කොරෝනාවට ‘සුදර්ශණ පැණිය’ දෙනවාට බටහිර දොස්තර විරෝධයේ.. බටහිර ක‍්‍රමයටම බෙහෙතක් අවශ්‍ය බව කියයි…

October 29, 2020 at 3:50 pm | lanka C news
කොරෝනාවට ‘සුදර්ශණ පැණිය’ දෙනවාට බටහිර දොස්තර විරෝධයේ.. බටහිර ක‍්‍රමයටම බෙහෙතක් අවශ්‍ය බව කියයි…

රජයේ රෝහල්වල රදවා සිටින කොරෝනා ආසාදිතයන් සඳහා ආයුර්වේද ඖෂධ යක් වන ‘සුදර්ශන පැණිය’ නිර්දේශ කිරීමට යාම නීතිවිරෝධී කටයුත්තක් යැයි විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සඳහන් කරයි.

රාජ්‍ය ඇමති ජයසුමන මහතා විසින් මෑතකදී සඳහන් කළ පරිදි සුදර්ශන පැණිය රජයේ රෝහල්වලට ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ට ලබා දීමට සූදානම් වන බවට කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

වසර දහස් ගනනක් පැරණි දේශීය වෛද්‍ය ක්‍රමය ගැන ඇති සැකයක් නොව ප්‍රශ්නය පවතින්නේ එය භාවිතයට ගැනීමට සූදානම් වන ක්‍රමය පිළිබඳව යැයිද ඔහු සඳහන් කළේය.

බටහිර වෛද්‍යවරු විසින් ආයුර්වේද ඖෂධයක් හෝ වෙනත් වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් රෝගීන් සදහා නිර්දේශ කිරීම බරපතළ වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීමක් බවත් එයට දඬුවම වන්නේ ලියා පදිංචිය අහෝසි කිරීම බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම සුදර්ශන පැණිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නැති ඖෂධයක් බවත් එය රජයේ රෝහලක නියම කිරීම ද වරදක් බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මෙය ඖෂධය භාවිතයට ගැනීමට පෙර සායනික පරීක්ෂකට යොමු කළ යුතු බවත් විවිධ තත්ව යටතේ අධ්‍යනය කිරීමෙන් පසුව ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබාගැනීමට ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් කළේය.

එසේ නොකර සුදර්ශන පැණිය බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රෝහල්වලට නිර්දේශ කිරීමෙන් එම ක්‍රමවේද උල්ලංඝනය කිරීමක් මෙන් මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විහිළුවකට ලක් කිරීමක් සිදුවන බවද ඔහු කියා සිටියේය.

58,972 views

66 Comments to “කොරෝනාවට ‘සුදර්ශණ පැණිය’ දෙනවාට බටහිර දොස්තර විරෝධයේ.. බටහිර ක‍්‍රමයටම බෙහෙතක් අවශ්‍ය බව කියයි…”

  1. දුටුගැමුණු says:

    ඕක හරි සිම්පල් ! නම වෙනස් කරමු.
    අද සිට සුදර්ශන පැනිය ” රැජින ගේ පැනිය ” වෙයි .

  2. On The Spot says:

    දැන් එතකොට කොත්තමල්ලි වෙනිවැල් ගැට තම්බල බොන අපේ ගම්වල ඉන්න මිනිස්සුන්ගෙ පුරවැසිකම අත් හිටුවන්න වෙනව​.ජයසුමන මහත්මය කීවෙ මේ පැණිය පර්‍යේෂණ මගින් හොඳ බව තහවුරු වී ඇති බවයි.අතුරු ආබාදයක් නැත්නම් එය අත් හදා බැලීම වරදක් නොවෙයි නේද විශේෂඥ දොස්තර මහත්තො.දන්නෙ නැති නිසයි අහල බලන්නෙ.

  3. ගමරාළ says:

    ඒකනෙ, අපේ ට්‍රම්පට් දේවතාවා ලබන සතියේ ප්ක නිල් ඖශදය සකල ශ්‍රිලන්කා වාසීන්ට නොමිලේම ලබා දෙනව යැයි mic පිම්පියෝ මහතා ප්‍රකාස කල බව සමාජ ගත කොරොනා පුවත් සේවය වාර්තා කරයි….

  4. අප්පු says:

    කුහක මනුස්සයෙක් ලෝකය ගැන නොදන්නෙක් චීනය දෙසට හැරෙන්න චීනකටු වෛද්‍යක්‍රමය කියන්නේ චීනේ පාරම්පරික වෙදකමක්.නමුත් අපේ වෛද්‍යවරු වගේ එහේ බටහිර වෙදදුරෝ චීනකටු ප්‍රතිකාර ක්‍රමය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.මේ මිනිසුන්ට තියෙන්නේ බයක්.දේශීය බෙහෙතකින් කොරෝනා සුව වුනා කිව්වොත් මේ මිනිසුන්ගේ චැනල් සෙන්ටර්වලට ඒක ලොකු පහරක්.අන්න ඒ නිසයි මේ කෑගැහිල්ල

  5. මීහරක්..! says:

    ජාතිය වඳ කරලම දාන්න හදන්නේ…

    බීපන් රට බිම ..!

    පර හැත්ත ..!

  6. Lion 699 says:

    මම මෙච්චර කල් හිතාගෙන හිටියේ රට කන්නේ දෙසපාලුවො විතරය් කියලා මෙ බටහිර වෛද්‍යවරුත් එකටම උපන් ජාතියක් උන් මෙ රට පාලනය කරන්න හදනව

Main News