කොළඹ තවත් ප‍්‍රදේශ ගණනාවකට ඇදිරි නීතිය පනවයි…

October 25, 2020 at 1:23 pm | lanka C news
කොළඹ තවත් ප‍්‍රදේශ ගණනාවකට ඇදිරි නීතිය පනවයි…

අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි පිටකොටුව, කොටුව, බොරැල්ල, වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවා තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කරයි.

කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

නැවත දැනුම් දෙන තුරු මෙම ප්‍රදේශයන්හි ඇදිරි නීතිය ක්‍රියාත්මකය.

43,731 views

11 Comments to “කොළඹ තවත් ප‍්‍රදේශ ගණනාවකට ඇදිරි නීතිය පනවයි…”

  1. Nuwan says:

    ශ්‍රී ලංකාව කියන්නේ දුපතක් . සති දෙකකට රට වහලා රට ඇතුලේ කොරෝනා සම්පුර්ණයෙන් මැඩල පිට රටින් එන එක වලක්වුවනම් රට ඇතුලේ කාටත් කොරෝනා නැ .ඇයි මෙක හරියට කරන්න බැරි

    • Amal says:

      ඕවා කරන්න ඡන්දයක් ළඟ නැහැ

    • Dp says:

      සති දෙකක් වැහුවා කියලා මුලු රටක් PCR කරන්න බෑ . රෝග ලක්ෂන නැති අාසාදිතයො එමටයි. PCR කෙරුවත් දවස් 7කින්වත් පස්සෙ ටෙස්ය් එක වෙන්න ඔිනෙ. දවසට 3 පාරක් වත් Steam කරන්න.

  2. Buuwa says:

    පැතිරීමයි රීමෙයි වෙනස ….

    • ක්‍රිමිනල් says:

      දොස්තර සජී තුමා කිවුව විදිහට පකනිල් බිවුව නම් මෙහෙම වෙන්නෙ නැහැ.
      කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

      • Hi says:

        ඇයි මහාචාර්ය ජයසුමන තුමත් ඒකම කීවේ.
        වැඩේ කියන්නේ ඔය දොස්තර සජී තුමා ලයි මහාචාර්ය තුමාලයි මොක හැදුනත් බේරෙයි.ඒගොල්ලන්ට ICU beds තියෙයි.
        අපි වගේ බයි/ ටොයි ජනතාවට තමා හුස්ම නැතුව මැරෙන්න වෙන්නේ.

    • Kalpa says:

      Very true….

  3. Sanka says:

    අපිට තවමත් සමාජයේ පැතිරීමක් පෙනෙන්නට නැහැ. ලොකයේ කිසිම රටකට වැඩිය අපි කෝවිඩ් මර්ධනය කරලා තියෙන්නේ.

  4. godaya says:

    මේ ප්‍රවෘත්තිය වැරදි වෙන්න ඕනේ. මොකද පවිත්‍රා දේවි සහ ලොකු දොස්තරලා කියන්නෙ කොරෝනා හොදට පාලනය කරලා කියලනේ. ඇදිරි නිතිය දන්නෙ මොකටද?

  5. Bandara says:

    වහසි බස් දොඩවපු නිලධාරීන් වයිධ්‍ය වරුන් දේශපාලකයින් තම පටු අභිලාශ උදෙසා රට නිසි කලට නොවැසිමේ ප්‍රතිපලයක්

  6. මර්තේනිස් අයියා says:

    දැන් රැපියල් පන්දාහ දෙන්න බැරැව ඇති ඒකයි රටම වහන්නෙ නැත්තෙ ඡන්දයක් ළඟම තිබුණනම් බලාගන්න තිබුනා කොරන හැටි නොදකිං.

Main News