කොරෝනාවට ‘සුදර්ශණ පැණිය’ දෙනවාට බටහිර දොස්තර විරෝධයේ.. බටහිර ක‍්‍රමයටම බෙහෙතක් අවශ්‍ය බව කියයි…

October 29, 2020 at 3:50 pm | lanka C news
කොරෝනාවට ‘සුදර්ශණ පැණිය’ දෙනවාට බටහිර දොස්තර විරෝධයේ.. බටහිර ක‍්‍රමයටම බෙහෙතක් අවශ්‍ය බව කියයි…

රජයේ රෝහල්වල රදවා සිටින කොරෝනා ආසාදිතයන් සඳහා ආයුර්වේද ඖෂධ යක් වන ‘සුදර්ශන පැණිය’ නිර්දේශ කිරීමට යාම නීතිවිරෝධී කටයුත්තක් යැයි විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සඳහන් කරයි.

රාජ්‍ය ඇමති ජයසුමන මහතා විසින් මෑතකදී සඳහන් කළ පරිදි සුදර්ශන පැණිය රජයේ රෝහල්වලට ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ට ලබා දීමට සූදානම් වන බවට කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

වසර දහස් ගනනක් පැරණි දේශීය වෛද්‍ය ක්‍රමය ගැන ඇති සැකයක් නොව ප්‍රශ්නය පවතින්නේ එය භාවිතයට ගැනීමට සූදානම් වන ක්‍රමය පිළිබඳව යැයිද ඔහු සඳහන් කළේය.

බටහිර වෛද්‍යවරු විසින් ආයුර්වේද ඖෂධයක් හෝ වෙනත් වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් රෝගීන් සදහා නිර්දේශ කිරීම බරපතළ වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීමක් බවත් එයට දඬුවම වන්නේ ලියා පදිංචිය අහෝසි කිරීම බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම සුදර්ශන පැණිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නැති ඖෂධයක් බවත් එය රජයේ රෝහලක නියම කිරීම ද වරදක් බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මෙය ඖෂධය භාවිතයට ගැනීමට පෙර සායනික පරීක්ෂකට යොමු කළ යුතු බවත් විවිධ තත්ව යටතේ අධ්‍යනය කිරීමෙන් පසුව ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබාගැනීමට ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් කළේය.

එසේ නොකර සුදර්ශන පැණිය බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රෝහල්වලට නිර්දේශ කිරීමෙන් එම ක්‍රමවේද උල්ලංඝනය කිරීමක් මෙන් මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විහිළුවකට ලක් කිරීමක් සිදුවන බවද ඔහු කියා සිටියේය.

59,621 views

66 Comments to “කොරෝනාවට ‘සුදර්ශණ පැණිය’ දෙනවාට බටහිර දොස්තර විරෝධයේ.. බටහිර ක‍්‍රමයටම බෙහෙතක් අවශ්‍ය බව කියයි…”

  1. mali says:

    nothing would happen to Ayurveda doctors but western doctors need to be responsible of what they prescribe and what they do to their patients.Our medical act has that clauses.If the western doctors do things against it they can be sued and their registration can be stripped off. Prof Channa is behaving like a child without paying attention to these things Is unbelievable.

  2. වෙදැදුරා says:

    මේ මහතාගේ කථාව හරි කියල හිතෙන්නෙ මට විතරද? ආයුර්වේද බෙහෙත් දෙන්න ඕනෑ ආයුර්වේද රෝහල්වල. බටහිර වෙදකමට කැමති අයට ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ගන්න ඉඩ දෙන්න ඕනෑ.
    ඔය කියන ඖෂධය කියන තරන්ම සාර්ථක නම්, කොහෙදිද, කවද්ද, ලෙඩ්ඩු කීදෙනෙකුට භාවිතා කලාද, සුවවීමේ ප්‍රතිශතය, සම්භාවිතාවය යන දත්ත ප්‍රසිද්ධ කල යුතුයි.
    Need at least some research papers published on this remedy.

  3. රාවණා ශක්තිය says:

    මෙයා පල් හොරෙක්. ඉන්දියාවේ ගුබ්බැයමකින් ඩිප්ලෝමා එකක් කරලා ඇවිත් “අසාත්මික රෝග” විශේෂඥ කියල බොරුවට පෙනී සිටිනවා. පුලුවන්නම් පෙන්නන්න එහෙම විශේෂඥතාවක් කොහෙන්ද දීල තියෙන්නේ කියල.

  4. Gune says:

    වෙන රටවල තම රටේ දේශීය වෙදකමට ගරහන මෙවැනි පරගැතියන් නොමැති නිසා මෙවැනි ගැටළු පැන නොනගී. දොස්තර ඇන්ටන් ජයසුරිය මියගිය වහාම කළුබෝවිල රෝහලේ එවක පැවති විකල්ප වෛද්‍ය සායනය කඩාබිඳ දැම්මේ මෙවැනි පර ගැත්තන්ගේ මැදිහත්වීමෙනි.

  5. Aurora says:

    බටහිර බෙහෙත් කොම්පැණිවල කුලී ඒජන්තයෙක්. මුන් බයයි අයුර්වේද හෝ හෙලවෙදකමින් කොරොනා සුව වෙලා බටහිර පෙති ඉන්ජෙක්සන් පිලිබදව මේ රටේ මිනිස්සුන්ගේ ව්ශ්වාසෙ නැතිවෙයි කිය්ල. එතකොට බටහිර බේත් ජාවාරම ඉවරයි.

  6. යකෝ මේ වෙලාවෙ සුදර්ශනි පැනිය නෙවෙයි සුදර්ශනීගෙ පැණි හරි දීල මිනුසුන්ගෙ ජීවිත රැකගන්න බලපල්ලා , උඹලගෙ මගුලෙ බටහිර රෙද්දම කියව කියව ඉන්නැතිව සහයොගයෙන් ජීවිත ගොඩදාන්න බලපල්ල, සුව වෙන වේගය වැඩිනම් දෙශීය වෙදකමේ හාස්කමත් උඹලගෙ බටහිර හාම්පුතුන්ට පෙන්වපල්ල ඒකයි කල යුතුව ඇත්තෙ.

  7. Dinesh says:

    Cystone කියන හිමාලයා ආයුර්වේද බෙහෙත මුත්‍රා ගල් සදහා බටහිර වෛද්‍යවරුන් නිර්දෙශ කර ලබා දෙනවා එතකොට ඒක හොද නැද්ද

  8. SL says:

    බටහිර ක්‍රමේට බේතක් තියනවනම් කියපන්කො කුහකයෝ

  9. ගමේ වෙදා says:

    මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ සියළුම කොවිඩ් රෝගීන් සියල්ල ආයුර්වෙද රෝහල් වලට ඇතුලත්කර ඔය පැණිය ලබාදී හොඳවෙනවාදැයි පර්යේෂණයක් කලයුතුයි .මේ ක්‍රමයෙන් ලෙඩුන්ට සුව උනත් නැතත් දෙපැත්තෙන්ම වාසියි . සුව උනොත් බටහිර වෛද්‍ය රෝහල්වල භාවිතයට යොදාගත් හැකියි. සුව නොවී ලෙඩුන් මැරුනොත් සමාජයට බරක් වී ඇති කුඩු බොන්නන් ප්‍රමාණය අඩු විය හැකියි

  10. බය්යා says:

    අපිට අවශ්‍ය ලෙඩේ හොදකර ගන්න කෙටිම ලෙහෙසිම මාර්ගයක්. නීතිරීති සියල්ල මනුෂ්‍යයා හදාගෙන තියෙන්නේ වඩාත්ම කාර්යක්ෂම වේගවත් පහසු ආර්ථික වශයෙන් ලාබදායී ලෙස යමක් කිරීමට. අපිට ඕනෙම දෙයක් වෙනස්කර ප්‍රයෝජනයක් ගැනීමට කොන්දක් තිබිය යුතුයි. බටහිර චින්තනය තුල බිහිවූ බොහෝදේ මනුෂ්‍යයා විනාශය කරා ගෙන ගොස් තිබෙනවා. අපේ නායකත්වය මේ බටහිර හෝ පෙර දිග චින්තනයට නොවෙයි ගැති විය යුත්තේ,මිනිසාට වඩා ප්‍රයොජනව දේ කෙරෙහි. ඒ සදහා සාර්ව වාදී චින්තනයකුයි අවශ්‍ය [holistic view]. වරෙක අපේ උගත් යයි සම්මත අයගේ දැනුමෙහි සීමාව පිලිබදව කණගාටුවක් ඇති වෙනවා.

Main News