පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි..

October 25, 2020 at 12:00 pm | lanka C news
පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි..

මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ එම නිලධාරියා පෑලියගොඩ මත්ස්‍ය වෙලද පලේ ආරක්ෂක කටයුතු සඳහා සම්බන්ධ වූ අයෙක් වන බවයි.

මේ වන විට පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා විෂබීජහරණය ට ලක් කරමින් පවතී.

විසබීජහරණයෙන් අනතුරුව නැවත මහජන සේවය සඳහා එය විවෘත කිරීමට නියමිතය.

අදාල ආසාදිතයා සමග රාජකාරි කළ හැට දෙනකු පමණ නිරෝධායන යොමු කර තිබේ.

එහි සියලුම පොලිස් නිලධාරීන් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

19,756 views

4 Comments to “පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. මිරිහාන පොලිසිය වසයි..”

  1. SANKA says:

    තවමත් සමාජයේ පැත්රිමක් නොමැත.

  2. කාන්තාර පළඟැටියා says:

    ආණ්ඩුවෙන් 5000 ලැබුනම කිරට මිරිසට මාළු කෑල්ලක් කාලා ෆේස්බුක් එකෙන් ආණ්ඩුවටම බනින්න බලාගෙන උන්නු හිඟන ජෙප්පන්ට හොඳ වැඩේ… සේරම මාළු කඩ වහලා දාන්න ඕනෑ.

  3. Leyon Ma says:

    මිරිහානෙ ක්‍රයිම් Branch එකේ OIC සහ අනෙකුත් ගොබිලන් වැඩි දෙනෙක් මානසික කොරෝනා රෝගීන්‍ ය.

    • මයික් පොම්පියෝ says:

      උඹ නිතර එහෙ ආව ගිය අපරාධකාරයෙක් වෙන්න ඇති…නැතිනම් කොහොමද ඒ මිනිස්සු ගැන දන්නෙ … පලයන් ඩෝ බබාහුකුම් නොදා

Main News