ලංකාවේ කොන්ඩම් වාර්තාව එලිදකී..

September 24, 2016 at 2:05 am | lanka C news
ලංකාවේ කොන්ඩම් වාර්තාව එලිදකී..

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සියළුම එචි.අයි.වී ආසාදිතයින්ට නොමිලේ ප‍්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ශ‍්‍රී ලංකාෙවි එචි.අයි.වී සහ ඒඩිස් මර්දන කටයුතු හා කොන්ඩම් භාවිතය පිළිබද පර්යේෂණ වාර්තාව එළීදැක්වීම වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත‍්‍රණයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙම අදහස් පළ කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා

‘එචි.අයි.වී ඒඩිස් රෝගය අප‍්‍රිකානු සහ ආසියානු රටවල පැතිර යන බව සොයාගෙන තිබෙනවා. 2015 වසරේ දත්තවලට අනුව එචි.අයි.වී ආසාදිතයන් මිලියන 36.7 ක් ලෝකය පුරා වාර්තා වී ඇති අතර, මිලියන 1.1 ක් ඒඩිස් රෝගයෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 2015 වසරේ දී පමණක් මිලියන 2.7 ක් එචි.අයි.වී ආසාදිතයින් සොයා ගැනුනා.

ශ‍්‍රී ලංකාව දෙස බැලීෙමි දී මෙතෙක් සොයාගෙන ඇති එචි.අයි.වී ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2436 ක්. එචි.අයි.වී සහ ඒඩිස් මර්දන කටයුතු විධිමත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගියදා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. දැනුවත් කිරීෙමි වැඩසටහන්, රෝගීන් හදුනා ගැනීම ඒ අතර ප‍්‍රධාන වෙනවා. ප‍්‍රතිකාර සායන මධ්‍යස්ථාන 30 ක් ස්ථාපිත කර ඇති අතර, ජංගම සායන 22 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබනවා. මෙහිදී සමාජය දැනුවත් කිරිම ඉතාම වැදගත්. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සියළුම එචි.අයි.වී ආසාදිතයින්ට නොමිලේ ප‍්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙතෙක් කල් ගෝලීය අරමුදල මගින් ලබාදුන් මුදල් ප‍්‍රතිපාදන මත තෝරාගත් එචි.අයි.වී ආසාදිතයින්ට පමණක් ප‍්‍රතිකාර සිදු කෙරුනා. ලිංගික කරුණූ පිළිබදව ජනතාව දැනුවත් කිරිම ද ඉතා වැදගත් වෙනවා. යෞවනයන් පිළිබද සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, යෞවනයන් දැනුවත් කිරීෙමි වැඩපිළීවෙලක් ද ක‍්‍රියාත්මකය. පාසල් විෂය මාලාව තුල ලිංගික දැනුම දරුවන්ට ලබාදිය යතු බවත් ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවත් මාගේ අදහසයි. අනාරක්ෂික ලිංගික ක‍්‍රියාකාරකම් වලින් වැළකීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ස්ථාපිත කර ඇති සායන මධ්‍යස්ථාන 30 තුල දී නොමිලේ කොන්ඩම් ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා. නමුත් නොමිලේ හෝ ලබාදෙන එම කොන්ඩම් ලබාගැනීමට සමාජයේ පසුගාමී බවක් දක්නට ලැබෙනවා.

මෙහිදී ශ‍්‍රී ලංකාෙවි එචි.අයි.වී සහ ඒඩිස් මර්දන කටයුතු හා කොන්ඩම් භාවිතය පිළිබද පර්යේෂණ වාර්තාව එඩිස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබාදෙන ලදි.

– නිපුන් ඒකනායක

35 views

2 Comments to “ලංකාවේ කොන්ඩම් වාර්තාව එලිදකී..”

  1. Mr. මනහර says:

    ශ්‍රී ලංකාවතුල HIV/AIDS රෝගය වැඩිපුරම පතුරුවන්නෙ මන්න පොංගල වැනි සමලිංගික සේවනයට ඇබ්බැහිවූ අය විසින්!

  2. බියගම කොලා says:

    konda
    kondam කොන්ඩම් දෙන්න බන් අතේ දාගන්න්ද කෙල්ලෙක් නැතුව ඕක ගොන් ඒවාට තමා හරි යන්නේ

Main News