කොරෝනා ආසාදිතයෙක් කළුතර සිට අලුත්ගම තෙක් විවාහ මංගල්‍ය උත්සවයකට ආරාධනා බෙදන්න ගිහින්..

November 12, 2020 at 8:40 am | lanka C news
කොරෝනා ආසාදිතයෙක් කළුතර සිට අලුත්ගම තෙක් විවාහ මංගල්‍ය උත්සවයකට ආරාධනා බෙදන්න ගිහින්..

කළුතර පන්විල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයකු අලුත්ගම පොලිස් බලප්‍රදේශයට අයත් පාදාගොඩ හා ගල්හේනේ ඥාතීන් සිටින නිවාස 9 කට විවාහ මංගල උත්සවයකට ආරාධනා කිරීමට පැමිණීම හේතුවෙන් එම නිවාසවල වාසය කරන පුද්ගලයන් 50 දෙනෙකුට ආසන්න පිරිසක් (11) දින සන්ධ්‍යාවේ සිට දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් කල බව බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක එච්, පී. ජයනාත මහතා පැවසීය.

මෙලෙස පැමිණ ඇති ආසාධිත පුද්ගලයා දින කිහිපයකට පෙර පී. සී. ආර් පරීක්ෂණයට ලක් කළ අයෙකු බවත් එම පරීක්ෂණයේ ප්‍රතිපලවලින් ඔහු කොරෝනා ආසාදිතයකු බව ( 11 ) අණාවරනය වී ඇත.

නිරෝධායනයට ලක් කල පාදාගොඩ හා ගල්හේන ග්‍රාමවල පදිංචි පිරිස අතර පයාගල පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකු හා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීවරයකුද සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය .

මෙලෙස නිරෝධායනයට ලක් කල පුද්ගලයන් දෙදෙනකුට අයත් වෙළෙඳ සැල් දෙකක්ද වසා දැමීමට කටයුතු කර ඇතැයි ද කියයි.

කිසියම් පුද්ගලයකු පී.සී. ආර් පරීක්ෂණයට භාජනය කර ස්වයං නිරෝධායනයට ලක්කර තිබියදී ප්‍රදේශයෙන් ප්‍රදේශයකට සංචරණය කිරීම නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක් බව සෞඛ්‍යය අංශ පෙන්වා දෙයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

23,843 views

4 Comments to “කොරෝනා ආසාදිතයෙක් කළුතර සිට අලුත්ගම තෙක් විවාහ මංගල්‍ය උත්සවයකට ආරාධනා බෙදන්න ගිහින්..”

  1. අජානීය ඉස්කූටර් says:

    මුලින්ම ඇඳිරිනීතිය දැම්මානම් මේ හෙනපතය පාත්වෙන්නෙ නෑනේ. ඇමෙරිකන් මොඩලයට ලංකාවේ කොරෝනා පාලනය කරන්න ගියා. ද්විත්ව පුරවැසියගේ මැදිහත්වීමක් නොවෙනකම් කොරෝනා මර්ධන වැඩපිළිවෙල සාර්ථකව කෙරුනා. ඒත් ද්විත්ව පුරවැසියා වැඩේට අත ගැහුව දවසේපටන් වගතුවක් උනේ නෑ.

  2. පසුවකල පරීක්ෂාව says:

    දැන් ඉතින් නිතරම “පසුව කල පරීක්ෂාව” ගැන අහන්න වෙනවා. හූනියම් කලගෙඩි ගංගා වලට අතහරින්න කලින් දැන ගන්න ඕනෑ මිසදිටු වැඩවලින් සිදුවෙන්නෙ තේරුමක් නැති අයහපතක් බව. ගියපාරත් ගෙදර යන්න මුල් උනේ අංජනම් කාරයොයි, කේන්දරකාරයොයි , ජෝතිශ්‍ය කාරයොයි වගේ තක්කඩි.

  3. Banda says:

    A classic example of what happens when people don’t take the situation seriously. Its high time the government issues controls on these functions which should be for the entire country.

  4. සනත් ඉතාලිය says:

    නොදෝමකින් මෙහෙමත් කාලකන්නි . මේව හැමෝගෙම වැරදි . අඩුගානේ පී.සී.ආර් පරීක්ශනයක් කල පුද්ගලයකු ප්‍රතිපල ලැබෙනතුරු අනිවාර්යයෙන් නීරෝදායන කලයුතුයි . අවම පැය 24ක් හා උපරිම පැය 72ක් ඇතුලත ප්‍රතිපල ලබාදිය යුතුයි . පරීක්ශාවට බාජනය වූ පුද්ගලය තමාගේ සමාජ වගකීම දරාගෙන ඔහු එම කාලය ස්වයං නීරෝදායනය විවියයුතුයි. මේ දෙකම හරියට නොකරන උන්ගෙ ශිශ්නය කපා පරපුර බිහිකරන එක නැවැත්විය යුතුයි. මොකද මුන් සමාජෙට කොරෝනාවට වඩා භයානක වයිරසයක්

Main News