විපක්‍ෂයෙන් තව 03ක් ආණ්ඩුවට.. මුස්ලිම් පක්‍ෂ නායකයන් දෙදෙනෙක්ද ඒ අතර..

November 2, 2020 at 12:02 am | lanka C news
විපක්‍ෂයෙන් තව 03ක් ආණ්ඩුවට.. මුස්ලිම් පක්‍ෂ නායකයන් දෙදෙනෙක්ද ඒ අතර..

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේ තවත් මන්ත්‍රීවරුන් 03 දෙනෙකු ආණ්ඩුවට එක්වීමට සූදානමින් ඇතැයි වාර්තා වේ.

ඔවුන් අතර මුස්ලිම් පක්ෂ දෙකක නායකයන් දෙදෙනකු සහ ජාතික ලයිස්තු මන්ත‍්‍රිවරයෙකු සිටින බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

එම පක්ෂයේ සිසු මන්ත්‍රීන්ගේ සහාය පසුගිය විසි වන සංශෝධනයේ දී ආණ්ඩුවට ලබාදී ඇතැයි ද ඔවුන් විසින් දැනුම් දී ඇතැයි ද එහි සඳහන්ය.

එබැවින් අයවැය ඡන්ද විමසීමේ දී හෝ වෙනත් අවස්ථාවක ඔවුන් ආණ්ඩුවට එක් වනු ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

ආණ්ඩුව සමග අද හෙටම එක්වීමෙන් උවමනාවක් නැති බව ද ආණ්ඩුව විසින් ඔවුන්ට දැනුම් දී ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටමින් එම පුවත් වාර්තාව සඳහන් කර ඇත.

57,186 views
Main News