කොටගල නගරය වසා දමයි..

October 26, 2020 at 11:20 am | lanka C news
කොටගල නගරය වසා දමයි..

හැටන් කොටගල රොසිටා සහ ග්‍රෙටන් තේ වතු වලින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් දෙදෙනෙකු හදුනාගත් බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

කොවිඩ් 19 වෛසරය අසාදනය වු එම රෝගින් දෙදෙනා පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ සේවය කල දෙදෙනෙකු බවත් , එම සේවකයින් දෙදෙනා නිවසට පැමිණ සිටියදි කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ඔහුන්ව ස්වයං නිරෝධානයට යොමු කර පි.සි.ආර් පරික්ෂණයකට යොමු කිරිමෙන් පසු එම පි.සි.ආර් වාර්තාව අනුව එම සේවකයින් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් දෙදෙනා නිරෝධාන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පියවර ගෙන ඇත.

කොටගල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් දෙදෙනෙකු හමු විමත් සමග කොටගල නගරයේ වෙලදසැල් (26) දින වසා දැමිමට කොටගල නගරයේ වෙලද සංගමය තිරණය කර ඇති අතර කොටගල ප්‍රාදේශිය සභාව විසින් නගර විෂබිජහරණය සිදු කරන ලදි.

මේ අතර තලවකැලේ පොලිස් වසමට අයත් රත්නිල්ලකැලේ ජනපදයේ පදිංචි පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ සේවය කල සේවකයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව ලිදුලි සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

15,985 views

One Comment to “කොටගල නගරය වසා දමයි..”

  1. කාන්තාර පළඟැටියා says:

    මේ ප්‍රදේශවල අය වඩාත්ම ප්‍රවේශම් වෙන්න ඕනෑ. ශීතල කාලගුණය නිතරම තියෙනව. ඒ වගේම වතු ගම්මානවල වයසක අය වැඩියි. වතුකරය පුරා පැතිරුනොත් අහිංසක මිනිස්සු හුඟක් මියයාවි. බහුතරය තේ කර්මාන්තයේ නියැලෙන ඒ මිනිස්සුන්ට දවසකට හරිහමන් පඩියක්වත් ලැබෙන්නෙ නෑ. පඩිය 1000 ට වැඩිකරනව කිව්වට ඒව හැමෝගෙම බයිලා පමණයි. පවු ඒ මිනිස්සු…

Main News