සෞඛ්‍ය අමාත්‍යංශ සේවකයෙකුට කොරෝනා.. ඔහු ඉහල බලධාරීන්ගේ කාර්යාල වෙත යන එන කෙනෙක්..

October 31, 2020 at 12:02 am | lanka C news
සෞඛ්‍ය අමාත්‍යංශ සේවකයෙකුට කොරෝනා.. ඔහු ඉහල බලධාරීන්ගේ කාර්යාල වෙත යන එන කෙනෙක්..

සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඔහු අමාත්‍යාංශයේ ලිපි ලේඛන සම්බන්ධයෙන් කටයුතු කරන අයෙක් බව වාර්තා වෙයි.

මෙම සේවකයා කිහිප දෙනෙකු එක්ව ආහාර ගෙන ඇතැයිද සඳහන්ය. ඔවුන්ද ඇතුළුව ඔහු සමග සමීපව කටයුතු කරන ලද පිරිස නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.

අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇත.

මේ අතර සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල විෂබීජහරණය ලක් කිරීමට කටයුතු සූදානම් කරමින් ඇත.

මෙම ආසාදිතයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් බොහෝ දෙනකුගේ කාර්යාල කාමර යන්නට පිවිසෙන පුද්ගලයෙකු බවද තවදුරටත් දැනගන්නට තිබේ.

21,682 views

2 Comments to “සෞඛ්‍ය අමාත්‍යංශ සේවකයෙකුට කොරෝනා.. ඔහු ඉහල බලධාරීන්ගේ කාර්යාල වෙත යන එන කෙනෙක්..”

  1. S.Vitharana says:

    ඉඹින්න නම් එපා මැනිකේ. ඔයාටත් හැදෙයි..

  2. ක්‍රිමිනල් says:

    සමාජ පැතීරීමක් නෑ කියලා පම්පෝරි ගහන සෞඛ්‍ය අඅමාත්‍යාංශයෙත් රෙද්ද අස්සේ තුත්තිරි .

Main News