පාර්ලිමේන්තුවටත් කොරෝනා රිංගයි.. ආසාදිතයෙක් හදුනාගනී.. ජනාධිපති හා සියළු මැති ඇමතින් අවසන් සතියේ පාර්ලිමේන්තු ඇවිත්..

October 24, 2020 at 9:41 pm | lanka C news
පාර්ලිමේන්තුවටත් කොරෝනා රිංගයි.. ආසාදිතයෙක් හදුනාගනී.. ජනාධිපති හා සියළු මැති ඇමතින් අවසන් සතියේ පාර්ලිමේන්තු ඇවිත්..

පාර්ලිමේන්තුවට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙම නිලධාරියා පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයටය මාළු මිලට ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයයට ගොස් ඇති බවයි.

ඔහුට එහිදී වෛරසය ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි.

ඔහුගේ ආශ්‍රිතයින් 7 දෙනෙකු කොරෝනා පරීක්ෂණවලට ඇත.

කෙසේ වෙතත් මෙම නිලධාරියා පාර්ලිමේන්තු සංකීර්ණය සමග සම්බධතාවක් පවත්වා නැතැයිද වේත්‍රධාරියා තව දුරටත් පැවසීය.

මේ තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් ඉදිරි උපදෙස් ලබා දීමට නියමිතව ඇත.

ආසන්න දින කිහිහිපයේදී ජනාධිපතිද ඇතුළු සියළු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු පැමිණියහ.

61,793 views

20 Comments to “පාර්ලිමේන්තුවටත් කොරෝනා රිංගයි.. ආසාදිතයෙක් හදුනාගනී.. ජනාධිපති හා සියළු මැති ඇමතින් අවසන් සතියේ පාර්ලිමේන්තු ඇවිත්..”

  1. 👀👀👀🤣🤣🤣😀😀🤣 says:

    සුජීව මැතිසබේ 20ට අපහසම විරෝධය පාලා
    22 වනදා ඇමරිකානු කොඩියට හෑල්ලුව දාලා
    කැළඹුන ඇමරිකන් කොරෝනාව ඇතුලු වීලා
    දුන්න පාඩමක් මැතිසබේ වහපං මාස්ක් දාලා

    • nimalsiri says:

      wedakata nethi sinhala suruttuwan inna parlimenthuwaka,
      inna nugath baiyala anthavaadeela aagamvaadeenlaaya,
      mun 225ma coronawen merunadaata,
      edaatai kiribath kaala jaya samaranawa.

    • ක්‍රිමිනල් says:

      රතු සහෝදරවරු ගව මුත්‍ර බීල බේරෙයි.
      සජබ පකනිල් බීල බේරෙයි.
      ගොන් බයියොන්ට තමා කෙලවෙන්නේ.

  2. Shan says:

    At last some good news!

  3. පිංපොං says:

    මේ යන විදියට ද‌ෙක‌ෙන් එකක් ව‌ෙයි.
    එක්කෝ පොම්පියෝට ගමන කැන්සල් කරන්න ව‌ෙයි.
    එක්කෝ අපේ අයට පොම්පියෝව හම්බව‌ෙන එක කැන්සල් කරන්න ව‌ෙයි.

    • පිනෝකියෝ says:

      ඇත්තටම මේ ගොම්පියෝ එනඑක වලක්වාගන්න මොකක්වත් උපක්‍රමයක් නැද්ද ?
      අපේ අයට තියනේනේ බොරැවට හරි කැහැකැහැ හොටු ප‌ෙරප‌ෙර ඉන්න..එතකොට ගොම්පියෝ Airport එක‌ෙන්ම හැරිලා ආපහු යයි.

  4. බූරු පුතානෝ සජීයා says:

    ප්ලැකනිල් plaquenil බොන නිසා බූරු පුතානෝ නමි බේරෙයි.

  5. නමනවතී says:

    අර සෞඛ්‍ය + එළදෙනක් පසුගිය දවසක ගොන් මඩුවෙම කීවෙ ඕකෙ ගොන්නුන්ට ඕක හැදෙන්නැතයිය, ඕන ගොනෙකුට ඔය මඩුව ඇතුලෙ masks නැතිව තප්පුලන්න ඇහැකයි කියල.

  6. සනත් ඉතාලිය says:

    සතුටේ බැරුව කමින්සූන් දියවන්නා පොකුර.

  7. Ovini says:

    That’s the Best news

  8. වන්නියා says:

    සවුක්කිය ඇමති තුමී ගේ නීතිය කොරෝනාට මතක නැති වෙලා වගේ , හපෝයි කොරෝනා !

  9. Nimal perera says:

    Agamethita hadunoth pavithrata hedenawa. Pavithragen 225 ta ma badu banis wenawa🙄🙄🙄🙄🙄🙄

  10. saman says:

    රට ජාතිය සුරකීමට ජනධිපතිතුමා අතුලු පවුලේ සියලුම දෙනා හොදින් සුරක්ශිතව වැජබේවා

Main News