා එතුමාගේ කාර්යයභාරය හොඳින් ඉටු කලත් දෙවන වාරයේදී එය ආන්ඩුවේ පටු දේශපාලන න්‍යාය පත්‍රයට අනුව සිදු කිරීම කණගාටුවට කරුණක්.

  7. රාවණා says:

    කොරෝනා වලට වඩා භයානකයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒක හොඳ වෙලාවට වල පල්ලට යැව්වා. බය වෙන්න එපා . පාර්ලිමේන්තුව දියාරු වීමත් සමග කොරෝනා වසංගතය අඩුවෙලා යනවා

  8. සමන්ත says:

    මට මතක විදිහට මාර්තු අප්‍රේල් කලේදී මෙතුමන් කිව්වා අද වැඩි වෙයි හෙට වැඩි වෙයි 2000 පැන්න ගමන් සෞඛ්‍ය කඩා වැටෙනවා කියලා. ඒත් අද 2000 දෙකෙන් වැඩි වෙලා කිව්ව වගේ සෞඛ්‍ය කඩන් වැටිලා නෑ නේද? ගෝමා ලා එදා ඉඳලාම කලේ කොරෝනා බොරු බිල්ලන් මැවීම විතරයි. කොරෝනා වලටත් වඩා බය හිතෙනවා මෙතුමා ප්‍රවෘත්ති සාකච්ඡා වලදී ඇස් දෙක ලොකු කරන හැටි දැක්කාම..

Main News