කොරෝනා ආසාදිතයන්ට වෙන් කල රෝහල් පිරී යයි.. අසාධ්‍ය රෝගීන් පමණක් රෝහල්ගත කරන්න සූදානම්..

October 28, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා ආසාදිතයන්ට වෙන් කල රෝහල් පිරී යයි.. අසාධ්‍ය රෝගීන් පමණක් රෝහල්ගත කරන්න සූදානම්..

කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙන් කරන ලද රෝහල් 23 ම මේ වන විට රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කරන ලද රෝහල්වල ඇඳන් සියයට 90%කින් පමණ පිරී ගොස් ඇති නිසා ඔවුන්ට පහසුකම් ලබාදීමේ දුෂ්කරතා මතු වී ඇතැයි ද සඳහන්ය.

ඊයේ පස්වරුව වන විට රෝගීන් 4700 ඉක්මවූ පිරිසක් රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටිය.

මේ අතර රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සඳහන් කළේ සියලුම කොරෝනා රෝගීන් රෝහල්ගත නොකර අසාධ්‍ය වූවන් පමණක් රෝහල්ගත කිරීමේ ක්‍රමවේදයක් ගැන සලකා බලමින් සිටින බවයි.

අසාධ්‍ය නොවූ ආසාදිතයන් අතරමැදි ස්ථානයක රැුදවීමට සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කළේය.

25,440 views

8 Comments to “කොරෝනා ආසාදිතයන්ට වෙන් කල රෝහල් පිරී යයි.. අසාධ්‍ය රෝගීන් පමණක් රෝහල්ගත කරන්න සූදානම්..”

  1. නාරද says:

    ලංකාවේ පාසැල් 10,000 ක් විතර තියනවා, මම වාගේ අයනම් කැමැතියි පුටුවක උනත් වාඩිවෙලා රට වෙනුවෙන් කැපවීමක් කරන්න. වැසිකිලි ටික හදලා දුන්නනම් හොඳයි. අමාරු අයට රෝහල් ටික දෙමු. අනිත් අය පතුරවන් නැතිව ඉන්න බලමු.

  2. මයික් පොම්පියෝ says:

    දැන්වත් ඔය ඉහල තැන්වලට දාලා ඉන්න ද්විත්ව පුරවැසියන්ව ඉවත් කර වෙන මිනිස්සුන්ව ඒ තනතුරුවලට දමන්න.

  3. ආගමික ශබ්ද දූෂණය එපා says:

    අහල පහල අයට හිරිහැර වෙන විධිහට පන්සල් වලින් පීකර් මහ හයියෙන් දානවා. මේක පුදුම කරුමයක්. කොරෝනා හැදෙන හොඳයි අපට. ටික දවසකට කොහෙ හරි ඉස්පිරිතාලෙකට ගිහින් කණක් ඇහිලා ඉන්න පුළුවන්. මල කරුමෙ උදේ පහටයි – හවස පහටයි පටිසන් දෙනවා හැමදාම. දුශ්ශීල පර හැත්ත. බුදුන්වහන්සේ දේශනා කලේ අවිහිංසාවාදය මිසක් හිංසාවාදය නොවේ.

    • aselaravinath says:

      පිස්සන් කොටු වල ඉන්න ඕනි උන් පන්සල් වල හිටියම ඔහොම වෙනව …කව්රු හරි නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තනම් හරි

  4. Chulan Kumara says:

    මේ සඳහා සිදු කළ යුතු ක්‍රියාමාර්ගය වන්නේ රෝගීන් ප්‍රථමව ආයුර්වේද රෝහල වෙත ඇතුළත් කර ඉන් පසුව ඔවුන්ට සුදර්ශන පැණිය හෝ වෙනත් ආයුර්වේද ප්‍රතිකර්ම ලබා දී තත්ත්වයන් පිළිබඳ නිරීක්ෂණය කර යම්කිසි විදිහකට රෝගීන්ගේ රෝග උත්සන්න වීමකට පත්වුණොත් පමණක් ඔවුන් රජයේ රෝහල් වෙත ගෙන යාමට හැකියාව තිබෙනවා. අවුරුදු ගාණක පුරාන ඉතිහාසයක් තිබෙන හෙළ වෙදකමේ හැකියාව මොනවට පැහැදිලි කළහැකි අවස්ථාවක් අපිට ලැබිල තියනවා.

    • Mann says:

      හොඳම දේ ක්‍රියාවෙන් ඔප්පු කිරීමයි.ඔබම ප්‍රථමයා ලෙස අභියෝගය බාර ගන්න.

  5. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  6. lotus says:

    Use universities hostels. 40000 passions can accommodate.

Main News