කොරෝනා සදහා වෙන්කල රෝහල් පිරී යයි.. නිරෝධායන මධ්‍යස්ථාන කොරෝනා රෝහල් කරයි..

November 1, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා සදහා වෙන්කල රෝහල් පිරී යයි.. නිරෝධායන මධ්‍යස්ථාන කොරෝනා රෝහල් කරයි..

කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කරන ලද රෝහල් වාට්ටු පිරි යාමත් සමගම නිරෝධායන මධ්‍යස්ථානය මධ්‍යස්ථාන හතරක් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් තාවකාලික රෝහල් බවට පත් කර ඇත.

හමුදාව විසින් පවත්වාගෙන යන ලද නිරෝධායන මධ්‍යස්ථාන හතරක් මෙසේ තාවකාලික රෝහල් බවට පත්කර ඇති අතර ඒවායේ ඇඳන් 2000 පමණ ප්‍රමාණයක් තිබේ.

දැනටමත් එම තාවකාලික රෝහල් 4 සඳහා ආසාදිතයන් 1300 පමණ ප්‍රමාණයක් ඇතුළත් කර ඇත.

මෙසේ තාවකාලිකව රෝහල් බවට පත්කර ඇත්තේ කන්දකාඩු, කනගොල්ල, ගල්ලෑල්ල සහ පූනානි හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයි.

25,936 views

6 Comments to “කොරෝනා සදහා වෙන්කල රෝහල් පිරී යයි.. නිරෝධායන මධ්‍යස්ථාන කොරෝනා රෝහල් කරයි..”

  1. බකට් හැරී says:

    ඌරාපොල තියෙනවා NDDCB එකේ පුනරුත්තාපන මධ්‍යස්ථානයක් 300 කට විතර ඉන්න පුළුවන්.. ඒක නිරෝධායන මධ්‍යස්ථානයක් කලොත් ගම්පහ අයව එහෙට යවන්න පුලුවනි

    • ඩුම් සිල්වා says:

      දැන් මුළු රටම හට්ටිය උඩ ඉන්දවලා “දුකට පුං” ගහන්නයි යන්නේ.

    • දැනගෙන මළේ... says:

      මල්වඩම් අනවශ්‍යයි… දැනගෙන මළේ…

  2. අජානීය ඉස්කූටර් says:

    ගම්පහ අපි දැන් දවස් 25 ක් ඇඳිරිනීතිය යටතේ ඉන්නවා. ඉස්සරහට අපට එන්නෙ වින්ටර් සීසන් එක. තැබෑරුම් වහලා නිසා සීතලට මූණ දෙන්න අමාරුයි.

    • සිරා says:

      ගම්පහේ අං පහේ ගොන්නුන්ට ගවමූත්‍රා තමා හොඳ

    • සනත් ඉතාලිය says:

      ලන්කාවෙ කොහෙද බන් වින්ටර් සීසන් උබට අඩියක් ගහන්න ඕනෙනම් වඩියක් පෙරාගෙන බීපන්

Main News