භික්‍ෂූන් වහන්සේලා නොතැකුවොත් රජයට හානිදායක විය හැකියි..- අස්ගිරි පාර්ශවයෙන් දැනුම් දීමක්..

October 26, 2020 at 6:28 am | lanka C news
භික්‍ෂූන් වහන්සේලා නොතැකුවොත් රජයට හානිදායක විය හැකියි..- අස්ගිරි පාර්ශවයෙන් දැනුම් දීමක්..

විසිවන සංශෝධනය සම්මත කිරීමට පෙරාතුව එහි යම් යම් සංශෝධන සිදු විය යුතු බවට භික්ෂූන් වහන්සේලා විසින් පෙන්වා දුන් බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරති.

නමුත් ඒවා නව ව්‍යවස්ථාවක ඇතුළත් කරන බවට රජය පවසා ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

විශේෂයෙන් ද්විත්ව පුරවැසි බාධකය නව ව්‍යවස්ථාවක ඇතුළත් කරන බව රජය පවසා ඇතැයි ද දැනගන්නට ලැබුණු බව උන්වහන්සේ පැවසූහ.

භික්ෂූන් වහන්සේලාගේ ද මගපෙන්වීම සහිත මෙම රජය භික්ෂූන් වහන්සේලාගේ අපේක්ෂා ඉටු නොකළහොත් චෝදනා එල්ලවිය හැකි යැයි ද උන්වහන්සේ කියා සිටියහ.

එනිසා රජයට මෙමඟින් යම් හානිදායක තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එනිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා කඩිනමින් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.

36,130 views

23 Comments to “භික්‍ෂූන් වහන්සේලා නොතැකුවොත් රජයට හානිදායක විය හැකියි..- අස්ගිරි පාර්ශවයෙන් දැනුම් දීමක්..”

  1. Janaka from Matara says:

    මේක අනුසාසනාවක් ද​, තර්ජනයක් ද​?
    මේ දවස් වල මේ පැවිද්දන් ගේ හැසිරීම් රටා අනුව මොකක් මොකක් දැ යි මා වැනි ගැමියෙකුට නොතේරෙයි.
    හැබැයි ජන මාධ්‍ය හරහා අනුසාසනා පැවැත් වීමට යෑම දහමට ගෝචර නොවන බව නං මට උනත් තේරෙයි.

  2. praba says:

    හාමුදුරුවනේ මුල අමතක වෙලාද? 19 න් රටට සුබදායක දේවල් සිදුවුනාද? බුදු දහමට තැන ලැබුනද? පෙරහැර පවත්වන්න අලි ලැබුනද? අලි තියගන හිටපු හාමුදුරුවරු හිරේ වැටුන නේද? ඔබ වහන්සේලාට අවමන්කලා නේද? රට බෙදන්න ලැහැස්ති වුනා නේද මේ 19 නිසා මුළු රටේම ප්‍රශ්න වැලක් නිර්මාණය වුන බව අමතකයි ද ඒ දවස්වල මහින්ද මහත්මයා ඇතුලු කන්ඩායම කීව නේද අපි බලයට පත්වුනාම මේ 19 අහෝස් කරනවා එයට ජන්ද ය ලබාදෙන් න කියල නේද ඉල්ලුවේ. ඇයි ඒවා අමතක ද? 19 ට පෙර විධායකය රටේ පැවැතුනේ නැද්ද? මොකක්ද හාමුදුරුවනේ මේ කෝලම, ඔබ වහන්සේලා දේශපාලනය කරන්න එන්න එපා. ජනතාව දෙන දානේ වළඳලා පාඩුවේ ඉන්න. නිකං බොරුවට උඩ පනින්නේ නැතුව. මේ රජය ඔබ වහන්සේලාට සළකනව් වැඩියි. අනික ඔබවහන්සේලා නිසා නෙවෙියි. මේ රජය බලයට පත්වුනේ මහජන ජන්දයෙන් බව මතක තියාගත්තොත් හොඳයි.

  3. Kalana says:

    ඔගොල්ලන් කොහේ හැරෙන්නද මවුලවි ත් එක්ක. ඔගොල්ලන් මොනවද ජාතියට, තමුන්ගේ මිනිස්සුන්ට කලේ. වාහන අරන් සැප වින්ද ඇරෙන්න.

  4. Niru says:

    If the Cardinal says jump they jump.
    It is better to make Cardinal head of Malwatte and Asgiriya

  5. කරුණාපාල says:

    ඝන ගෙඩි නම් හැමදාම කලේ පාලකයින්ගේ පස්ස ලොවපු එක තමයි. කරන්න බැරි දේවල් ගැන පඩ නොපෙන්වා අපිට පව් නොදී ඉන්න. රටටම නයි පෙන්නලා දැන් එනවා මෙතන හැව අරින්න.

  6. දුටුගැමුණු says:

    බුදුහාමුදුරුවෝ භික්ෂූ කිව්වේ සෝවාන් ආදී මාර්ග ඵල ලාභීන්ට. දැන් ඔය පැත්තෙ මාර්ග ඵල ලාභීන් කීයක් ඉන්නවාද හැබෑටම ? කියමුකො බලන්න අපිට ත් දැනගන්න ???

Main News