අඹගමුවෙන් කොරෝනා ආසාධිතයන් 04ක්…

October 26, 2020 at 2:24 am | lanka C news
අඹගමුවෙන් කොරෝනා ආසාධිතයන් 04ක්…

අඹගමුව  ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය යටතේ පාලනය වන ප්‍රදේශ තුනක  කොවිඩ් 19 වෛසරය අසාධනය වු රෝගින් සිව්දෙනෙක් පොලොන්නරුව මනම්පිටිය ගල් ලැල්ල  යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානය විශේෂ ගිලන්රථයකින් යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කලහ.

හැටන් , බගවන්තලාව සහ ගිනිගත්හේන ප්‍රදේශවල ව්‍යාපාරිකයන් සිව්දෙනෙක් පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලින් මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කරමින් සිටියදි එම ව්‍යාපාරිකයන් පි.සි.ආර් පරික්ෂණයට යොමු කල අවස්තාවේ ඔහුන්ට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බවට තහවුරු විය.

එම රෝගින් සිව්දෙනාගේ ආශ්‍රිතයන් සෞඛ්‍යය අංශ විසින් මේ වන විට හදුනාගෙන ඇති අතර , එම ආශ්‍රිතයන් මේ වන විට ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,951 views

2 Comments to “අඹගමුවෙන් කොරෝනා ආසාධිතයන් 04ක්…”

  1. කාන්තාර පළඟැටියා says:

    *සියල්ලෝම තෙවරක් මෙම පාඨය කියන්න….
    – පැතිරීමක් නෑ..පැතිරීමක් නෑ..පැතිරීමක් නෑ..
    *තවත් වතාවක් කියන්න …
    – පැතිරීමක් නෑ..පැතිරීමක් නෑ..පැතිරීමක් නෑ..
    *තව එක වතාවක් කියන්න…
    – පැතිරීමක් නෑ..පැතිරීමක් නෑ..පැතිරීමක් නෑ..

    *හරි දැන් පැතිරීමක් නෑ….

  2. lanka says:

    tolabariya hodimnamm patireemak nata

Main News