කතානායක උපරිම ඥාති සංග‍්‍රහයක.. මුළු පවුලම කාර්ය මණ්ඩලයට දා ගනී… ඉතිරි ඥාතීන්ටත් තනතුරු දෙන්න කැබිනට් පත‍්‍රිකාවක්..

October 25, 2020 at 10:40 am | lanka C news
කතානායක උපරිම ඥාති සංග‍්‍රහයක.. මුළු පවුලම කාර්ය මණ්ඩලයට දා ගනී… ඉතිරි ඥාතීන්ටත් තනතුරු දෙන්න කැබිනට් පත‍්‍රිකාවක්..

– මෙම පුවත දිවයින පුවත්පතිනි

වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙක් සිය පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා පවුලේ ඥාතීන් පත් කර නොගන්නැයි කියා ජනාධිපතිවරයා ධුරයේ වැඩ භාර ගෙන කරන ලද රාජාසන කතාවේදී කරන ලද ඉල්ලීම නොතකා හරිමින් වර්තමාන පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අභයවර්ධන සිය කාර්ය මණ්ඩලයේ සියලූම තනතුරු සඳහා පවුලේ ළඟම ඥාතීන් පත්කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව සිය සහෝදරයා වන වසන්ත යාපා අභයවර්ධනට පුද්ගලික ලේකම් තනතුරක් ද තවත් සහෝදරයකු වන සරත් යාපා අභයවර්ධනට මාධ්‍ය ලේකම් තනතුරත් ලබා දී ඇති අතර කථානායකවරයාගේ පුතණුවන් වන චමීර යාපා අභයවර්ධනටත් තවත් සහෝදරයකු වන ඉඳුනිල් යාපා අභයවර්ධනටත් ඉතිරි සම්බන්ධීකරණ ලේකම් තනතුරු දෙක පිරිනමා ඇත.

පී ආර් ඕ හෙවත් මහජන සම්බන්ධතා නිලධාරී තනතුර සිය මස්සිනා වන පේ‍්‍රමානන්ද කොමසාරුට ලබා දෙන්නට කාරුණික වූ කථානායකවරයා තවත් ව්‍යාපෘති ලේකම්වරු පහක් බඳවා ගැනීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ඉන් එක තනතුරක් සඳහා දැනටමත් ජනක යාපා අභයවර්ධන නම් ඉතිරි සහෝදරයාගේ නම යෝජනා වී තිබේ.

– divaina

93,634 views

66 Comments to “කතානායක උපරිම ඥාති සංග‍්‍රහයක.. මුළු පවුලම කාර්ය මණ්ඩලයට දා ගනී… ඉතිරි ඥාතීන්ටත් තනතුරු දෙන්න කැබිනට් පත‍්‍රිකාවක්..”

  1. කුමාර says:

    ඇයි මහින්ද පුතාට අගමැති කාර්යමන්ඩලයේ තනතුරක් දුන්නෙ ඉතින් මෙයා දුන්නම මොකද වෙන්නෙ බයිල කතා මේවන නම්.

  2. sesatha mudaali says:

    charity begins at home shame on you Mahinda Yapa

  3. Ayatollah says:

    The 80000 people oft he MATARA district who voted for MYA has to vomit why they voted for such a corrupt personality. This guy is SEETHALA KOTIYA pretends nothing but doing everything underground the way he sent his children to USA for studies with Public finances during CBK regime

  4. Piyadasa Yalagala says:

    Current Speaker has created new norms that he wanted to build Yapa Empire in Chamber at cost of Tax Payers money.
    This is violated basic norms of Parliamentary Convention by Yapa as a Speaker. He become NOT that an eligible for post of Speaker . We asked him leave position of Speaker as soon as possible.

  5. saman says:

    Noddakin

  6. RED BULL says:

    කථානායක පවුලකුත් ඉන්නව එහෙනම්.

Main News