අගමැති ආරක්‍ෂක අංශ අනුබද්ද ඒකකයකින් කොරෝනා ආසාදිතයෙක්…

October 25, 2020 at 3:50 pm | lanka C news
අගමැති ආරක්‍ෂක අංශ අනුබද්ද ඒකකයකින් කොරෝනා ආසාදිතයෙක්…

අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවත සම්බන්ධවයි

අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරනු ලබන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවට සහතික කරමි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිරය යන පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැති අතර කොවිඩ් ආසාධිත ආරක්ෂක අංශ නිලධාරියෙකු හමු වී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකිනි.

ගරු අග්‍රාමාත්‍යතුමා සහභාගීවන, බාහිර උත්සවවල පූර්ව ආරක්ෂක කටයුතු පිළිබඳ සූදානම් කිරීම්වලට අදාළව පමණක් සම්බන්ධවන එම නිලධාරීවරයා ඔක්තෝම්බර් මස 17දින සිට සේවයට වාර්තා කර නොමැත.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය
මාධ්‍ය ලේකම්

18,645 views

4 Comments to “අගමැති ආරක්‍ෂක අංශ අනුබද්ද ඒකකයකින් කොරෝනා ආසාදිතයෙක්…”

  1. Jagath Hettiarachchi says:

    මහින්ද මාමේ
    ඔබ මොකද කියන්නේ
    කොරෝනා දැං ඔයා දිහයි එබිලා බල්න්නේ

    රටේ එවුං අඬන්නේ
    පුතාට බත් කවන්නේ
    සොබා දහම රිටන් දෙයිද කියලා හිතෙන්නේ
    පමා නොවන්නේ
    ගෙදර දුවන්නේ
    ගෝටා ට කරගන්න දීලා බුදිය ගනින් නේ

    • කාන්තාර පළඟැටියා says:

      මල්ලිලාට කියා කල පව් නිසිකලට
      පලදෙයි තුමෝ නුඹ කල පිං පමාවට
      පවුල සමග ගොස් අවිචි මහ නරකයට
      අල්ලස් දියං පුලුවන්නම් යමරජුට

  2. Chan Choon says:

    Happa Corona Madamoolanata ebikam karanawa wage ..roti d3kathunak karaweida ?

  3. කොරෝණා අල්මේදා says:

    අපරාදේ ඇතුලේ එකෙක් නෙමේද ? ශික් එකත් අපේම කරුමෙ තමා.

Main News