කොරෝනා නිසා වරාය අඩපණයි.. වරායෙන් පිට නෞකා පෝලිමක්..

November 13, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා නිසා වරාය අඩපණයි.. වරායෙන් පිට නෞකා පෝලිමක්..

කොළඹ වරාය සේවකයන් ගණනාවකටම කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු සැලකිය යුතු මට්ටමකින් අඩාල වී තිබේ.

මේ හේතුවෙන් වරාය මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා විශ්‍රාම ගොස් සිටින වරාය සේවකයන් යළි සේවයට කැඳවීමට සොයා බලන බව වරාය සභාපති දයා රත්නායක මහතා සඳහන් කරයි.

කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා විශාල ප්‍රමාණයක් වරාය පිටත නැංගුරම් ලා ඇත්තේ ද මෙහෙයුම් ප්‍රමාද වීමේ හේතුවෙනි.

වරාය සභාපතිවරයා සඳහන් කරන්නේ බහාලූම් ගොඩබෑම යම් ප්‍රමාදයක් ඇති බව සත්‍ය නමුත් එය හැකිතාක් අවම කර ගැනීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.

වරාය සේවකයන් වැඩි පිරිසක් කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල පදිංචි කරැවන් බවත් ඔවුන් දැනට වෛරස ආසාදන වී හෝ නිරෝදායනයට ලක් කර තිබීම මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඔහු කියා සිටියේය.

22,223 views

6 Comments to “කොරෝනා නිසා වරාය අඩපණයි.. වරායෙන් පිට නෞකා පෝලිමක්..”

  1. Dora says:

    Important to note
    Using older retirees you are putting their lives at risk … instead .
    train suitable unemployed Persons on a temporary basis to do the work.
    Quarantine all 2nd contacts too.
    Close port for half a day and the .. disinfect the port

  2. අජානීය ඉස්කූටර් says:

    මේ ගැන ඊයේ පාර්ලිමේන්තුවෙ මරක්කල මන්ත්‍රී කෙනෙක් කියද්දි ආණ්ඩුවෙ අය කිව්වා එහෙම ප්‍රශ්න නෑමයි කියලා… පුදුම නෑමක් ඉස්සරහට නාගන්න බව දැන් අපිට පේනවා..

  3. Love nature says:

    වරායේ සේවකයන් මත්පැනින් බේරා ගමු. වැඩි පිරිසක් වැඩ නිමකල වහාම යන්නේ තැබා රුමට.

    • බකට් හැරී says:

      ඔහේ පුළුවන් නම් ඕවා වරායට ගිහින් කියලා බලනවා… ඔහේට ඉන්න වෙන්නෙ ගැඹුරු මුහුදේ

  4. Godaya says:

    ඒ උනාට තාම සමාජ ගත වෙලා නැහැ නේ .

  5. නොකළ හැක හැක හැක නොමැත says:

    වහාම වරාය අධිකාරිය හමුදාකරණය කරමු. සභාපති තුමාටත් එක ඉතා ලේසි වෙයි.
    එවිට මේ සියලු ප්‍රශ්න අහවරයි. වරායේ ඉන්න හු එන පි බත් ගොට්ටෝ එක්ක මේක කරන්න බැහැ .
    බැරිම නම් ඉන්දියාවෙන් සෙට් එකක් ගෙනත් බස්සමු.

Leave a Comment

Main News