වැලිකඩ බන්ධනාගාරයේ 07කට කොරෝනා.. රැදවියන් බියෙන් තැතිගනී..

November 5, 2020 at 10:00 am | lanka C news
වැලිකඩ බන්ධනාගාරයේ 07කට කොරෝනා.. රැදවියන් බියෙන් තැතිගනී..

කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැදවියන් පස්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වී ඇත.

එමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ.

බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජනය කරන කාන්තාවකට වෛරසය ආසාදනය වී රෝහල් ගත කිරීමෙන් පසු සිදු කරන ලද පරීක්‍ෂණවලින් මෙම ආසාදිතයන් හදුනාගෙන ඇත.

බන්ධනාගාරයේ තවත් පිරිසකට හා බන්ධනාගාර රෝහලේ කාර්ය මණ්ඩලයටද කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතය.

මෙම තත්වය මත බන්ධනාගාරයේ රැුදවියන් දැඩි තිගැස්මකින් සිටින බවද වාර්තා වෙයි.

23,832 views

4 Comments to “වැලිකඩ බන්ධනාගාරයේ 07කට කොරෝනා.. රැදවියන් බියෙන් තැතිගනී..”

  1. බකට් හැරී says:

    සුළු වැරදිවලට ඉන්න අයව ඇප මත හෝ ගෙදර යවන්න. බාගෙට බාගයක් කැපෑසිටිය අඩු කරන්න හිරගෙදර

  2. දර්ශන අබේකෝන් says:

    මට මාර මෙව්වා එකක් ආවා..
    මගේ ගෑනි ඉක්මන්ට ගෙදර එයි කියලා බලාපොරත්තු වෙනවා.

  3. Renno Da Silva says:

    Sulu waradak karala Ellumgahata Niyamawela Inna ape Malli Ganath Balanna pleeeease …

    • අජානීය ඉස්කූටර් says:

      තාම අත්සන් ප්‍රමාණය මදි ඔහේගේ මල්ලිව එලියට දාන්න..

Main News