කතානායක උපරිම ඥාති සංග‍්‍රහයක.. මුළු පවුලම කාර්ය මණ්ඩලයට දා ගනී… ඉතිරි ඥාතීන්ටත් තනතුරු දෙන්න කැබිනට් පත‍්‍රිකාවක්..

October 25, 2020 at 10:40 am | lanka C news
කතානායක උපරිම ඥාති සංග‍්‍රහයක.. මුළු පවුලම කාර්ය මණ්ඩලයට දා ගනී… ඉතිරි ඥාතීන්ටත් තනතුරු දෙන්න කැබිනට් පත‍්‍රිකාවක්..

– මෙම පුවත දිවයින පුවත්පතිනි

වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙක් සිය පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා පවුලේ ඥාතීන් පත් කර නොගන්නැයි කියා ජනාධිපතිවරයා ධුරයේ වැඩ භාර ගෙන කරන ලද රාජාසන කතාවේදී කරන ලද ඉල්ලීම නොතකා හරිමින් වර්තමාන පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අභයවර්ධන සිය කාර්ය මණ්ඩලයේ සියලූම තනතුරු සඳහා පවුලේ ළඟම ඥාතීන් පත්කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව සිය සහෝදරයා වන වසන්ත යාපා අභයවර්ධනට පුද්ගලික ලේකම් තනතුරක් ද තවත් සහෝදරයකු වන සරත් යාපා අභයවර්ධනට මාධ්‍ය ලේකම් තනතුරත් ලබා දී ඇති අතර කථානායකවරයාගේ පුතණුවන් වන චමීර යාපා අභයවර්ධනටත් තවත් සහෝදරයකු වන ඉඳුනිල් යාපා අභයවර්ධනටත් ඉතිරි සම්බන්ධීකරණ ලේකම් තනතුරු දෙක පිරිනමා ඇත.

පී ආර් ඕ හෙවත් මහජන සම්බන්ධතා නිලධාරී තනතුර සිය මස්සිනා වන පේ‍්‍රමානන්ද කොමසාරුට ලබා දෙන්නට කාරුණික වූ කථානායකවරයා තවත් ව්‍යාපෘති ලේකම්වරු පහක් බඳවා ගැනීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ඉන් එක තනතුරක් සඳහා දැනටමත් ජනක යාපා අභයවර්ධන නම් ඉතිරි සහෝදරයාගේ නම යෝජනා වී තිබේ.

– divaina

94,286 views

66 Comments to “කතානායක උපරිම ඥාති සංග‍්‍රහයක.. මුළු පවුලම කාර්ය මණ්ඩලයට දා ගනී… ඉතිරි ඥාතීන්ටත් තනතුරු දෙන්න කැබිනට් පත‍්‍රිකාවක්..”

  1. බකට් හැරී says:

    මේ මනුස්සයගේ පියා සුජීවත්ව උන්නා නම් පියාටත් රස්සාවක් දේවි… මොකද පියත් යාපා අභයවර්ධන නිසා…

  2. CHAMARA says:

    මෙවැනි තනතුරකට මේ තරම් පරිවාර සේවකයන් කුමකටද ? අප වැනි දුප්පත් රටකට ( වෙනත් රටවල් ඉදිරියේ හිඟමන් යදින ) මෙවැනි වියදම් කෙසේ දරා ගන්නද ? අහෝ මෙවැනි ජාතික අපරාධ. කුමන රජයක් බලයට පත්වුවත් ඔවුන් දුෂණය , නාස්තිය එක වගේම පවත්වාගෙන යනවා . කිසිම දේශපලුවෙක් රට ගැන පොඩ්ඩක්වත් හිතල , මහ ජනතාවට ආදර්ශමත් විදිහට අවංකව වැඩ කරන්නේ නැහැ. මේ ගිලෙන නැවෙන් තවත් මොනවා හරි හොරකම් කරගන්න හදනව මිසක්.

  3. Ayatollah says:

    What about Palitha Yapa Abeywardena his erstwhile Brother in law Robin Sanka the prestigious Media Secretary

  4. ගොඩයා says:

    අපි ගෝඨා ගැන විස්වාස.කරල චන්දෙ දුන්නෙ.
    ඡනාධිපති මේවා නිවැරිදි කළයුතුයි

  5. Jagath Hettiarachchi says:

    යන එකා වරිගෙමත් අරං යන්නයි හ දන්නෙ අපායෙ.

    දැනුත් අපේ සල්ලි කාලා මුං බල්ලො වෙලා ඉපදිලා ආවාමත් අපිම එපෑ කන්ඩ දෙන්ඩ.

    සංසාරේ…

  6. Hitan says:

    Supiri

  7. කළු-තර says:

    අපි හම්බකලොත් අපි කනවා ….
    උන් හම්බකලොත් උන් කනවා …

  8. Thanathurunayaka says:

    Lajjawak nathikama Kathanayaka kamatath wada lokuilu!
    Prasiddiye Lajja Bimin thiyagaththa wagei!

  9. Abran says:

    Gahana Gazzettma Riverse karana eke ..katawchanen Chakkaralekana gahanna giyama ohoma thamaaa..heh

  10. Upul says:

    අපි ජනාධිපතිතුමා ගෙන් ඉල්ලන්නේ මේ වගේ අය නොවේ. අපිට මතකයි කෘෂි කර්ම ඇමැති කාලයේ කෙරුවාව.

Main News