බැසිල් රටට අවශ්‍ය නායකයෙක්.. රට හදන්න ඔහු පාර්ලිමේන්තු ආ යුතුමයි..

November 14, 2020 at 3:50 pm | lanka C news
බැසිල් රටට අවශ්‍ය නායකයෙක්.. රට හදන්න ඔහු පාර්ලිමේන්තු ආ යුතුමයි..

බැසිල් රාජපක්ෂ මහතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ වෙන්නප්පුව තබ්බෝව කොස්වත්ත, බෝතලේගම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට අද (14) දින සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

‘පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ සියලු දෙනා පැහැදිලිව පිළිගන්නවා බැසිල් රාජපක්ෂ මහතා රටටම අවශ්‍ය නායකයෙක් කියලා. එතුමගේ තියෙන දැනුම, අද්දැකීම්, ක්‍රියාශීලී දායකත්වය, දේශීය හා විදේශීය වශයෙන් තියෙන සම්බන්ධතා උපයෝගී කොටගෙන ආර්ථිකය, ජන ජීවිත දියුණු කිරීමට වගේම, රට හදන්න එතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියන තැන තමා පසුපෙළ වගේම අපි සියලු දෙනාම ඉන්නේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයතු ඉතාමත් හොදින් කරගෙන යනවා. එම පරික්ෂණ කටයුතු හොදින් කරගෙන යනවා කියලා අපේ කාදිනල් හිමිපාණන් පවා පිළිගෙන තිබෙනවා. කොමිෂන් වාර්තාව ලබාදුන්න ගමන් ඒ සඳහා නිත්‍යානුකූල පියවර ගැනීමට තමා අපි ආණ්ඩුවක් වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ.

කොවිඩ් 19 වැඩිවෙනකෙට ජනතාව ආරක්ෂා කර ගැනීමට පහසුවෙන් හා අඩු වියදමකින් කරන්න පුළුවන් දේ තමා ඇන්ටිජන් කට්ටල ගෙන්නලා ජනතාව පරීක්ෂා කරන එක. එමගින් කොවිඩ් 19 ට ගොදුරු වෙලාද නැතිද කියලා බලන එක. එවැනි පහසු ක්‍රමයකට බලන්න තියෙන උපකරණ ගේන එකට ඇයි විපක්ෂය විරුද්ධ වෙන්නෙ. විපක්ෂයට පැහැදිලිව ඕනේ වෙලා තියෙන්නෙ කොවිඩ් වැඩි වෙලා, මිනිස්සු මැරිලා, ආර්ථිකය විනාශ වෙලා, කඩවල් වැහිලා තියෙනවට. එමගින් විපක්ෂයට බලයට එන්න පුළුවන් වෙයි කියලා තමා බලාපොරොත්තු වෙන්නෙ.

එහෙම නැතිව රටක් විදිහට හිතලා, ආර්ථිකය ගැන හිතලා, ජනතාව ගැන හිතලා කටයුතු කරන්නෙ නැහැ. මොකද මේ පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තියෙන්නෙ ඔක්තෝම්බර් මාසයේ. ඒක අනුමත කරපු ගමන් ඉතා ඉක්මනින් ලංකාවට ගේන්න ඕනේ. එහෙම කළොත් තමා රටේ ජනතාව බේරගන්න පුළුවන්. ඒකට බාධා කරන එක තමා එයාලා කරන්නේ. පැහැදිලිව කියන්න ඕනේ සමහර ඖෂධ සමගාම් තමා එයාලා පිටිපස්සේ ඉන්නේ’ යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– media unit

34,684 views

22 Comments to “බැසිල් රටට අවශ්‍ය නායකයෙක්.. රට හදන්න ඔහු පාර්ලිමේන්තු ආ යුතුමයි..”

  1. ක්‍රිමිනල් says:

    ඇයි බන් බෛයො මෙච්චරටම උන්ගෙම උන් කුජීත කරන්නේ ? කෝ මේ වීරමංකී පේන්නත් නෑ….😂😂😂😂

  2. Citizen says:

    මෙම ප්‍රකාශය ලබා දිය යුතුව තිබුණේ ගෞරවනීය දේශපාලනයන් විසින් , නොව ලන්සා (කේ) සහ රණවීර (මාටි) යාලුවනේ .සමහර අපද්‍රව්‍ය, මිනිසුන් සිතුවේ මෙම මෝඩයන්ට යමක් කළ හැකි බවත් එහිදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බවත් ය. 😀😋😋

  3. Citizen says:

    the statement should have given by respectable politicians not Lansa (k) & Ranaweera ( Mati ) guys .Waste of votes , people thought these idiots can do something and cast there vote , now there saying Basil is the guy for the job what joke 😀😁😀😋😋

  4. Sam Fernando says:

    නිමල් ලන්සා මහත්තයෝ, අරන් ගිහිල්ලා තියාගන්නවා තමුන්ගේ ගෙදර. උඹලා වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට පත් කරලා යවපු අපි තමයි මෝඩයෝ.අපට හොඳට මතකයි මහින්ද පැරදුනාට පස්සේ හොරෙන් බල බල එයාර්පෝට් එකෙන් පැනලා ගියපු හැටි. ඇයි ඒ මනුස්සයට ද්විත්ව පුරවැසිභාවය අයින්කරගෙන පාර්ලිමේන්තුවට එන්න බැරි?

  5. ගෙදර ගෙනිහින් ගෑනිට හුරතල් වෙන්න දීපන්. වට්ටක්කා .

  6. හික් හිහි හි හි says:

    මේක හරි විහිළුවක් නේ.
    ගෝඨාභය ජනාධිපති වෙන්න ඕන කිව්වා ඒක වුණා
    මහින්ද අගමැති වෙන්න ඕන කිව්වා ඒක වුණා
    පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඕන කිව්වා ඒකත් වුණා
    පළාත් පාලන ආයතන බහුතරයකුත් ම බලය තියෙනවා
    විසිවන සංශෝධනය ඕන කිව්වා ඒකත් වුණා
    දැන් බැසිල් වත් ඕනේ කියන්නේ වැඩ කරන්න බැරි එකාලට කෝඳුරු හත් පට්ටය කුයි තව ටික කූයි ඕන කිව්ව වගේ නේද.
    ඔහේලා ඇත්තටම ෆේ ල් මහත්තයෝ

  7. Kaki kalu says:

    😭🤮

  8. Buddhist says:

    Mona KUDU aran da meke kiwwe?

  9. meegomuge fernando says:

    meegomuwata inna lokuma ugatha…..—- hi hi

  10. Walpita says:

    අනේ බොල මී හරකෙක් වෙන්න එපා තොපි රටකන තරම මමදි වෙලාද තව තොපිලට වඩා හොදට රට කන එකෙක් ගේන්න හදන්නේ.

Main News