රිජ්වේ ආර්යා ලමා රෝහලෙන් කොරෝනා ආසාදිත දරුවන් 20ක්.. මවුවරුන් 12ක්..

November 6, 2020 at 11:20 am | lanka C news
රිජ්වේ ආර්යා ලමා රෝහලෙන් කොරෝනා ආසාදිත දරුවන් 20ක්.. මවුවරුන් 12ක්..

කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා ළමුන් 20 දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාර්තා වී ඇත.

රෝහල් අධ්‍යක්ෂ ජී. වීරසූරිය මහතා පෙන්වා දෙන්නේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 32 දෙනෙකු එම රෝහලෙන් හදුනාගෙන ඇති බවයි.

රෝහලෙන් හදුනාගත් පිරිස අතර මවුවරුන් 12ක් හා ඉතිරි 20 දෙනා කුඩා ළමුන් බවද ඔහු පැවසීය.

රෝහලේ වෛද්‍යවරයෙකුට ද වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ දිනයේ හදුනාගෙන ඇත.

කෙසේ නමුත් මෙම තත්ත්වය මත රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණීමට අනියත බියක් ඇති කර ගත යුතු නැති බවද ඔහු කියා සිටියේය.

රෝහලේ ප්‍රතිකාර සේවා කිසිදු බාධාවකින් තොරව සිදුවන බව ද අධ්‍යක්ෂවරයා තව දුරටත් පැවසීය.

19,065 views

6 Comments to “රිජ්වේ ආර්යා ලමා රෝහලෙන් කොරෝනා ආසාදිත දරුවන් 20ක්.. මවුවරුන් 12ක්..”

  1. Hudson says:

    Hamudhapathi kiyanne itha honday kiyala ehenam???

  2. උඩවත්ත- ලන්ඩන් says:

    එංගලන්තයේ කෝවිඩ් රෝගය දරැණු ලෙස පැතිර යන වකවානුවේ ශ්‍රීලංකාවට කෝවිඩ් පැමිණ තිබුණෙ ඉතා සුළු වශයෙන්.

    ලන්ඩන් නුවර මිනිසුන් දහස් ගණනක් මිය යද්දී , අසාධ්‍ය ලෙඩුන් පමණක් රෝහල් ගත කරද්දී මා මුහුණු පොතේ ශ්‍රීලංකාවේ රෝගයට මුහුණ දී ඇති සාර්ථකත්වය ගැන උදම් ඇනුවා.
    ලංකාවේ සිටින මිතුරන් සමග වාද කලා.
    නමුත් දැන් තත්ත්වය අනුව ලංකාව මුහුණ පා ඇත්තේ එංගලන්තයේ තත්ත්වයෙන් 25% කටත් අඩු දරැණු තත්ත්වයක. නමුත් ශ්‍රීලංකා ආණ්ඩුව දරැණු ලෙස මෙය අනාගෙන. ලෙඩ්ඩු ගෙවල්වල මැරෙනවා. මූලාශ්‍රයක් නැති ලෙඩ්ඩු රට පුරා.
    එකල ශ්‍රීලංකා ආණ්ඩුව වර්ණනා කරමින් මා ජීවත්වන එංගලන්තයට ගැරහූ මා අද ගලේ පැහැරෑ බළලකුගේ තත්වයට වැටී ඇත.
    දූෂිත දේශපාලනය බලයට ගෙන ඒමට කඩේ ගිය මට මේවා හොද පාඩම්.

  3. පොඩි රාළහාමි says:

    බය වෙන්න ඕන නෑ කියන්නේ ගෙදර යද්දි කොරෝනා අරන් යන්න වෙනවානේ, හපොයි.

  4. Saman says:

    වැඩ කරන අපේ විරුවා… ඕයේ… 😂

  5. mali says:

    We all are same Mr Udawatte now Mahinda is silent nand Mahinda sulage is slowly vanishing.We all have become hopeless again as we are slowly getting slaves of muslim as Ali sabri is doing the game nicely deceiving Gota.

  6. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු පිහිටයි.

Main News