ද්විත්ව පුරවැසිකමට ඡන්දය දුන්නේ බැසිල් වෙනුවෙන්… බැසිල් පාර්ලිමේන්තු ඒමෙන් හානියක් නෑ..- බදියුදීන්ගේ මන්ත‍්‍රි කියයි..

October 25, 2020 at 9:20 am | lanka C news
ද්විත්ව පුරවැසිකමට ඡන්දය දුන්නේ බැසිල් වෙනුවෙන්… බැසිල් පාර්ලිමේන්තු ඒමෙන් හානියක් නෑ..- බදියුදීන්ගේ මන්ත‍්‍රි කියයි..

තමන් 20 වන සංශෝධනය ද්විත්ව පුරවැසි භාවයට අදාළ වගන්තිය ඡන්දය ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.එම්. මුෂාරෆ් මහතා සඳහන් කරයි.

රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂයේ මන්ත්‍රීවරයකු වූ ඔහු පෙන්වාදෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීමෙන් කිසිවකුට හානියක් නැතැයි තමා සිතන බවයි.

තමන් තීන්දුව ගත්තේ ස්වාධීනව බවත් බැසිල් රාජපක්ෂ මහතා රාජපක්ෂ පවුලේ සිටින සියලු ජන කොටස් සමග සංහිඳියාවෙන් කටයුතු කරන පුද්ගලයෙකු බවද කියා සිටියේය.

එම වගන්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දයක් ඉල්ලූ අවස්ථාවේ ඇතැමුන් එයට විරුද්ධ වී බැසිල් රාජපක්ෂ මහතා අපහසුතාවයට පත්වනු ඇතැයි සිතා සුළු ජනතාව වෙනුවෙන් බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන්නේ සිරස රූපවාහිනි වෙත අදහස් පල කරමිනි.

60,705 views

27 Comments to “ද්විත්ව පුරවැසිකමට ඡන්දය දුන්නේ බැසිල් වෙනුවෙන්… බැසිල් පාර්ලිමේන්තු ඒමෙන් හානියක් නෑ..- බදියුදීන්ගේ මන්ත‍්‍රි කියයි..”

  1. John the baptice says:

    ද්විත්ව පුරවැසිකම තිබෙන මහබැංකු හොරා තවම අල්ලා ගන්න බැහැ තව මොන කතාද

    • Chandimani says:

      He is not a dual citizen. He is only Singapore citizen and not a Sri Lankan citizen.

      • Saradiel says:

        ද්විත්ව පුරවැසිකමට ඡන්දය දුන්නේ බැසිල් වෙනුවෙන්ලු …මුස්ලිම් ජාතිකයින්ට බැසිල් පාර්ලිමේන්තුවට ගැනීමට අවශ්‍ය මන්ද ? විල්පත්තුවේ වන රක්ෂිතය විනාශ කරලා තවත් මුස්ලිම් කොළණි ගොඩනැගීමටද ? මුස්ලිම් ද්විත්ව පුරවැසියන් ගෙන්වා අපේ රටේ පාර්ලිමේන්තුවට යැවීමේ අරමුණින් ද ?
        හම්බයෝ තොප්පිය කරකවන්නේ තමන්ගේ වාසියට පමණයි

    • Tomba says:

      අනේ උඹ දන්න තරම්. 1).අර්ජුන් සිංගප්පුරු පුරවැසියෙක්.
      2). සිංගප්පුරු පුරවැසියෙකුට තියාගන්න පුළුවන් එක පුරවැසි කමක් පමණයි.
      අර්ජුන් 1983 ජුලි කලබල වෙලාවේ ලංකාවෙන් ගිහින් ලංකාවේ පුරවැසිකම අත හැරලා සිංගප්පුරු එක ගත්තේ. අනික්‌ කරණය මිනිහට රට යන්න අවසර දුන්නේ රනිල්ගේ රජයෙන්. Passport එක උසාවියෙන් නැවත දෙනවට රජයේ බලධාරීන් විරුද්ද නොවූ නිසා උසාවියෙන් ලැබුනා. ඒක ඒකාලේ තිබුණු රජයේ වැරැද්ද.

  2. මහරාජා says:

    සිරස මෙයාගේ කථාවට මෙච්චර publicity එකක් දෙන්නේ මොකද? බලෙන් ඡන්දේ දීල ආණ්ඩුව නෝන්ඩි කරන්න හදන්නේ…

  3. Felix says:

    Now any Engineer could able to understand the Easter attack formula. lol

Main News