මහවදී ලිච්චවී ක්‍රමය.. නව ව්‍යවස්ථා-එට්කා විරෝධී සම්මන්ත්‍රණය කඩාකප්පල්.. ඉබි යතුරු දමා පැනයයි..
January 29, 2017 at 4:40 pm | lanka C news
අද කුරුණෑගල මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේදී යුරෝපීය ශ්‍රී ලාංකික සංසදය විසින් පැවැත්වීමට සංවිධානය කර තිබූ විද්වත් කථිකාවතට අවශ්‍ය සියළු කටයුතු සූදානම් කර තිබියදී එහි විදුහල්පතිවරයා පාසැලේ ඉබි යතුරැ දමා සැගවී සිටි බවට සංවිධායකයෝ චෝදනා කරති.
මේ සම්බන්දයෙන් දුරකතනයෙන් කල විමසීමේදී විදුහල්පතිවරයා පවසා ඇත්තේ ටීබී ඒකනායක හා අඛිල විරාජ ඇමතිවරැන් විසින් මෙම රැස්වීම නැවතීමට නියෝග කල බවකි.
මෙහිදි අදහස් පල කිරීමට නියමිතව තිබුනේ නව ව්‍යවස්ථාව හා එට්කා ගිවිසුම පිලිබදවයි.