සියළුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කල යුතුදැයි යලි සලකා බලයි.. අවශ්‍ය අය පමණක් රෝහල්ගත කරන්න අවධානය…

October 25, 2020 at 3:00 pm | lanka C news
සියළුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කල යුතුදැයි යලි සලකා බලයි.. අවශ්‍ය අය පමණක් රෝහල්ගත කරන්න අවධානය…

රට තුළ වාර්තා වන සියලුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කළ යුතුද නිරෝධායනය සඳහා යොමු කළ යුත්තේ කුමන පුද්ගලයන් ද යන්න සම්බන්ධයෙන් නැවතත් සලකා බැලීමට අධ්‍යනය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛරස ව්‍යාප්තිය සලකා බලමින් මේ ගැන නැවත සලකා බැලීමට තීරණය කල බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය.

මේ වන විට ආසාදිතයන් ඉහල යාම නිසා රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් ඇති බවත් නිරෝධායන මධ්‍යස්ථාන ඉඩකඩ ඉක්මවා යමින් ඇති බවත් එම කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව රෝහල් ගත කිරීම කළ යුතු සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු පිරිස් වෙන්කොට තෝරා ගැනීමේ ක්‍රමවේදයක් ගැන සලකා බලන බව ද ඔහු පැවසීය.

මෙරට සම්පත් සීමිත වීම හේතුවෙන් ආසාධිතයන් ඉහළ ගියහොත් මරණ සංඛ්‍යාවද ඉහල යාමට හැකියාව ඇතැයි ද පැවසූ ඒ මහතා ඇතිව තිබෙන තත්ත්වය මත ජනතාව වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම අනිවාර්ය බවද අවධාරණය කළේය.

56,288 views

24 Comments to “සියළුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කල යුතුදැයි යලි සලකා බලයි.. අවශ්‍ය අය පමණක් රෝහල්ගත කරන්න අවධානය…”

  1. Power says:

    කොරෝනා මර්ධනය වෙනුවෙන් සිදු කරන ජනතාවගේ ඉල්ලීම් වලට රජයට කන් දෙන්න බැරිනම්, කොරෝනා වලට තවමත් හරි හමන් බෙහෙතකුත් නැති එකේ කොරෝනා හැදෙන අයටත් තමන්ගෙ ගෙදරටම වෙලා ඉන්න කිව්වා නම් හරි. ගොඩක් විදෙස් රටවල කරන්නෙ ඒ දේ තමයි.

    • Alapaluwa says:

      තොපිලා ඔක්කොම ගොබ්බ හැත්ත රටේ ඉන්න නුහුගත් සහා මැටිමෝල් ගොබ්බ දේශපාලකයෝ මෙන්න මේ ටික රටට කරගන්නකම් තමයි දැන්ගුලුවේ.දැන් බලා සිටපල්ලා hospital එකට ගිහින් admit වෙන්න පුලුවන්ද කියා මොකද එතරම්ම volume එක්ක තමයි පවතින්නේ. මෙන්න මෙයම තමයි යුරෝපා සහා අනෙකුත් රටවලට වුණේ මිනිසුන්ට යන්න ගිහින්  hospitalize වන්න ඉඩ නැති නිසා ගෙදරටම වි සිටින්න උපදෙස් දී තිබුණා අන්තිමට මොකද වුණේ  බල්ලෝ බළල්ලු වගේ පාරේ මැරියනවා තොපිලා දකනැද්ද?? තොපිලට කොච්චර කීවද ගිරිය පැලෙනකම් පරිස්සම් වන්න කියා සෞක්‍ය අමාත්‍යංශයෙන් කෝ ඒවා පිළිපැද්දද නැහැ දැන් රටේ සිටින ශිෂ්ට සම්ජයටත් තොපිලව මහා බරක්වුනා තිබෙන නොහැදියාව නිසා දැන් විදවපල්ලා තියෙන එකා යාවි අතින් මුදල්ගෙවා තොපිලට වෙන්නේ ගෙදරට වෙලා සුවන්‍ය නිරෝධනය වන්න නැතිනම් මැරෙන්නයි දැන් සනීපයි නේද?  

  2. Chaminda says:

    Kisima rataka corona rogeen hospital walata ganne neha, behethak nethi nisa gedara inna kiyalayi kiyanne,
    amaruma unoth witharayi hospital walata ganne. Lankawe inne wedi hariyak baka pandithayo hinda meka karanna puluwan weyida danne neha.

    • Dp says:

      ලංකාවේ මෙච්චර කල් කලේ අසාදිතයෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝවීම අවම කරගන්න එක. ලොකු වියදමකතුත් දරාගෙන ,ජීවිත අවදානමත් අරගෙන වෛද්‍ය අංශයේත් නිරෝදායන කන්ඩායමත් කරන සේවයට පින් දෙන්න.කකුලෙන් අදින්නෙ නැතුව.

    • disce ammt diskedi says:

      Yes. These so called doctor union is like an old sick man. From the beginning they acted without any proper stand.

  3. Aurora says:

    බටහිර වෙදකමේ කොරෝනවලට නියමිත වෙදකමක් නැති එකේ මොන මගුලකටද මිනිස්සු උස්සන් ගිහිල්ල ඉස්පිරිතාලවල ගාල් කරන්නේ? දේශීය වෙදකමෙන් සහ අයුර්වේදෙන් ප්‍රතිකාර ගන්න සලස්වන එකයි කරන්න ඕන. දේශීය වෙදකමට අවශ්‍ය නීතිමය පහසුකම සලස්වලා දුන්නනම් ඒ හොඳටම ඇති. බටහිර වෙදකම කියන වංචාවෙන් සහ බොරුවෙන් මේ වෙලාවේ හෝ ගැලවෙන්න ලැබුනොත් ඇති.

  4. මයික් පොම්පියෝ says:

    හොඳට ගිනිරස්නෙ දාලා හොද්ද ගොජ ගොජ ගාන්න නටවලා මාලු උයාගන්න

  5. පවිත්තර දේවිය says:

    බයවෙන්න එපා ඉන්ජෙක්ෂන් එකක් එනවා ඒකට රටම සූදානම් කරන ගමන් මේ ඉන්නෙ

  6. Bandara says:

    උඹ 500යේ කොමන්ට් ටෝය්යෙක් නේද

  7. Dharmadasa.p says:

    gnanasara saha chathura dennatama corona hedila colmba maha ispirithaale admit keruwa eeye raathri 9.30

Main News