කොරෝනා සෞඛ්‍ය නීති කැලේ.. දීපාවලිය ජයටම ගන්න සෙනග පොරකති..

November 12, 2020 at 6:28 am | lanka C news
කොරෝනා සෞඛ්‍ය නීති කැලේ.. දීපාවලිය ජයටම ගන්න සෙනග පොරකති..

නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 40කට ආසන්න පිරිසක් හදුනාගෙන තිබියදිත් එළඹෙන දිපාවලි උත්සවයට භාණ්ඩ මිල දි ගැනිමට හැටන් නගරයට විශාල පිරිසක් පැමිණ සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පුද්ගල දුරස්ථභාවය රදා පවත්වා ගනිමින් නිරෝධායන සෞඛ්‍යය උපදෙස් වලට අනුකුලව ව්‍යාපාර කටයුතු සිදු කරන ලෙසට උපදෙස් ලබා දි තිබියදිත් හැටන් නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් එම උපදෙස් නොපිලිපදිමින් තම ව්‍යාපාර කටයුතු සිදු කරන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

(10) දින මධ්‍යම රාත්‍රියේ සිට සුදු සිනි කිලෝවක් රු 85 ක පාලන මිලක් යටතේ පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙසට රජය මගින් ඉල්ලිමක් සිදු කලත් , එම පාලන මිලට තමන්ට සිනි නිකුත් කිරිමට නොහැකි බවයි වෙලදුන් කියා සිටින්නේ.

පාරිභෝගිකයන් කියා සිටින්නේ හැටන් නගරයේ කිසිදු ස්ථානයක රු 85 පාලන මිලකට සුදු සිනි මිල දි ගැනිමට නොහැකි බවයි.

දිපවාලි උත්සවය මේ මස 14 දිනට යෙදි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

32,298 views

8 Comments to “කොරෝනා සෞඛ්‍ය නීති කැලේ.. දීපාවලිය ජයටම ගන්න සෙනග පොරකති..”

  1. Mr එච් යු කන්නා says:

    අර තොණ්ඩමන්ගේ රාජකීය අවමගුල වෙලාවේ මාසක් කියලා මෙලෝ දෙයක් දන්නේවත් නැතුව මිනිස්සු පොරකෑවේ, කවුද ලොකු කෙනෙක් ගිහින් නිරෝධායන නීති කඩලා එක එක්කෙනා බාදාගත්තේ. ඒවා එතකොට ඕකේ වෙන්න ඇති. මිනිස්සු දීපවාලී නෙමේ කන්න නැතුව හෙට අනිද්දා මැරෙන්නේ. මේ කාලකන්නි පාලකයෝ අඩුම තරමින් දුප්පත් මිනිස්සුන්ට හාල් ටික බෙදාගන්න තරම්වත් අසමත් වෙලා.

  2. Hudson says:

    If they allowed Thondamans funeral, why not?

    • සුදුපරවියා says:

      දෙමළ ජාතියේ සංහිදියාව රැකීමට ඔවුන් කොරෝනා නීති කඩ කිරීමට විරුද්ධව නීතිමය පියවරක් නොගනී ..ඒක තමයි අපේ දේශපාලකයින්ට කොන්දක් නැහැ කියන්නේ .. තොන්ඩමන්ගේ මළසිරුර අපේ පාර්ලිමේන්තුවේ තබා තිබියදී වසා තිබුනේ ඉන්දියන් කොඩියෙන් ..එය කොතරම් රටට ලජ්ජාවක්ද ?ඔවුන් ජිවත් වන්නේ මැරෙන්නේ අපේ රටේ එත් කඩේ යන්නේ ඉන්දියාවට… ඔවුන්ට ගෞරව කරන්නේ අපේ රටේ දේශපාලකයෝ …කොතරම් වහල් භාවයක් සුලුජාතික දේශපාලකයින් කෙරෙහි දක්වනවද ?රටේ දියුණුවක් නැත්තේ එනිසයි .

  3. Baba says:

    අනේ ජනාදිපති තුමෙනි පාලන මිලට කියා බඩු කියක් ගැසට් කලාද, එක බඩුවක් ගන්න පුළුවන් උනාද, අද එළවලු වලින් පාරිබෝගිකයෝ කී දෙනක් වෙළෙන්දෝ සුරගන කනවද මීට නිසි පිළිවලක් නැනේ. අවදානය ඔබ තුමාට.

  4. මයික් පොම්පියෝ says:

    මේ මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ.. මේ විධිහට අවධානම් විධිහට පැතිරෙන්න මුල ද්විත්ව පුරවැසි වගන්තිය සම්මත කරගැනීම වෙනුවෙන් ඇඳිරිනීතිය දමන්න කල්මරපු ආණ්ඩුවේ සහෝදර හිතවාදී ප්‍රතිපත්තියයි

  5. ක්‍රිමිනල් says:

    දැන් මාධ්‍ය සාකාච්චාවක් තියලා මේ මිනිස්සුන්ගේ පළු අරී , හැබැයි එදා තොන්ඩගේ උලව් ගේ වෙලාවේ හිටියේ නිදාගෙන , අගමැති තුමාත් ගජ රාමෙට මහන්සී උනානේ ඒ දවස්වල තොණ්ඩගේ උලව් ගේ උත්සවශ්‍රීයෙන් සමරන්න.

    ඉහලින් ආදර්ශය සපයන්නැතුව මොන තරං පම්පෝරී ගැහුවත් වැඩක් නෑ , මාධ්‍ය ගණිකා වුර්තීයේ යොදොලා කොවිඩ්19 මර්ධනය කරන්න බෑ වගේම එදා වේල ටූවර්ස් ඇදලා රට මේ වියසනයෙන් ගොඩදාගන්නත් බෑ. පලමු රැල්ලෙන් පස්සේ මෙගොල්ලෝ ශැම්පේන් බීලා කැවියා’ර් ගිලලා , ඔහේ බලං හිටියා ,දැන් දෙකොන ෆයර් වෙලා විකාරයක් කරනවා.

  6. නිමල් says:

    අනේ තොපි ආවා කියල කරන අට මගලයක් නැහැ. තොපි ඔක්කෝම තොපි ගැන හිතන ඒඋන් . පර බල්ලා..මෙන්න මිනී වලින් බලය අල්ලන්න ඉන්න පර බල්ලෝ

    • sunimal says:

      කොළ රතු නිල් මොන පාට වුනත් , හැම දේශපාලන පක්ෂයක්ම කරන්නේ බලයට ආවිට ඔවුන්ට අවශ්‍ය දේවල් කරගැනීම ..පාලන කාලයේ ඔවුන් හිතන්නේ ඔවුන් ගැන පමණයි ..ඔවුන්ගේ පාලන කාලයේදී හැකි තරම් මුදල් හම්බ කර ගන්නවා …ඊට පසු පැරදුනාම දිනපු පක්ෂයේ වැරදි හොයනවා රට හැම දාම අගාදයේ

Main News