මිනුවන්ගොඩ පාලනයේ.. නව කොරෝනා රෝගීන් නෑ..

October 30, 2020 at 1:20 pm | lanka C news
මිනුවන්ගොඩ පාලනයේ.. නව කොරෝනා රෝගීන් නෑ..

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව මූලික කරගෙන ඇති වූ කොරෝනා පොකුරෙන් ආසන්න දින කිහිපයේදි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කිසිදු කොරෝනා ආසාදිත බව වාර්තා වී නැත.

ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා මේ බව සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රදේශවාසීන් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම සහ එම ප්‍රදේශය පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම මීට හේතු වී ඇති බවයි.

කෙසේ නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ තුළින් තවදුරටත් හමුවන ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට රෝහල් කිහිපයක්ම වෙන් කර ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

31,323 views

4 Comments to “මිනුවන්ගොඩ පාලනයේ.. නව කොරෝනා රෝගීන් නෑ..”

  1. ක්‍රිමිනල් says:

    මහත්තයො පී.සී.ආර් යන්ත්‍ර කැඩිලා , නියැදී ගොඩ ගැහිලා ,දින පහ හයක පි.සී.ආර්.නියැධි වල ප්‍රතිපල තාම නෑ කියලා වෛද්‍ය හරිත අලුත්ගේ කියනවා.පුරොකතන කරනවනං පැහැදිලි දත්තයන් ඔස්සෙ කරන්න ,එක එක චරිත පිනවන්න දතකන්නැතුව

    • Chandima says:

      Very true.

    • ඕමාර් ගේ ජොකී යා says:

      මෙහෙමයි, යන්තරය අලුත් වැඩියා කරන්න චිනෙන් එනකොට පරක්කු වැඩියි, සම්පල් එක්ස්පයාර් වෙලා. ඒක නිසා මම යෝජනා කරනවා ඔය ටෙස්ට් කරන්න බැරිවුණ සාම්පල ඔක්කොම කාමරේක තියලා, හතර වටේම සබ්වූෆර් තියලා ෆුල් වොලියුම් දාලා රතන සූත්‍රය දවස් තුනක් දමන්න. හතරවෙනි දවසේ ඔක්කොම සාම්පල වල කොරෝනා නෙගතිව් වෙනවා ඒකාන්තයි. අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි.

  2. රවි says:

    දැන් රෝගීන්ගේ පලමු ආශ්‍රිතයන් නිරෝධායන මඩ්‍යස්ථාන වලට යවන්නේ නැතිනම් පිටරටින් එන සියලුම දෙනා ඒවාට යැවීම විහිලුවකි.ඒ අය පලමු දෙවෙනි හෝ ආශ්‍රිතයන් නෙවෙයි.

Main News