විග්නේෂ්වරන් කණ පුරා අහගනී…

November 8, 2020 at 4:40 pm | lanka C news
විග්නේෂ්වරන් කණ පුරා අහගනී…

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩ සටහනට සමගාමීව යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය යටිතල පහසුකම් කමිටුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධාත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී රැස්වීම ආරම්භයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රි සි.වි.විග්නේශ්වරම් මහතා පැවසූවේ පළාත් සභා ඡන්දය නොතියා රජය මැදිහත් වී උතුරේ සම්පූර්න බලය තහවුරු කිරිමට මේ කමිටුව පවත්වන්නේ දැයි ඇසීය. සංවර්ධන කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආයතන වලට නොදීම ගැටළුවක් බවත් මෙහිදී විග්නේශ්වරන් මහතා පැවසීය. ඔබලා මේ කරන්නේ මධ්‍යම ආණ්ඩුවට බලය ගැනීමට යැයිද පැවසීය.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊට පිළිතුරු ලබා දෙමින් පැවසූවේ මෙම රැස්වීම් මාලාවේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවගේ සංවර්ධනය බවයි. සංවර්ධන කටයුතු වලට බාධා කිරිම නුවණට හුරු දෙයක් නොවන බවත් මෙම රැස්වීම පවත්වන්නේ සංවර්ධනය පිළිබදව පමණක් බවත් මේ සදහා දේශපාලනය ගාව නොගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසූවේ සංවර්ධනය යනු ජනතාවට පොදු දෙයක් බවයි. සංවර්ධනය සමානව බෙදී යාමෙන් ඇති නැති පරතරය අවම වන බවත් අමාත්‍යවරයා පැවසීය. සංවර්ධන කටයුතු වලින් බලාපොරොත්තු වෙන්නේ ජනතා සුබසිද්ධිය මිසක් දේශපාලනය නොවන බවත් මෙම සංවර්ධන කමිටු රැස්වීම් පාර්ලිමේන්තුව කර නොගන්නා ලෙසත් අවධාරණය කලේය. අනෙක පළාත් සභා මැතිවරණය නොපැවැත්වූයේ ඔබතුමන්ලා හිටපු යහපාලන ආණ්ඩුව නේදැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව 2010 රජය කාලේ ඔය සියළු කාරනා යාපනයට ඉටු කලා. පාරවල් හැදුවා. පාසල් හැදුවා. විදුලිය ලබා දුන්නා. කෝච්චි පාර හදලා දුන්නා. කඳවුරුවල හිටපු ජනතාව නිවෙස්වල පදිංචි කලා. කරන්න පුළුවන් හැම දෙයක්ම කලා. නමුත් ඔබතුමාන්ලා අමාත්‍යධූරය දැරූ ආණ්ඩුවෙන් කිසිදු දෙයක් යාපනේ ජනතාවට ඉටු කරලා නෑ. ඒ නිසා ජනතාවට අපි ගැන විශ්වාස ඇති.අපි මේ වසර පහේදී තවදුරටත් සංවර්ධන කටයුතු කරනවා යැයිද දැඩි ලෙස ප්‍රකාශ කලේය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

71,547 views

8 Comments to “විග්නේෂ්වරන් කණ පුරා අහගනී…”

  1. රාජිත says:

    බොරැවෙන් විරයො වෙන්න හදන මේ වගේ කාලකන්නි බාර් අයිතිකාරයන්ට ස්වභාවධර්මයෙන්ම පඩිසන් දිපල්ලා..

    • Dubba says:

      අනේ ගොන්ජගේ වගේ මුගේ කට ඇද වෙනවා බලන්න මන් විතරද ආස ?

    • ගමයා says:

      දැන් තේරෙනවා නේද පළාත් සභාවල භායනක කම. පළාත්සභා නැති නිසා දැන් මද්යම රජයට සංවර්ධන කටයුතු කරන්න පුළුවන්, බැරිවෙලාවත් පළාත්සභා තිබුනානම් එහෙම කරන්න බැ. පලාත්සභාවෙන් තමයි ඒ ඒ පලාත්වල සංවර්ධන කටයුතු කරන්නේ. එනිසා කරුණාකරලා පළාත්සභා චන්දය තියන්න එපා. තිබ්බොත් රටේ ආයෙත් ජාතිවාදී ප්‍රශනයක් එනවා. හිඟන්නාගේ තුවාලේ වගේ කරගන්න බලාගන පළාත්සභා අය තිබ්බොත් ඊළඟ චන්දෙන් සොරිම තමයි.

  2. free says:

    Johnya ko umbey nagaradhipathiya? Pakaya aanduwa maaru una dawasaka tho belley wela daaganin. Nethnam thota eka bullet ekai pakaya🙄🙄🙄😡😡😡😡😡😡

  3. Adala na says:

    Ai danne na ara hama magulatama hota dana gon criminal lai Kanthara palagatiyai anik gon puthanoge i lapa kumara gei henchayyo tika parakku.Dapan mekatath comment ekak mokak hari hithala.Ubalata salli gewanne nikn inna newe.Comment karapan

  4. කාන්තාර පළඟැටියා says:

    මොනවා උනත් ජොනීට වඩා විගියා උගතෙක් මොල කාරයෙක්… තමන්ගේ එවුන් වෙනුවෙන් “අවංකව” පෙනී සිටින්නෙක්

    • Hee hee hee says:

      පලගැටියට පකනිල් පෙවිලද?
      විගියා කවදද දෙමල මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියෙ
      මිනිහ කවදත් කලේ දෙමල මිනිස්සු වෙනුවෙන් පෙනී හිටිනවා කිය කිය තමන්ට වැඩ කරගත්ත එක විතරයි

    • නැතිව නැතිව. අනේ තෝ කැනඩා වට වෙලා ගංජා සුරුට්ටුවක් ඇදගෙන නයි දමදමා හිටපන්. ලංකාවේ උන් තොගේ විගී ගැන හොදට දන්නවා. මහලොකු උගත් කම. කොලේට පමණයි.

Main News