ගිනිගත්හේන නගරයෙන් කොරෝනා..

October 25, 2020 at 4:40 pm | lanka C news
ගිනිගත්හේන නගරයෙන් කොරෝනා..

ගිනිගත්හේන නගරයේ මත්ස්‍යයින් අලෙවි කරන වෙලදසැල් හිමියෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති තහවුරු වි ඇති බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලින් තොග වශයෙන් මත්ස්‍යයින් මිල දිගෙන එම ව්‍යාපාරිකයා ගිනිගත්හේන නගරයට මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කරනන අයෙකු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

කොවිඩ් 19 වෛසරය අසාධනය වු ගිනිගත්හේන නගරයේ මත්ස්‍යය ව්‍යාපාරිකයා (24) දින රාත්‍රියේම නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර එම ව්‍යාපාරිකයා පදිංචි ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සමාජිකයන් 6 දෙනෙකුද ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කලහ.

ගිනිගත්හේන නගරයේ එම ව්‍යාපාරිකයාගේ අසාධිතයන් සොයා ගිනිගත්හේන පොලිසිය සහ මහජන සෞඛ්‍යය පරික්ෂකයන් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

14,579 views

5 Comments to “ගිනිගත්හේන නගරයෙන් කොරෝනා..”

  1. Sanka says:

    මෙවැනි සිදුවීම් වාරතා උනත් අපිට කෝවිඩ් සමාජයේ පැතිරෙනවා යැයි කීමට බෑ.

    මිත්‍රවරැනි අපි තමයි ලෝකයේ සියලු රටවලටත් වඩාත් ඉදිරියෙන් ඉනනේ මේ කෝවිඩ් මර්ධනය කිරීම තුල.

    • ක්‍රිමිනල් says:

      දොස්තර සජී තුමාගේ උපදෙස් අනුව රටේ හැමෝටම පකනිල් පෙත්ත ගානේ බෙදුව නම් ඔයුටත් වඩා ඉදිරියට යන්න පුළුවන්.
      කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. නාරම්මල කැවුම්සිරි යා says:

    අපේ තමයි ලෝකේ උගත්ම බූජ්ජීමත් ම අජ්ජකීම් වැඩිම සෞඛ්‍ය ඇමති ඉන්නේ. කවුද කියන්නේ මේක සමාජ පැතිරිමක් කියලා. අපි ඉතා සාර්ථකව මැතිවරණය තියලා අත්‍යවශ්‍යම විස්ස සම්මත කාලා. දැන් ඉතින් ලෙඩා මලත් බඩ සුද්ද නිසා ඇට නමයට කතිරෙ ගහපු අය කටයි පූ යි වහගෙන වෙන දෙයක් බලන් ඉන්න. දෙවි පිහිටයි.

  3. Love nature says:

    ඉක්මන් සුවය පතමු

  4. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

Main News