කොරෝනාවෙන් ලෝකවාසීන් ආරක්‍ෂා කරන්නැයි රතන සූත‍්‍රය සජ්ජායනා කරන්නැයි සියළු විහාරස්ථානවලට දන්වයි..

November 1, 2020 at 6:23 am | lanka C news
කොරෝනාවෙන් ලෝකවාසීන් ආරක්‍ෂා කරන්නැයි රතන සූත‍්‍රය සජ්ජායනා කරන්නැයි සියළු විහාරස්ථානවලට දන්වයි..

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රටවැසියාට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සඡ්ඡායනා කරන ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් මහා සංඝරත්නයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී තිබේ.

එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින්, දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සඡ්ඡායනා කිරීම සිදු වෙයි.

මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයිනේ සියලුම විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍ර සඡ්ඡායනා කරමින් රටටත්, ලෝකවාසී සියලු ජනයාටත් ආශිර්වාදය හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

12,070 views

37 Comments to “කොරෝනාවෙන් ලෝකවාසීන් ආරක්‍ෂා කරන්නැයි රතන සූත‍්‍රය සජ්ජායනා කරන්නැයි සියළු විහාරස්ථානවලට දන්වයි..”

  1. පීකර් සද්දෙ එපා says:

    බුදුහාමුදුරුවනේ…. මේ හොර ඝන තක්කඩියෝ හයියෙන් පීකර් දාලා අපට හිරිහැර කරනවා

    • Karunadasa says:

      මෙම රත්න සුත්‍රයේ බලයෙන් මගෙ රට ඇතුළු මුලු ලොවම සුවපත් වේවා

      • ගොන් බයියා says:

        ඔව් මම ඇහැටම දැක්ක රතන සූත්තරේ ස්පීකරෙන් යද්දි කොරෝනා පැනල දුවනව.

    • දේවානම්පියතිස්ස says:

      අර කිරිබත් – ගොඩයා නිසා තමයි මේ පාර කොරෝනා හැදුනේ. සැදහැවත් බෞද්ධ ජනතාව මල් දමා වහපු හිරිවඩුන්න වජ්‍රාසනය ඒ පිස්සා පස් දමා වහලා. ඒ වසලයා එතනින් පන්නා දමාපල්ලා. වජ්‍රාසනය යලිත් මතුකර දී පල්ලා !

      • lakshitha says:

        එතකොට වෙන රටවල් වල හෝ ගාලා කොරෝන ලෙඩ්ඩු වැඩි වෙන්නෙ උන් මොනව වහපු නිසාද? තොපි වගේ මෝඩයන්ගෙන් ඔයිට වඩා හොඳ අදහසක් බලාපොරොත්තු වෙන්න බෑ.

  2. උක්කුං මල්ලී says:

    දැන් පලමු වටයේ කොවිඩ් වසංගතය මර්දනය කලේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියලා බයියෝ ටික මොරදුන්න නේද. දැන් මේ දෙවැනි වටයේ මොකටද රතන සූත්‍රයක්. එයාටම මර්දනය කරන්න කියමු. ඕනෑම නම් දුමින්ද සිල්වාගේ සහයෝගයත් ලබාගත හැකිය.

  3. කාන්තාර පළඟැටියා says:

    මහින්ද මහත්තයෝ … , ඔබතුමා නීතීඥයෙක් හැටියට 261 වගන්තිය ගැන දන්නවා ඇති . මහජන කරදරය කියන්නෙ නිතියෙන් දඬුවම් ලබා දියහැකි වරදක්. බොහෝ පන්සල්වල මහා සද්දෙන් ලවුඩ්ස්පීකර් දානවා. වටේ පිටේ ගෙවල්වල මිනිසුන්ට එය හිරිහැරයක්. කුඩා දරුවන්ට , වැඩිහිටි වියපත් අයට එම අධික ශබ්දය හිරිහැරයක්..

    • Ravi says:

      එතකොට මේ කාලකන්නි චූං පාන් සද්දේ 261 වගන්තියට අදාල නැද්ද ?

      • Alapaluwa says:

        චූන් පාන් රෑ එලිවෙනකම් යනවද උබලගෙ ගමේ?

    • sl says:

      අධම්මරාග සූත්‍රය කියවනවා බූරුවෙක් වගේ තප්පුලන්නැතුව.

  4. Dharmadaasa says:

    Ay Mathithumo 2/3 labunata passe marika marikaa hitiya etaboola tika amthaka unaaada ?

  5. Saman says:

    මහින්ද මහත්තයො 20 සම්මත වුනාට පස්සෙ ඔයා දැන් පියන් කෙනෙක් වගේනෙ. වෙන වැඩක් නැත්නම් පෙන්ෂන් අරන් ගෙදරට වෙලා ඉන්න අපිට කනක් ඇහිලා ඉන්න දීල.

    • SL Citizen says:

      මෝඩ, ගුනේ නැති මිනිහෝ. මේ භවේදීම මේ කරගත්ත පව් පඩිසන් දෙනවා.

  6. Great this is very good excellent decision……. Please do and let us do……….

  7. බෞද්ධයන් හැටියට මානුෂීය වෙන්න… says:

    අවිහිංසාව වෙනුවට හිංසාව… ඉතිං සෙතක් ශාන්තියක් වෙයිද අගමැතිතුමනි… පීකර් වලින් මහ සද්දෙන් මිනිස්සුන්ට කරදර කරද්දි ?

  8. Wimal de Silva says:

    පසුගිය මාස 10 තුල සුරංගනා කථා කියමින් නීරෝධායනය මුවාවෙන් විදෙස් ශ්‍රමිකයන්ගෙන් ගසා කෑවා මිස සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු නොකළේ ය. දුම් අල්ලමින්, කැඳ පොවමින්, පැණි පොවමින්, රතන සූත්‍රය සහ භොජ්ජංග සූත්‍ර සජ්ජායනා කරමින් වෛරසයක් මැඩ පැවැත්වීමට තකතීරු වැඩ කිරීම නන්දසේනගේ රාජ්‍ය ප්‍රතිපත්තිය විය. ගෝත්‍රික අප්‍රිකානු රටවල් පවා වසංගතයක් තුල සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම අතින් ලංකාවට වඩා ඉදිරියෙන් සිටින බව ලෝක සෞඛය සංවිධානයේ වාර්තා වලින් පැහැදිලිය

    • Nimal says:

      දවසේ කුලියට කරන කැනහිලෙක්, පෙන්නමුද බලන්ට ඔය කියන වාර්තා , අපිට එක link eka දෙන්ඩකෝ

  9. Sarath Bulathsinghala says:

    අගමැතිතුමා කියනතුරු ඉන්න ඕනිද!

    පංසල් වල යුතුකම අවශ්‍ය ලෙස පිරිත් සද්ගායනා කිරීම.

    ශබ්දවිකාශනය කර පිරිත් දේශනා කරන්න අවශ්‍ය නැහැ. ඒවා මෑතකදී ආරෝපනය කරගත් අනවශ්‍ය සෝබන වැඩ!

  10. හෙලයා says:

    හයියෙන් ලවුඩ් ස්පීකර දාන්නෙ නැතිව
    රතන සූත්‍රයෙ බුදුන වහන්සේ දක්වල තියෙ දේවල් භාවනාවෙන් දකින්න හැමෝම උදේට 5-6 අතර භාවනා කලොත් ලෝකය විතරක් නෙමෙයි මුලු විශ්වය පිර්සිදු වෙනවා..පිරිත් කරන්න කියල කියන්නෙ මහ හයියෙන් කෑගහන් එකට නෙමේ.. තම තමන් ඇතුලතින් කරන එකක් එවිට රතන සූත්‍රය තමාට දර්ශනය වෙනවා.. දැන් ඉන්න සිවුරු දාරියො දන්නෙ බ්ස්නස් කරන්න විතරයි. කිසිම.පනසලක් ඉන්න එක හාමුදුරුවෙක් වත් උදේට භාවනා නොකර ලෞඩ්ස් පීකර් දාල බුදියගන්නවා විතරයි.. ඒකෙන් හාමුදුරුවොත් පිරිහෙනවා වගේම ගිහියෙකුටවත් බනක් භාවනාවක් කරගන්න නැහ. මිනිස්සු කටින් නෙමෙයි ඔලුවෙන් හිතන්න පුරුදුවෙන්න ඕනෙ..

Main News