කොරෝනා රෝගින් සහ ආශ්‍රිතයින් හදුනාගන්නා මෘදුකාංගයක් අපේ වෛද්‍යවරයෙක් හදයි..

October 27, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා රෝගින් සහ ආශ්‍රිතයින් හදුනාගන්නා මෘදුකාංගයක් අපේ වෛද්‍යවරයෙක් හදයි..

කොවිඩ් 19 අසාදනය වු රෝගින් සහ එම රෝගියාගේ ආශ්‍රිතයින් පසසුවෙන්ම හදුනාගැනිම සදහා මෘදුකාංගයක් නිර්මාණය කිරිමට දික්ඔය මුලික රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍යය ලහිරු ප්‍රබෝධ මහතා සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කලමණාකාර පිඨයේ තොරතුරු තාක්ෂණ අංශයේ අවසාන වසරේ අධ්‍යාපනය ලබන ලහිරු සම්පත් ශිෂ්‍යයා සමත් වි ඇත.

හැටන් නගරයේදි මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් එම මෘදුකාංගය නිර්මාණය කල දික්ඔය මුලික රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍යය ලහිරු ප්‍රබෝධ මහතා කියා සිටියේ ස්මාර්ට් දුරකථනයකට අදාල මෘදුකාංගය ඇතුලත් කර කොවිඩ් 19 වෛසරය අසාදනය වු සහ ඔහුන්ගේ ආශ්‍රිතයින් පහසුවෙන්ම හදුනා ගැනිමට මේ තුලින් අවස්තාවක් ලැබෙන බවයි.

සිංහල , දමිල , ඉංග්‍රිසි ත්‍රිත්ව භාෂාවෙන්ම එම මෘදුකාංගය හරහා කොවිඩ් 19 වෛසරය සම්බන්ධයෙන් කටයුතු කරන ඕනැම අයෙකුට භාවිතා කල හැකි බවයි වෛද්‍යය ලහිරු ප්‍රබෝධ මහතා කියා සිටින්නේ.

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින්ගේ සහ ආශ්‍රිතයන්ගේ දත්ත එකතු කිරිම සදහා දැනට භාවිතා කරන ක්‍රමවේදය අවධානම් බවත් , තමන් සහ ලහිරු සම්පත් ශිෂ්‍යා එක් වි නිර්මාණය කල මෘදුකාංගය තුල එම අවධානම නොමැති බවයි.

නිර්මණය කල නව මෘදුකාංගය රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සංගමයට ඉදිරිපත් කල බවත් , එම සංගමයෙන් මෘදුකාංගයට හොද ප්‍රතිචාර ලැබුණු බවත් ,එම මෘදුකාංගය කොවිඩ් 19 වෛසරය සම්බන්ධයෙන් භාවිතා කිරිමට රජයේ නොමිලේ ලබාදිමට කටයුතු කල හැකි බවයි එම මෘදුකාංගය නිර්මාණය කිරිමට තාක්ෂණ අංශයෙන් සහයෝගය දැක් වු ලහිරු සම්පත් ශිෂ්‍යා කියා සිටින්නේ.

එම මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මාධ්‍යයට නිරාවරණය කිරිමට නොහැකි වි ඇත්තේ බුද්ධි මංකොල්ලය නිසා බවයි එම මෘදුකාංගය නිර්මාණය කල දික්ඔය මුලික රෝහලේ වෛද්‍යය ලහිරු ප්‍රබෝධ මහතා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

45,574 views

7 Comments to “කොරෝනා රෝගින් සහ ආශ්‍රිතයින් හදුනාගන්නා මෘදුකාංගයක් අපේ වෛද්‍යවරයෙක් හදයි..”

  1. Rishan says:

    This is not big news. Contact tracing apps are used world-wide. This won’t be very successful since lots of pople doesn’t use a smart phone, specially elders. what this software do is to record the location regualarly into that app. so if somebody was found that he or she got infected by the Covid-19 virus, the authrity can see his whereabouts of this person for the past given number of days from the covid app. This is nothing but just another location recording app

  2. Saman says:

    ඔන්න ඕකයි රටෙහි වැරුද්ද
    දොස්තරලා try කරනව software engineer venna
    ඌ හරියට බෙහෙත් දෙන්නේ නෑ
    කලමනාකරණය කරන එකා try karanava
    Engineer venna ඔය වැඩේ හරියට කරන්න පුළුවන් එකෙකුට බාර දීලා තමන්ගේ වැඩේ හරියට කරන්න පුරුදු වෙයවු හරක්
    ඕව Test කරන්න ඕන සතියෙන් ක්ෂනික නූඩ්ල්ස් නෙමෙයි ඔය වැඩ

  3. Dubba says:

    මම රිශාන් සමග එකඟයි. ඔය app එකේ විදිහට බෝ කරන කෙනයි, බෝ වෙන කෙනයි දෙන්නම smart phone තියාගෙන app එක ෆොනේ එකේ දමාගෙන ඉන්න ඕන.

    මේක පඩ ෂෝ දාන කාලයක් නෙවෙයි.
    තමුන්ගේ වැඩේ කරන්න.

    සෞඛ්‍ය සේවය අපේ රටේ හොඳ වුනේ දීර්ඝ කාලයක් රජයේ සේවයක් විදිහට පවත්වා හොඳින් වියදම් කිරීම නිසා නොව දොස්තරලගේ වැඩ වලින් කියල පෙන්නන්න ගොන් පාට් නැතිව.

  4. Saman says:

    තමන් ට අදාළ වැඩේ කරපියවු හරක්

  5. Ajith Prasanna says:

    අපේ කමල් ගුනේ ලඟත් ඔය වගේ ඇප් එකක් තිබුනා කුඩු කාරයෝ කොරෝනා කාරයෝ වගේ අයව හොයාගන්න. මොනවා වුනාද දන්නේ නැහැ

  6. Nandun says:

    ලංකාව කියන්නේ ලෝකේ අනික් සමහර රටවල් වලට වඩා පරිත්‍යාගශීලි , හොඳ හදවතක් තියෙන, නිහතමානී සුන්දර මිනිස්සු ඉන්න රටක්. ඒත් තවත් අතකින් ලංකාව කියන්නේ තවත් කෙනෙකුගේ යහපත් ක්‍රියාවක් අගය කරන්න බැරි, වචනයකින් හරි මනුස්සයෙක්ව පහලට දාන්න උත්සහ කරන, ඉරිසියාවෙනුයි කුහකකමිනුයි ඉදිමුණු තිරිසනුන්ටත් අන්ත කාලකණ්ණි ඉන්න රටක්. හොඳම උදාහරණයක් තමයි මේ උඩින් comment කරලා තියන සක්කිලියෝ ටික. මනුස්සකමටත් නින්දාවක් මේ වගේ උන්. මනුස්සයෙක්ගේ යහපත් උත්සාහයක් අගය කරන්න උඹලට බැරි නම් අඩුම ගාණේ ඔයවගේ අමන කතා නොකියා හිටපල්ලා. උන් මෙහෙම හරි දෙයක් කරලා තියනවා. උඹලා කාලකණ්ණි වගේ ඉපදිලා කාලකණ්ණි විදියටම මැරිලා යනවා.

Main News