කුඹුරට ගිය ගොවියා මගදී මිය යයි…
November 13, 2020 at 8:40 am | lanka C news
මුලතිව් විශ්වමඩු ඉලංකෝපුරම් ප්රදේශයේ පිහිටි කුඹුරු යායක තිබී මළ සිරුරක් හමු වූ බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
අදාල මළ සිරුර කුඹුරට ගිය තවත් ගොවියෙකු දැක ඒ බව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් අදාල ස්ථානයට ගොස් මළ සිරුර පරික්ෂා කරන ලදි.
එලෙසින් හමුවූ මළසිරුර මිය ගොස් ඇත්තේ ඉලංකෝපුරම් ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි තිදරු පියෙකු වූ මාරිමුත්තු සුධාකරන් නැමති ගොවියෙකු බවට හඳුනාගනු ලැබීය.
මිය ගොස් ඇති පුද්ගලයා ඊට පෙර දින රාත්රියේ කුඹුරට ගොස් අති අතර මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම හදීසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ