හැටන් කොටසක් ලොක්ඩවුන්..

October 25, 2020 at 12:40 pm | lanka C news
හැටන් කොටසක් ලොක්ඩවුන්..

හැටන් නගරයේ මත්ස්‍යය අලෙවිසැලක හිමිකරුවෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බවට (25) දින තහවුරු විමත් සමග හැටන් නගරයේ සියළුම වෙලදසැල් (25) දින පස්වරුවේ වසා දැමිමට තිරණය කල බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පැවසිය.

(25) දින උදැසන කොවිඩ් 19 වෛසරය අසාධනය වු මත්ස්‍ය ව්‍යාපාරිකයාගේ වෙලදසැල පිහිටි හැටන් මහජන වෙලදපොල සම්පුර්ණයෙන්ම වසා දැමිමෙන් පසු හැටන් නගරයට අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය මිල දි ගැනිමට විශාල ජනතාවක් පැමිණි බවත් , එසේ පැමිණි ජනතාව සෞඛ්‍යය ආරක්ෂක උපදෙස් නොපිලිපැද කටයුතු නොකිරිම නිසා හැටන් දික්ඔය නගර සභාව මගින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කරගෙන වෙලදසැල් හිමියන් දැනුවත් කරමින් හැටන් නගරයේ සියළුම වෙලදසැල් වසා දැමිමට පියවර ගත් බවයි හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා කියා සිටියේ.

හැටන් නගරයේ කොවිඩ් 19 වෛරසය අසාධනය වු මත්ස්‍ය ව්‍යාපාරිකයාගේ අසාධිතයින් දැනට හදුනාගෙන ඇති බවත් , එම පුද්ගලයින් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කිරිමට පියවර ගත් බව සඩයන් බාලචන්ද්‍රන් මහතා පැවසිය.

හැටන් නගරයේ කොවිඩ් 19 වෛසරය අසාධනය වු රෝගියෙකු හමු විමත් සමග හැටන් නගරයේ ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ නිලධාරින්, මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ හැටන් පොලිසියේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් (25) දින හැටන් සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේදි පැවැත්විණ.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,992 views

6 Comments to “හැටන් කොටසක් ලොක්ඩවුන්..”

  1. කාන්තාර පළඟැටියා says:

    තේකොල මත කොරෝනා වෛරසයට කොපමණ කලක් ජීවත්විය හැකියිද ?

    • වයි දිස් කොලවෙරි says:

      තේකොල උණුවතුරට දාල තේ එක හදනකන් ජිවත් වෙන්න පුළුවන්.
      උණුවතුර වක්කරපු ගමන් මැරෙනවා.

  2. Nuwan says:

    ශ්‍රී ලංකාව කියන්නේ දුපතක් . සති දෙකකට රට වහලා රට ඇතුලේ කොරෝනා සම්පුර්ණයෙන් මැඩල පිට රටින් එන එක වලක්වුවනම් රට ඇතුලේ කාටත් කොරෝනා නැ .ඇයි මෙක හරියට කරන්න බැරි

    • ක්‍රිමිනල් says:

      රට වහන්නේ මොකටද?
      දොස්තර සජී තුමා කිවුව විදිහට රටේ හැමෝටම පකනිල් පෙති බෙදලා දුන්න නම් අවුලක් නෑ.
      කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  3. Sank says:

    ඇත්තටම කෝවිඩ් අපි මර්ධනය කරලා තියෙන්නේ. සමාජයේ පැතිරීමක් නෑ. හුදකලා සිද්දීන් පමනයි. ඒවා එන්නේ සමාජයෙන් නෙමෙයි.

  4. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

Main News