කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

October 25, 2020 at 11:20 am | lanka C news
කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..

ජෛව පටල සාම්පල ලබා ගැනිමට පැමිනි අයෙකු එය ලබා දිමට පෝලිම් තුළ රැදි සිටියදී හදිසියේ ඇතිවු හෘද්‍යාබාධයක් ඇති විමේන් මරණයට පත්ව ඇති බව කල්පිටිය පොලිසිය කියයි .

මෙසේ මරණයට පත්ව ඇත්තේ කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි මර්ණකුලසුරිය දිලුප් ප්‍රසාද් මොනිදර්  32 හැවිරිදි එක්දරු පියකු බව කියයි.

මරණයට පත් අය කල්පිටියේ සිට පැලියගොඩ මත්ස්‍ය වෙළද සංකිර්ණයට මාළු ප්‍රවාහනය කරනු ලබන ශීතාගාර සහිත ලොරි රථයක රිය සහයකවරයකු ලෙස සේවය කරමින් සිටි බව කියයි.

අදාල මරණයට පත් තැනැත්තා ඇතුළු තෝරා ගත් 40 කට ආසන්න පිරිසක් 24 දින උදෑසන  කල්පිටිය මුලික රෝහල ( බී) වෙත නියැදි කෙදි පරික්ෂාව (පි.සි.ආර්) ලබා ගැනිම සදහා කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් කැදවා ඇති බව කියයි.

එසේ පි.සි.ආර් පරික්ෂණය සදහා පැමින සිටි මරණයට පත් තැනැත්තා ජෛව පටල සාම්පල ලබා ගැනිමට පෝලිමේ රැදි සිටියදී  හදිසියේ ඇතිවු හෘද්‍යා බාධයක් හේතුවෙන් ඇදවැටි ඇති බව කියයි.

ඒ සමගම රෝහල් වෛද්‍ය වරුන් ඇතුළු කාර්ය මංඩලය මෙම තැනැත්තාගේ ජීවිතය බේරා ගැනිමට දැවැන්ත උත්සහයක් ගෙන තිබුනද විනාඩි කිපයක් තුලදි මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කෙසේ වෙතත් මරණයට පත් තැනැත්තාගේ ඥාතින් පවසන්නේ මිය ගිය පුද්ගලයාට කුඩා කල සිට ශ්වසන පද්ධතිය ආශ්‍රීත රෝග රැසකට ගොදුරුව ප්‍රථිකාර ලබමින් සිටි බවය.

අදාල මරණය සම්බන්ධව කල්පිටිය මුලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ වරයාගෙන් කල විමසිමේදි පවසා සිටියේ

“ මෙම මරණයට පත් තැනැත්තා ඇතුළු පිරිසක් පි.සි.ආර් පරික්ෂණය සදහා යොමුකර සිටියදී මෙම මරණය සිදුව ඇති බවත් මරණය සම්බන්ධව ඉදිරි පරික්ෂණ වලින් පසුව තොරතුරු ලබා දිය හැකි බවයි .

මරණයට පත් තැනැත්තාගේ සිරුර දැඩි සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රම අනුගමනය කරමින් කල්පිටිය රෝහලේ සිට පුත්තලම මුලික රෝහල වෙත යැවිමට කටයුතු කර තිබු අතර මෘත දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණ එහිදි සිදු කිරිමට නියමිතව තිබුනී.

– පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

51,861 views

12 Comments to “කොරෝනා පරීක්‍ෂණ පෝලිමේ සිටි අයෙක් මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු..”

  1. ක්‍රිමිනල් says:

    මුළුනිම ශාතිශය සංවේගය ! පවිත්‍රා නොනා ඉන්ලක්ශන් එකක් ලෝක සෞඛ්‍ය සංවිධාණයෙන් ගෙනවලු ,කොනක ඉදං ගහනවලු ! නොනේ ඔය ඉන්ජෙක්ෂන් එක ගහන්න ඔගොල්ලන්ට චන්දේ දීපූ බෛයන්ට ,අපිට එපා .තාම ලොක සෞඛ්‍ය සංවිධානයෙන් කොවිඩ්19 ට එරෙහි සායනික අත් හදාබැලීමකින් සාර්ථක වූ එන්නතකට අවසර දීලා නෑ ,එත් එක එක රටවල ,වැක්සීන් අත් හදා බලනවා , එ රටවල් හරිම කැමැතියි අපි වගේ තුන්වෙනි ලෝකයේ රටවල් එ සදහා පරේශණාගාර මීයන් ලෙස බාවිතා කරන්න සහ පර්‍යේශණ භූමියක් ලෙස යොදා ගන්න.හොදට සල්ලිත් හම්බ වෙන එකේ මෝඩ බෛයො ටිකක් පාවිච්චි කරලා ඔය වැක්සීනයන් අත් හදාබැලුවොත් නරකද නොනේ ? 🤔

    • ක්‍රිමිනල් says:

      කෙහෙල්මල් ඉන්ජෙක්ෂන් පැත්තකට දාලා දොස්තර සජී තුමා කිවුව විදිහට පකනිල් බිවුව නම් මෙහෙම වෙන්නෙ නැහැ.

      කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

    • ඕමාර් ගේ ජොකී යා says:

      Exactly..well said 👍👍

  2. පොට්ටුවේ පඩිතකා ලියමි says:

    ඔහුට නිවන් සුව පතමු..
    අනිච්චාවත සංකාරා උප්පාද වයධම්මිනෝ

  3. gamarala says:

    දැන්වත් මත්පැන් සැල් වසා දමනු.

  4. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

  5. kamal says:

    දැන් තව ටිකකින් Criminal Alapalu Hadusonරන්ජිත් මෙහෙම කොටනවා, මේ සාඩින් බෛයන්ගේ පාන්ඩුව, රටේ මිනිස්සු පාරේ මැරෙනවා, තරි ධාර බෛයන්ට ගානක්වත් නෑ උන්ට ඕනේ රාජපක්සලට වහල්කම් කරන්ඩ විතරඊ

    • කාන්තාර පළඟැටියා says:

      උඹම ලියාගන්න එක හොදයි. තමන්ගෙ වහල්කමේ තරම හරියටම දන්නෙ තමන්මනෙ.

  6. හුටා පටස් says:

    ඒක විතරක් හයිලයිට් කරලා සුවවිරුවන් ව කපන්න. මළාට පස්සේ තම්බගෙන කෑවත් උබලට වැඩක් තියෙනවද බං 🙄

  7. gamarala says:

    මාලු අල්ලන්නේ වැඩිපුරක් කතෝලිකයන් වැඩ නිමකරලා දුවන්නේ තැබරුමට කොරෝනා මේ අයට ඉක්මනින් බෝවෙනවා.

    • කාන්තාර පළඟැටියා says:

      අනේ පලයං හිගන්නො කුනුහරුප අහගන්නෙ නැතිව. එතනත් ආගම. උඹලට හරක් මස් කන්න හොද නැහැ මාලු කෑවට පව් නැහැ උන් පීනන එවුන්නෙ කියල රස කර කර කන්නෙ හොදයි අල්ලගෙන ආවම. ගස් ගල් පස්සෙ දුවන මිත්‍යාදෘෂ්ටිකයො

    • RED BULL says:

      තෝ මාලු කන්නෙ නැද්ද​?හා කියාපිය බලන්න​.

Main News