රෝහල් කාර්ය මණ්ඩලයේ 06කට කොරෝනා.. කළුබෝවිල රෝහලේ වාට්ටු කිහිපයක් වහයි..

October 25, 2020 at 2:10 pm | lanka C news

කලුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවය කරන හය දෙනකුට කොරොනා වෛරසය ආසාදනය වී ඇත.

රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ එම පුද්ගලයන් අතරින් දෙදෙනෙකු අමතර ආදායමක් උපයා ගැනීමට මාළු විකිණීමේ යෙදෙන බවයි.

ඉකුත් දිනවල පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ඔවුන් ගොස් තිබීම හේතුවෙන් සිදු කල පරීක්‍ෂණවලිව් ඔවුන් ආසාදිත බව හෙලිවී තිබේ.

මෙම තත්ත්වය නිසා ඔවුන් සේවය කළ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, 12- 23 වාට්ටු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒවා විශබීජහරණය කිරීමෙන් පසු නැවත විවෘත කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු පැවසීය.

13,110 views

5 Comments to “රෝහල් කාර්ය මණ්ඩලයේ 06කට කොරෝනා.. කළුබෝවිල රෝහලේ වාට්ටු කිහිපයක් වහයි..”

  1. දිනේෂ් ගයාන් ඩුබායි says:

    තාම සමාජෙට ගිහින් නෑ නෙ ඒ නිසා අවුලක් නෑ.අනික විස්ස පාස් කරගන්න කල් නෙ මේ අවුල් ඔක්කොම තිබ්බෙ.දැන් ඉතින් ලෙඩා මලත් බඩ සුද්දයි.

  2. ක්‍රිමිනල් says:

    දොස්තර සජී තුමා කිවුව විදිහට පකනිල් බිවුව නම් ඕක හොදවෙනවා. කොහද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  3. කඩවත වීරමුණි says:

    “රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ එම පුද්ගලයන් අතරින් දෙදෙනෙකු අමතර ආදායමක් උපයා ගැනීමට මාළු විකිණීමේ යෙදෙන බවයි.”..🤭🤭 මුන් දෙන්නට කරන්න වෙන සයිඩ් බිස්නස් එකක් තිබිලම නැද්ද ..

    • බකට් හැරී says:

      යුනිෆෝම් ඇඳන් කුඩු අදින හිරගෙදර එවුන්ටයි , අල්ලන කුඩු තුවක්කු පිස්තෝල එක්ක අල්ලන පොලිසියේ උන්ටයි වඩා නම්බු නැද්ද එහෙම හරි සාධාරණව කීයක් හෝ හොයාගන්න එක… ?

  4. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News