කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට..? වරාය සේවකයන්ගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්..
November 5, 2020 at 6:23 am | lanka C news
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමේ සූදානමක් සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා ගැන ප්‍රශ්න කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ජී නිරෝෂන් මහතා විසින් සියලු ජනමාධ්‍ය වෙත පිටපත් ද සහිතව නිකුත් කර ඇති එම ලිපිය මෙසේය.
ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
වෘත්තීය සමිති හා අග්‍රාමාත්‍යතුමා අතර ඇතිකරගත් එකඟතා බිඳදමා නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමේ සූදානම සම්බන්ධවයි.
01. 2020. 11. 01 දින Sunday Times පුවත්පත විසින් “India to manage ECT Operations at the colombo port” යන ශීර්ෂ පාඨය යටතේ වාර්තා කරන ලද පුවත මගින් හා එදිනම සිරස රූපවාහිනී නාලිකාව රාත්‍රී 10.00 ප්රවෘත්ති තුළින් ගෙන එන ලද ඉහත කී පුවතට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව වාර්තා කර ඇත.
02. එම මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර නැත. ගෙවී ගිය කාලය තුළ ඔබතුමාගේ රජය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය මගිනුත් පැහැදිලිව පෙනෙන්නට ඇත්තේ මහජනතාව මෙන්ම වරාය සේවකයා රැවටීමටද ඔබතුමා ඉතා සූරයෙකු බවයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පැවති ඔබට පූර්වයෙන් පත්වූ රජයන් විසින් පුද්ගලික සමාගම් අතට පවරන ලද වරාය සම්පත් රාශියකි. ඒ අනුව ත්‍රීකුණාමල වරායේ එක් ජැටියක් ප්‍රීමා සමාගමටත්, විජයකුමාර පාලමේ කොටසක් සෙරම්ඩිප් සමාගමටත්, කොළඹ වරායේ රැජින ජැටිය SAGT සමාගම වෙතත් චන්ද්‍රිකා රජය විසින් පවරා දී ඇත. මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලනය තුළ විශාල ලෙස ආදායම් උපයන ලද නැව් තෙල් අංශය ජෝන් කීල්ස් සමාගම වෙතත්, දකුණු කොළඹ වරායේ දකුණු කොටස චීනයටත් පවරා දෙනු ලැබිණි. රනිල් වික්‍රමසිංහ පාලනය විසින් ත්‍රීකුණාමල වරායේ එක් ජැටියක් මිට්ෂුයි සමාගමටත්, හම්බන්තොට වරාය මුළුමනින්ම චීනයටත් පවරා දී ඇත.
පසුගිය රජයන් විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පත් එකින් එක දෙස් විදෙස් සමාගම් වෙත පැවරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අත්වූ ආර්ථික වාසියක් නැත.
එවන් පසුබිමක පූර්ව රජයන් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ගමන් මගේම ඉදිරි දිගුවක් බවට ඔබ රජයද පත්ව ඇත.
03. පූර්ව රජයන් වරාය දේපළ පුද්ගලීකරණය කරන විට ඒවා වරාය සේවකයාටත් මහජනතාවටත් යම් මට්ටමකින් හෝ වාර්තා වීමක් සිදුවිය. එහෙත් නැගෙනහිර පර්යන්තය සම්බන්ධව ඔබ රජය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත ගුප්ත එකකි.
04. ඔබතුමාගේ රජය නැගෙනහිර පර්යන්තය රහසිගතව ඉන්දියාවට පැවරීම සඳහා 2020 ජූනි මස 09 දින විෂය භාර අමාත්‍යවරයා මගින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. එම කැබිනට් පත්‍රිකාව පිටතට පැමිණීමත්, වෘත්තීය සමිති දැඩි විරෝධයත් හමුවේ එම කැබිනට් පත්‍රිකාව අසත්‍ය එකක් බව ප්‍රකාශ කරමින් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමේ වැඩපිළිවෙළ තාවකාලිකව යටපත් කරගනු ලැබිණි.
05. පසුගිය රජය විසින් ජයබහාලූ අදියර V සඳහා ගෙන්වන ලද ග්රැන්ටි දොඹකර තුනක් 2020. 06. 20 වන දින කොළඹ වරායට ළඟා වූ අතර වරාය අධිකාරියේ නිවැරදි තීරණයකට අනුව දොඹකර තුන නැගෙනහිර පර්යන්තය තුළ ස්ථාපිත කර කඩිනමින් මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබූවත් ඔබ රජය ඉන්දියානු බලපෑමට යටවී දොඹකර ගොඩබෑමේ කටයුතුවලට බාධා කරනු ලැබිණි.
දොඹකර නැගෙනහිර පර්යන්තය වෙත ගොඩබා ගැනීම වෙනුවෙන් වරාය වෘත්තීය සමිති හා සමස්ත වරාය සේවකයින් අඛණ්ඩ අරගලයක නිරත වූ අතර අවසානයේ විශාල ආර්ථික පාඩුවක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට එමගින් සිදුවිය.
06. එසේ ගොඩබාන ලද දොඹකර යොදා ගනිමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම කිසිදු සාධාරණ හේතුවකින් තොරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ප්‍රමාද කරනු ලැබුණි. එහෙත් පූර්ව දැනුම්දීමකින් තොරව හදිස්සියේ 2020. 08. 16 දින AS CRISTIANA නැමති නෞකාව නැගෙනහිර පර්යන්තයට සේන්දුකර මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවට වාර්තා වුවත් එම කටයුතු එදින සිදු නොවුණි. හේතුව ලෙස වරාය ගරු සභාපතිතුමා වෘත්තීය සමිතිවලට ප්‍රකාශ කරනු ලැබුවේ වෘත්තීය සමිති විසින් සමාජ මාධ්‍ය යොදාගෙන එම කටයුත්ත පූර්වයෙන් ප්‍රචාරය කිරීම නිසා ගැටලු පැනනැගිය හැකි බැවින් යොදාගත් දිනට මෙහෙයුම් ආරම්භ කිරීම අවලංගු කළ බවයි.
07. නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ක්රිරයාවලිය ආරම්භ කිරීම දිගින් දිගටම පැවති ප්‍රමාදය නිමාවට පත්කරමින් 2020. 11. 22 දින කිසිදු පූර්ව ප්රචාරක කටයුත්තකින් තොරව ගරු විෂයභාර අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් MSC EMMA නැමති නෞකාව නැගෙනහිර පර්යන්තයට සේන්දු කර මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබිණි.
2020. 11. 22 දිනය ශ්‍රී ලංකා වරාය අධිකාරියටත්, රටේ මහජනතාවටත් විශේෂ දවසක් වනවිට මහජනතාව තුළ දැඩි විරෝධයක් පැවති ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයත් එදිනම සිදුවිය. රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීමෙන් පසුව සාකච්ඡා වූ කරුණු දෙපාර්ශවය විසින්ම රටට අනාවරණය නොකිරිණි.
08. නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මේ වනවිට විශාල නෞකා 05ක් මෙහෙයවා ඇත. පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා සමගි බහාලූ පර්යන්තය වසා දමා එහි පැවති බහාලූම් උපකරණ නැගෙනහිර පර්යන්තය වෙත රැගෙන යාම පසුගිය දින කීපය තුළම සිදු කරනු ලැබිණි. තම රැකියාවල සුරක්ෂිතතාවත්, රටේ අනාගතයත්, විශේෂයෙන්ම වරාය අධිකාරියේ පැවැත්ම වෙනුවෙනුත් ඔබතුමාගේ රජය ගනු ලැබූ නිවැරදි ප්‍රවේශය සම්බන්ධව වරාය සේවකයාට ඇත්තේ ප්‍රසාදයකි.
ගරු ජනාධිපතිතුමනි, කරුණු එසේ වුවත් ඉහතින් සඳහන් කරන ලද අංක 04 සිට 08 දක්වා වූ කරුණු එකිනෙකට සම්බන්ධ හා කිසියම් පෙළගැස්මකට අනුව දියත් වන සිදුවීම් පෙළක් බව සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේදී පෙනෙන්නට ඇත. වෘත්තීය සමිතිවලට හා සේවකයින්ට නැගෙනහිර පර්යන්තය බේරා ගැනීමට සටන් කිරීමේ අවශ්‍යතාවයක් මේ මොහොතේ පැනනැගී නැත. හේතුව සියල්ල හොඳින් සිදුවන නිසාවෙනි.
එහෙත් ඇත්ත එය නොවන බව අප ඉතා හොඳින් දනිමු. කොරෝනා නීතිවලට අනුව මහජන ඒකරාශිවීම් තහනම්ය. සේවකයින් සේවයට කැඳවනු ලබන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණි. මෙවැනි පසුබිමක නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීම ඔබ රජයේ උපායමාර්ගය බව අප විශ්වාස කරමු.
නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම සම්බන්ධව පසුගිය පළමුවැනිදා පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය නම් ඒවා වහ වහා නිවැරදි කිරීමේ වගකීම ඔබ රජය සතු කාර්යයකි. එසේම නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් කිසිදු රටකට, සමාගමකට නොපවරන බවට වූ සහතිකය රටට ලබා දීමේ වගකීම පැවරී ඇත්තේ ඔබතුමාට බව අප විශ්වාස කරමු.
අඳුරේ අතපත ගාමින් වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස රැවටීමට අප සූදානම් නැත. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැවැත්මට හා 10000ක පමණ වරාය සේවකයින්ගේ රැකියා සුරක්ෂිත භාවය වෙනුවෙන් සියලූ වෘත්තීය සමිති එක මිටකට ගොනුවී ඇත. නැගෙනහිර පර්යන්තයේ ආරක්ෂාව වෙනුවෙන් එම ශක්තිය නැවත උරගා බැලීමකට ඉඩ නොතබා නැගෙනහිර පර්යන්තයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ඔබතුමාගේ රජය කඩිනමින් ස්ථීර තීරණයකට එනු ඇතැයි අප අපේක්ෂා කර සිටිමු.
ස්තූතියි.
මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
ජී. නිරෝෂන්
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්,
සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය.
එහෙම දෙන්නෙ නැ බොරු කතා
This is MR’S corrupted ministers and official’s work. Why cannot the prez stop these things ? The country think that you cannot rule the country with other Rajapakshas. They are all corrupted.
ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබා දෙන්නේ මන්ද ? මුළු රටම විදේශිකයින් සතු කරන්නද හදන්නේ ?
ගෝඨාභය මහතා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය කරුණාකර විනාශ නොකරන්න
Saman kiuwoth Hari 😋😋😋😋😋
අදානි කියන්නේ ගල් අගුරු පතල් හිමිකරුවෙක්. ඕස්ට්‍රේලියාවේ දැනට ඉදිවෙමින් පවතින දැවැන්ත “කාර්මයිකල්” ගල් අගුරු ආකරයෙන් වසරකට මෙට්‍රික් ටොන් මිලියන දහයක් නිෂ්පාදනය කර ඉන්දියාවට පැටවීමට මේ ව්‍යාපෘතියේ සැලසුමයි. ඕස්ට්‍රේලියාවේ කුයින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ “ඇබෝට් පොඉන්ට්” වරායෙන් පටවන ගල් අගුරු කොලබ වරායට ගෙනවිත් වෙනත් කුඩා නැවු වලට හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම කොලබට පරමාණු බෝම්බයක් දැමීමක් වනු ඇත. අධික ජන ගණත්වයක් ඇති කොලබ නගරය සහ වරාය ඇත්තේ ඉතා ආසන්නයේ බැවින් ගල් අගුරු හුවමාරුවේදී සිදුවන අගුරු දූවිලි කොලබ නගරයට වනසනු ඇත. ඉදිවෙමින් පවතින වරාය නගරය පවත්වාගෙන යාමට නොහැකි තරමට පරිසරය අපිරිසිදු කරනු ඇති. චීනය සහ ඉන්දියාව ගැටුමකට යන තරමට අර්භුදයකට පත්ව අවසානයේ චීනයට හෝ අදානිට රටේ මහජන මුදලින් බිලියන ගණන් වන්දි ගෙවා එක් පාර්ශවයක් ඉවත් කිරීමට සිදුවනු ඇති.