තවත් 256කට කොරෝනා.. අදට පමණක් 865යි..

October 23, 2020 at 11:55 pm | lanka C news
තවත් 256කට කොරෝනා.. අදට පමණක් 865යි..

තවත් කොරෝනා ආසාදිතයන් 256 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 39 දෙනකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොලෙන් හඳුනාගෙන ඇති අතර ඉතිරි 217 දෙනා එම මත්ස්‍ය වෙලදපලේ හා මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ‍්‍රීතයන්ය.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කරයි.

අද දිනයේ මේ දක්වා හදුනාගත් ආසාදිතයන් ප්‍රමාණය 865ක් වෙයි.

මෙම ආසාදිත පිරිස සමග මෙරටින් වාර්තා වන සමස්ථා ආසාදිත ප‍්‍රමාණය 7153ක් දක්වා ඉහල ගොස් ඇත.

28,382 views

6 Comments to “තවත් 256කට කොරෝනා.. අදට පමණක් 865යි..”

  1. 😷 😷 😷 😷😡😡😡 says:

    ලංකාවේ කොරෝනාව ඉතා සැහැල්ලුවට අරගෙන නිසා කවුරුවත් එයට බය නැහැ..!
    ත්‍රිවිධ හමුදාව පොලීසිය හෙදියන් හා වෛද්‍යවරු දිනපතා ඒවා දැක එයින් ජනතාව ආරක්‍ෂා කරන්න නිදි නොබලා කැපවී වැඩ කලත් ඇති ඵලය කුමක්ද..?
    දින කිහිපයකට කලින් නිරෝධායන කල කෙනෙක් එයින් පැනලා ගිහිල්ලා 13 තට්ටු නිවාසයක සැඟවිලා හිටියා.. එක්කෙනෙක් නිසා මුලු මහල්නිවාසම සෝදිසි කර ප්‍රතිශක්ති කරන්න වෙනවා..!
    ඒවා කරන්න යන බදු මුදල් ගැන කිසි තැනක සඳහන් වන්නේ නැහැ..! ඒ කරනා කෙනා ඒව ගෙවන්නෙත් නැහැ..!
    ඒක තමයි මේ පොකුරු හැදෙන්න මූලික හේතුව..!
    ඔස්ට්‍රේලියා.. එංගලන්තයේ මේ වගේ කලොත් දඩය රු ලක්‍ෂයයි අවම..!

  2. ගොනා says:

    දැන් ඉතිං ආණ්ඩුවට කොරෝනා තිබුණත් එකයි නැතත් එකයි. 20 සම්මත කරගෙන විධායක බලය අසීමිතව වැඩි කරගත්ත ට පස්සෙ රජ සැප විඳින එක විතරයි කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ

  3. අවුලක් නෑ 20 දිනුම් ඒ ඇති ජයවේවා මව්බිමට

  4. Cim says:

    This seems to be the most unsuccessful government we ever had.Government is not concerning on the health of people.

  5. අල්ලා says:

    ටික ටික එකතු කරල, එකතු කරල, ඔක්කොටම බෝ කරමු…

Main News